Pages

Sunday, July 29, 2012

Life Time Achievement Awards (Journalism Awards for Excellence)

Five senior journalists will receive the Distinguished Service Award for Journalism in Sri Lanka at the 13th Edition of the Journalism Awards for Excellence Ceremony on Tuesday, July 31 at 7 pm in the Empire Ballroom of the Mt. Lavinia Hotel.

They are:

* Mr. D. C. A. (Bernie) Wijesekera joined the Times of Ceylon newspaper of the Times Group in 1954 as a Proof Reader and worked until 1958. He was re-appointed a journalist of the Times of Ceylon in 1959. He joined The Sunday Times of Wijeya Group in 1996 and continues as a senior journalist.

* Mr. Kandiah Nithyanandan started his media career as a proof reader in the Virakesari newspaper in 1961. While proof reading, he also tried his hand at drawing cartoons. He was editor overseeing upcountry news page, editor for the evening edition of Virakesari’s sister newspaper Mithran Varamalar and editor politics and features.

* Ms. Sybil Wettasinghe hails from Gintota Galle. In 1952, Sybil joined Lake House and worked for the Janatha tabloid newspaper as a children’s artist and writer. She contributed to all the newspapers in Lake House as journalist and artist.

In 1983 Sybil resumed working in the Wijaya Newspapers. In 1986 Upali Newspapers invited her to inaugurate a children’s newspaper. She was the pioneer editor of Bindu.

* Mr. S. Hewage Chithrananda was born on July 31, 1945. He started his career as a freelance photographer at Davasa newspaper in 1966. He was also employed at Udaya Newspaper. He joined the Times Group in 1973 as a freelance photographer and worked as a Provincial Photographer and later as the Chief Photographer.

After the closure of the Times Group, he joined Lake House and was appointed Photo Editor. He retired from Lake House in 2002 and started his own studio.

* Mr. Sunil Madawa Premathilaka is an old Anandian. He joined Silumina Newspapers as a very young journalist. During his 19-years service at Lake House he served as the Features Editor and the Assistant Editor. When the Divaina newspaper was started he resigned from Lake House and joined Divaina as the Features Editor. He is also Editor of Lakmina Newspaper. He is also a founder member of the Free Media Movement.

Restitution vs apology in forgiveness

People are more likely to show forgiving behaviour if they receive restitution, but they are more prone to report they have forgiven if they get an apology, according to new research.

The study underscores the importance of both restitution and apology and of using multiple measures for forgiveness, including behaviour, said Jo-Ann Tsang, an associate professor of psychology and neuroscience.

“One of the main reasons for using behavioural measures in addition to self-reporting by individuals is that they can make themselves look better by only self-reporting, although they don't necessarily intend to lie,” she said. “And it may be that ‘I forgive you’ is a more conscious feeling if they receive an apology.”

In the study, 136 undergraduate psychology students were stationed in individual cubicles and told that raffle tickets for a $50 gift card would be given out in three rounds, with 10 tickets per round to be divided between a participant and a unknown “partner.” They also were told they might receive a note from the partner.

In the first round, participants were given only two of the 10 tickets split between them and their partners; in the second, they got nine. Some were told the distributions were made by the partner; others were told it was by chance.

Some participants received an apology note from their partners on the second round, saying, “Sorry about that first round. I got carried away, and I feel really bad that I did that.” Some participants also received raffle tickets back from their partners in the second round, a form of restitution.

In the last round, the participants were given the chance to be in charge of distributions themselves. Researchers examined the links between apology, restitution, empathy and forgiveness, measuring forgiveness in two ways: Through behaviour (how many raffle tickets participants gave to their partners on the third round); and self-reporting on a questionnaire, with participants telling how highly they rated their motivation to forgive.

Researchers wrote that “making amends can facilitative forgiveness, but not all amends can fully compensate for offenses.” Apology may be needed to repair damage fully, but it may be a “silent forgiveness,” while restitution without apology may lead to a “hollow forgiveness” in which the offenders are treated better but not necessarily forgiven.

