Pages

Wednesday, April 06, 2011

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම 
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 8 වෙනි සිකුරාදා ද සූර්ය වර්ෂය සඳහා මැයි මස 5 වෙනි බ්‍රහස්‌පතින්දා ද නව සඳ බැලීම මැනවි. 
පරණ අවුරුද්ද සඳහා ස්‌නානය 
අප්‍රේල් මස 13 වෙනි බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව 
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.01 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. 
පුණ්‍ය කාලය 
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 6.37 සිට රාත්‍රි 7.25 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වෙනි බ්‍රහස්‌පතින්දා පූර්ව භාග 6.37 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පහත දැක්‌වෙන අයුරු වැඩ ඇල්ලීම ගනුදෙනුකිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විදි ඉටු කිරීමද මැනවි. 
ආහාර පිසීම 
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්‌පතින්දා අපර භාග 01.06 ට රන්පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්‌ ද කැවිලි වර්ගයක්‌ ද පිලියෙල කර ගැනීම මැනවි. 
වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්‌පතින්දා අපරභාර 03.18 ට රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. 
හිසතෙල් ගෑම 
අප්‍රේල් මස 16 වෙනි සෙනසුරාදා පූර්ව භාග 7.41 ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳ පත් ද තබා නීල වර්ණ වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි. 
රැකී රක්‌ෂා සඳහා පිටත්ව යාම 
අප්‍රේල් මස 18 වෙනි සඳුදා පූර්ව භාග 6.28 ට සුදු පැහැදි වස්‌ත්‍රාභරණයෙන් සැරසී බත් සහ දීකිරි මිශ්‍ර ආහාරයක්‌ අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි. 
(සියලු නැකැත් වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් සාදාන ලදී. )