උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කළ සිත ළඟ සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම
නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුණෙ මගේ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
එදා තුªරුලු වී මට දුන් මධුමල් සුවඳ
සදා සිහිකරයි වැටකෙයි ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුළැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ගිනිළුවා හදවත
පද රචනය – ප්‍රසන්න කුමාර දම්මලගේ
සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගායනය – චාමර වීරසිංහ
අපේ සංගීත ක්ෂේත්‍රයේ දිදුලන විවිධ හැඩතලවලින් යුත් “ගී මුතු” මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන අතර මෙවර මතු බලාපොරොත්තු තැබිය
හැකි නවක ගීත පද රචකයෙකු පද ඇමුණු ගී මුතු වැලක් ඉදිරිපත් කරන්නෙමු. ගායන ශිල්පි චාමර වීරසිංහ ගයන ”උස්සන්ගොඩ කඳු මුදුනට” එම ගී මුතු වැලයි. ගී පද රචකයා ප්‍රසන්න කුමාර දම්මලගේය.
”අතීත මතකය” (රොෂාන් ප්‍රනාන්දු) සහ “සිරිපා මළුවේ” (දමිත් අසංක) වැනි නිතර ඇහෙන ගී මෙන්ම රෝස් අලගියවන්න, නිමල් රංජිත්, ඉඳුනිල් අන්ද්‍රමාන, දිනිඳු, නදීශාන් වැනි නව පරපුරේ ගායක ගායිකාවන් ගයන ගීත කිහිපයක්ම දැනට පද රචනය කර ඇති ප්‍රසන්න අපගේ අංකුර ගී පද රචකයන් කීප දෙනා අතර විශේෂ වන්නේ ඔහු විවිධ පැතිකඩ ඔස්සේ ගීත ලියන්නට දරන උත්සාහය නිසා ය.
Read more
”මේ ගීත සංකල්පනාවට ඇතුළත් වූ ප්‍රේමය පිළිබඳ බොහෝ දුරට මගේ සිතේ පැළපැදියම් වුණේ ගමේ මුහුදු වෙරළේ පෙම්වතුන්ව දැකීමෙනුයි. ප්‍රේම ගීතයකින් ගීත ශ්‍රාවකයන්ගේ සිත්වලට සමීප වීමට පහසු නිසා ප්‍රේමය පසුබිම් කරගෙන ගීතය පද රචනය කළත් මට මෙහිදී ඕනෑ කළේ මගේ ගමේ උස්සන්ගොඩ නමැති ස්ථානය රටටම හඳුන්වාදීමටයි.
අපේ ගමේ පිහිටි උස්සන්ගොඩ කඳු මුදුන සුන්දර ස්ථානයක්. මේ ගීතය මම ලියා රොෂාන් ප්‍රනාන්දුට දුන්නා. ඔහු තනු නිර්මාණය කර චාමර වීරසිංහ ගීතය ගායනා කළාට පසුව මගේ දුප්පත් ගමේ උස්සන්ගොඩ නැරඹීමට පවා පිරිස් පැමිණෙන්න පටන් ගත්තා.
අද උස්සන්ගොඩ බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ යි. මගේ පද රචනයෙන් මෙම ස්ථානයට වටිනාකමක්, අගයක් ලබා දීමට හැකි වීම ගීත පද රචනය ඉක්මවා යෑමට හැකි වීමක් ලෙස මං විශ්වාස කරනවා. ගී පද රචකයෙකු ලෙස මා දැරූ වෑයම සාර්ථක වී ඇති බව මෙම ගීතය ජනපි‍්‍රය වීමෙන් මට හැඟී යනවා.”
”මෙම ගීතය නිර්මාණය කිරීමේදී දායක වූ රොෂාන් ප්‍රනාන්දුගේ මියුරු තනුවත් චාමර වීරසිංහගේ ළයාන්විත ගායන විලාසයත් නිසා තම පද රචනය වඩාත් අර්ථවත්, රසවත් ගීතයක් වී ඇතැයි ප්‍රසන්න වැඩිදුරටත් පැවසුවේ සොම්නස් සිතින් ය.”