“The results suggest that if transgressors seek both psychological and interpersonal forgiveness from their victims, they must pair their apologies with restitution,” they wrote.

“Apparently, actions and words speak loudest in concert.”

- psychone.net

MIB 3 A Trilogy That Worked

Courtesy - The Sunday Leader By Sohail Jamudeen
I will admit that I have a tendency to be biased against movies with the number ‘3’ in the title. If there’s ever a dead giveaway that all imagination has been sapped from a movie, it’s that second sequel.
Sure, the filmmaker can say, “Oh, I planned to make it a trilogy all along.” Tell me another.
There are exceptions, but not many of them. Still, I’m willing to add ‘Men in Black 3’ to the very short list of third outings that actually work, better by far than the second film, perhaps even better than the first.
The director once again is Barry Sonnenfeld, but the key player here is one who isn’t even mentioned in the credits. While the writer of record is Etan Cohen, two other writers are listed on IMDB: David Koepp and Jeff Nathanson, both of whom have lengthy lists of strong films on their filmographies.
But, really, I don’t care who gets the credit, the point is that the script is better for this film than either of the previous two. The first one had the disadvantage of being an origin story: trying to tell an actual story, while introducing the universe of the comic books on which it was based. The second one was simply a rehash of the first with a slight twist, bigger special effects and weaker jokes.

නෙළන්න තහනම් මල්

''නෙළන්න බැරි මල් අතු අග 
කුමට පිපෙන්නේ”
ලැබෙන්නෙ නැති වස්තුවකට 
කිම හිතයන්නේ''

මිල්ටන් පෙරේරා මල් ගැන වරක් එසේ ගායනා කළේ ය. තවත් වරක් ඔහු ඒ ගැන කියන්නට ද අමතක කළේ නැත.

''දෙපිය නගා යන්නට බැරි
කටු අකුල් කැළේ
සසර වසන තුරු නුඹ
නොපිපියන් සුදු මලේ”


මල් තරම් සිංහල ගීතයට පසුබිම් වුණු තවත් වස්්තුවක් වේ නම් ඒ “සඳ” පමණයි. කාලයක් මල් වසංගතයක් ද සිංහල ගීතය පුරන් කළේ ය. එහෙත් මල් ගැන ලියවුණු නිර්මාණ අතර සදා සුවඳ දෙන නිර්මාණ ද නැතිවා නොවේ. සුනිල් ආරියරත්නයන් ගේ මේ පදමාලාව ඒ සඳහා එක් උදාහරණයක් පමණකි.

මේ මල වැටෙන් එහා පිපුණු මලකි. එසේ නම් එය අනුන්ගේ මල් වත්තකි. එහෙත් මේ මල අත පොවන මානයේ ය. ගන අඳුරින් වැසී නොපෙනී යන තුªරු ම එය දෑසට දිස්වෙයි. එහෙත් ඒ මල නෙළන්නට තහනම් ය. ඒ තහනම පැනවෙන්නේ සමාජ සංස්කෘතික නීති පද්ධතියකිනි. තමා ළඟින් ම සිටින එහෙත් තමන්ට සතු කරගන්නට නොහැකි තරුණියක පිළිබඳ රචකයා තම පරිකල්පනය මුදා හරිනුයේ ඒ ආකාරයෙනි. එහි සංකේතාත්මක වූ චිත්ත රූපයක් ද පවතී.

''වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනෙයි අත නුදුරේ
මිලින උණත් ගන අඳුරේ
මල් නෙළන්න නම් තහනම්”

අප ආදරය කරන ආසා කරන සියල්ල අපට ලබාගත නොහැකි ය. ඇතැම්විට ඒ ආසාවල් අවසන් වන්නේ සුසුම් ලෑමෙනි.

ඒ අපගේ ජීවිත උරුමයයි. කරුමයයි. මේ ගීතයේ කථකයා ද මුහුණ දෙන්නේ එබඳු අවාසනාවන්ත අත්දැකීමකටයි.

මුළු ලෝකයට හොරෙන් ඔහු මේ තහනම් හැඟීම අත්විඳියි. ඔහු සිතින් ඒ මල් සුවඳ වින්දනය කරයි. ඔහුගේ සිතුවිලි බාහිර ලෝකයට විවෘත බව නොවසා ඇති දොර කවුළුවෙන් සංකේතවත් වෙයි. එහෙත් මේ සුවඳ මල නෙළන්නට නොහැකිය. දිගු කරන අත ආපසු ඇදගන්නට ඔහුට සිදුවෙයි.

Thursday, July 26, 2012

ඔබ තරමට මා හැඬවූ වෙන කෙනෙක් නොමැත දියතේ...

ගීතය කවිය ඉක්මවා යන්නකි. එහෙත් කවියට තරම් අර්ථාලංකාර ගීයකට අවශ්‍ය නැත. පදමාලාව යම් තරමකට භාවාත්මක නම් සංගීතඥයාට හා ගායකයාට එයා ඔසවා තැබිය හැකි ය. මේ සඳහා කදිම නිදර්ශන සැපයිය හැකි වන්නේ කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලා වන්ගෙනි. එතුමන්ගේ පදමාලා සරල ය. මඳක් වාර්තාමය බවක් ද ඇත. එහෙත් භාවාත්මක ය. එය සංගීතයත් සමඟ යාව ජීව ලෙස බද්ධ වේ.

කරුණාරත්න අබේසේකරයන් වඩාත් අවධානය යොමු කරන්නේ ගීතයක ආරම්භක පද පේළි වෙතයි. එක් වර ම රසිකයාට ග්‍රහණය කළ හැකි පද පෙළක් එතුමෝ පෙළ ගස්වති. සමස්ත ගීතය ම මුල් දෙපදයේ රඳා පවතී.

“ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬ වූ
වෙන කෙනෙක් නොමැත දියතේ...

මින් ඉදිරියට තවත් කියන්නට දෙයක් ඉතිරි ව තිබේ ද? සැබවින් ම නැත. අවශ්‍ය වන්නේ ඌන පූර්ණයක් පමණි. අබේසේකරයන් ගේ මේ ප්‍රාතිහාර්යයෙන් ප්‍රමුදිත ගීත රචනා අජන්තා රණසිංහයන් ගේ සහ ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදමාලාවන්හි දක්නට හැකි ය.

මේ පද රචනයට පාදක වන පෙම්වතිය පෙම්වතා ගේ ජීවිතයට කෙතරම් සමීප ව සිටියා ද යන්න තවත් වචන කීපයකින් රචකයා ප්‍රකාශ කරයි.

“රස හැඟුම් වලට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙළී සිටිය සුරතේ...

ඔහුගේ රස හැඟුම් පෝෂණය කළේ ඇයයි. කොටින් ම අතීතයේ දී ඔහු සමඟ එතී සිටි වෙළී සිටි ඔහු ගේ ජීවිතය ඇයයි. වරෙක නැළවෙන්නටත් වරෙක හඬන්නටත් පාර හෙළි කළේ ද ඇයයි.

එහෙත් මේ මොහොතේ ඇය සිටිනුයේ ප්‍රේමය පිළිබඳ අවිනිශ්චිත වූ තීරණාත්මක මොහොතක් ගත කරමිනි. ඔහු සමඟ එක්වන්නට ඇයට කුමක් හෝ බාධාවක් පැමිණ තිබේ. මේ මොහොතේ ඇයට පැහැදිලි දැක්මක් නොමැත. රචකයාට අනුව ඇය කරුවල කුටියක කල්පනා ලොවක තනි වී හිඳින්නී ය. ඇගේ දෑස් ඔහු වෙත විවර වී නොමැති ය. පෙම්වතිය දෙලොවක් අතර අතරමං වී සිටින ආකාරය රචකයා චිත්‍රයට නඟයි.

“කරුවල කුටියක තනි වී
කල්පනා ලොවක මැදි වී
කිම දෙනෙත් පියා ඉන්නේ

ඇය ඔහුගේ සිත රිදවන වාරයක් පාසා ඔහුගේ සිත දහස් වාරයක් සැලී යයි.

Tuesday, July 24, 2012

The Mummy: Tomb of the Dragon Emperor

A dead end

Director Rob Cohen had dug up a third installation to The Mummy franchise in 2008’s action adventure The Mummy: Tomb of the Dragon Emperor.

This time the mummy is Emperor Han, a warrior who was a tyrant to all those in Asia. Having taken over all living beings his decides to conquer death. With this aim in mind he tracks down Zi Juan, a beautiful sorceress rumored to hold the secrets to immortality. After a few deceptive incidents and back stabbings Han and his army are cursed into be frozen for life as clay statues.

Enter the 20th century. The statues are now artifacts in the city museum and the O'Connell family makes it to the scene. As predicted they let the mummies loose and join forces with Juan's ancestors to stop Han from taking over the world once again and drinking from the Pool of Immortality.

The storyline too is problematic as Egyptian mythology merges with Asian folklore. You are confused about the origins of the tale as it seems to suggest that the Dragon Emperor is a cross between Asia and Africa.

Sunday, July 22, 2012

පෝසත්කම

හිමෙන් වැහිච්ච ඇන්ටාක්ටික් මහද්වීපෙ පිහගෙන එන සීතල සුළඟ ඕස්ට්‍රේලියාවේ මහා මෙල්බර්න් නුවරට ඇතුළු වෙනව. දැන් ? අටයි. ගිනි ගහන අව්ව අන්තිම හුස්ම ටික අරිනවත් එක්කම ළා කළුවරත් හෙමීට ඇතුළු වෙනව. නරේවොරන් දිහා ඉඳන් දුවන් එන අධිවේගී මහා මාර්ගයේ දෙපැත්තෙ පොල් ගස් වගේ කඳ මහතට එක යායට තියෙන ලාම්පු කණුවල මුදුනෙ තාර පාර දිහාට ඔළුව නැමිල තැඹිලි පාට ලයිට් පත්තු වෙලා තියෙනව. අධිවේගී පාර දිගේ එකක් එකක් අතර ඉඩ තියාගෙන ගෝසාවක් නැතුව එක පෙළට බිම බලාගෙන දුවන නැව් වගේ විසාල එක එක පාට වාහන පේළි වලාකුළු රැුල්ලක්වත් නැති තැඹිලි පාට ආකාසෙ එළියෙනුත් ලයිට් එළියෙනුත් ඒ පාටම වැටිල පේනව. විශාල චොක්ලට් පාට හෝල්ඩන් කාර් එක එළවගෙන කෝට්නි ජොන්සන් ගෙදර යනව.

එයාගෙ ගෙදර තියෙන බර කාවුන්ස්වික්වලට ඉස්සරහින් හැරෙන්න තියෙනව. අධිවේගී පාරෙන් පිට රවුම් පාරට ඇතුළු වෙන්න වළල්ලක් වගේ රවුමට තියෙන පාරෙන් කැරකි කැරකි වංගු අරන් එළියට එනව. එතැන පාරට ඉහළින් අහස උසට තියෙන විශාල චිතරපාරපට තිරයක් විතර විශාල කළු පාට ඩිජිටල් තිරයෙ ගිනි කන කහ පාට විශාල හතරැුස් අකුරින් දිගට හරහට එක එක දැන්වීම් වැටිල නිමිල පත්තු වෙනව.
''අවවාදයයි - මෙල්බර්න් ජල සීමා කිරීම් දෙවැනි අදියර පැමිණ තිබේ”''අවවාදයයි - මෙල්බර්න් ජල සීමා කිරීම් දෙවැනි අදියර පැමිණ තිබේ” එකම දැන්වීම නිවි නිවි ආයෙ ආයෙත් පත්තු වෙනවා.

''යාරා ගංගාවේ වතුර තවම වැඩිවෙලා නැතුව ඇති” කියල ජොන්සන් හිතනකොට කාර් එක පිට රවුම් පාරෙන් එළියට ඇවිත් එලිසබත් පාරට ඇතුළු වෙලත් ඉවරයි. අහසෙන් එල්ලෙන සිග්නල් ලයිට් පේළි පේළි පහුකරගෙන Duවිලි පොදක් නැති පාරෙ කාර් එක හෙමිට ඇදෙනව. වම් පැත්තෙත් දකුණු පැත්තෙත් කොන්කීරුකරට් තීරුවට එහායින් ගාණට කපාපු නිල් පාට තණ බිස්ස. ඊට එහායින් පයින් ඇවිදින්න හදපු මැදපු ගඩොල් අල්ලපු වේදිකාව. ඊට එහායින් පාට පාට මිටි තාප්ප, ඊට එහායින් පාර දිහා බලාගෙන ඉන්න පාට පාට රෝස මල් යාය. ඊටත් එහායින් වික්ටෝරියා, කැනේඩියානු එක එක තාලෙට වහල මුදුන් කරපු ගෙවල් පේළි ගණන්. එක ගේකට දෙක දෙක ගානේ නවත්තල තියෙන පාට පාට කාර් පහුකරගෙන ජොන්සන්ගෙ කාර් එක යනව.

ඔහොම ගිහිං ගිහිං පාර කෙළවර දකුණු පැත්තෙ තියෙන කහ පාට ගේට්ටුවෙන් කාර් එක ඇතුල් කරල බියටිරිහ ස්ගෙ රතු පාට හොන්ඩා කාර් එකට කිට්ටු කරල නවත්තනව. කාර් එකෙන් බැහැල එයා ගේ ඇතුළට යනව. එළියෙ ගිම්හානෙ ගිනි පිටවෙන රස්නෙ හන්දා ගේ ඇතුළෙ එයා කන්ඩිෂන් දාලා සීතලයි. රතු පාට මල් මල් ගවුම ඇඳල දුවගෙන ආපු බියටිරඇත ස් ''හායි ඩාලිං” කියල ජොන්සන්ගෙ තොල් ඉඹල ආපහු පැන්ටිර‍පායට දුවනව. අවන් එකේ ”පයි” එකක් බේක් වෙනව. ඒක බටහිර කෑමක්. ජොන්සන් නිදන කාමරේ විශාල සුදු ඇඳ උඩ වාඩිවෙලා සපත්තු, මේස් ඊළ`ගට ටයි, ෂර්ට්, කලිසම් ගලෝල කාමරේ ඇතුළෙම තියෙන බාත් රූම් එකට යනව.

බාත් රූම් එකේ වතුර මල තියෙන වීදුරු කූඩුව ඇතුළට ගිහිං ඒකේ බිත්තියේ ගහල තියෙන පුංචි ඩිජිටල් තිරේ නොම්බර ඔබල වතුරෙ උෂ්ණත්වය හදාගන්නව. ඊළඟට එයා තුවාය ගලෝල එහායින් තියෙන ටවල් රැුක් එකේ වනල රිදී පාට කරාමෙ අරිනව. පිඟන් ගඩොල් බිත්තියේ කරාමෙ තරමට උඩින් පැතලියට තියෙන සබන් බන්දේසිය උඩ පුංචි කුප්පියක් විතර ඩම් බෙල් එකක් තියෙනව. ඒක මුනින් අත නමපු වයින් වීදුරුවක අඩිය ගලෝල එතනට ආයෙමත් අඩිය ගලෝපු වයින් වීදුරුවක උඩ කෑල්ල උඩින් හයි කරා වගේ පේන උඩින් පළල් මැදින් හීනි ආයෙමත් යටින් පළල් වීදුරු කාල මානයක්. උඩින් කට වහපු ඒකෙ ඇතුළේ දාලා තියෙන නිල් පාට වැලි හීනි වෙච්ච වීදුරු බටේ දිගේ ගිහින් යට කොටසට පිරෙනව. ආපහු යට පැත්ත උඩට හැරෙව්වම ආපහු උඩ ඉඳල යටට පිරෙනව. එක ගමනක් පිරෙන්න විනාඩි එකහමාරක් යනව. ආපහු සැරයක් හැරෙව්වාම ආපහු පිරෙන්න තව විනාඩි එකහමාරක් යනව. යාරා ගංගාවේ වතුර අඩුවේගෙන යනකොට මෙල්බර්න්වල ජීවත් වෙන හැමෝටම වතුර පාවිච්චිය සීමා කරන්න කියල ආණ්ඩුව අනතුරු අඟවනව. ජල සීමාව තුන්වැනි පියවරට එනකොට කෙනකුට ගෙදරක වතුර පාවිච්චි කරන්න නීතියෙන් අවසර තියෙන්නෙ දවසකට ලීටර් 150 ක් විතරයි. ඒ කියන්නේ නාන්න, මූණ හෝදන්න, කන්න බොන්න, වැසිකිළි යන්න, රෙදි සෝදන්න ඔක්කොම වැඩට එක්නෙකුට දවසකට වතුර බාල්දි 30 ක් විතරයි හම්බ වෙන්නෙ. ඒ කාලෙට මල් ගස්වලට උනත් වතුර දාන්න දෙන්නෙ දවසක් ඇර දවසක්. ඒකත් වතුර මලක් හයි කරපු කෑන් එකකින්. නාන කාමරේ සබන් බන්දේසිය උඩ තියෙන පුංචි ඩම් බෙල් එකත් නානකොට මැනල නාන්න කියල ආණ්ඩුවෙන් හැම ගෙදරකටම දීල තියෙන එකක්.

පොරොන්දු වූ පරිදි මා බලා හිඳිමි මුණගැහෙන්න ආදරෙන්...

වසන්තය... හරිම සුන්දරයි... ගස්‌ වැල්වල මල් පිපිලා... මල්වල සුවඳ විඳින්න... රොන් උරා බොන්න... ලස්‌සන පාට පාට සමනළයින්... රෑන් රෑන් ඇදී එනවා... ජීවිතයත් හරියට ඒවගේ... අපේ ජීවිතවලටත් වසන්තයක්‌ උදාවෙනවා... ඒ කාලෙට... ආදර හැඟුම්... සුන්දර සිහින.... පිරිලා ඉතිරිලා යනවා... ඒ හීන අතරට... ආදර හැඟුම් අතර... ලස්‌සනම ලස්‌සන රුවක්‌... ඇඳිලා... ඒක සිතේ සිත්තම් වූ රුවක්‌... කාලාන්තරයක්‌ තිස්‌සේ... සංසාරෙන් සංසාරෙට... හිත පතුලේ ඇඳි රුවක්‌...

සුරංගනාවකට නොදෙවෙනි

හැඟුම් බරම රැඟුම් උල්පතී

සිහින වලදී හමුනොවී

මඟ නොහැරෙන තැනකදී

පොරොන්දු වූ පරිදි මා

බලා හිඳිමි මුණ ගැහෙන්න... ආදරෙන්...

සුරංගනාවන්... කොතරම් ලස්‌සනද.... සුරලෝකයේ අංගනාවන්ට සම කළ හැකි රුවක්‌... මේ මනු ලෝකයේ තියෙනවද... හිතන්නත් බෑ.... ඒත්... එත් ඇය නම් දෙවැනි වන්නේ සුරංගනාවකට විතරමයි. ඒ තරම්ම ලස්‌සනයි.... සුරංගනන් රඟන දසුනක්‌ දකින්න ඇත්නම්... ඒ නම් අපූරු රංගනයක්‌ බව ගුත්තිලයේත් තියනවා.... ගුත්තිලයන් මූසිල පරදවන්න වෙණ වයද්දී... සුරංගනාවනුත් රැඟුම් පෑවලු.... ඒ රංගනයන් දෙස නෙත් අයාගෙන සිටි අය... කොතරම් වශීකෘත වුණාද..... සමහර අම්මලාගේ ඇකයේ සිටි දරුවන් පවා බිමට වැටුණලු..... අන්න ඒ වගේ තමයි... සුරඟනකට දෙවැනි නොවන මේ ළඳත්.... හැඟීම්බරව රඟන්න උපන් හපනියක්‌... ඇගේ රුව... මගේ හිත පතුලේ සටහන් වෙලා.... නින්දෙත්... නොනින්දෙත්... මගේ නෙත් මානයේ හිඳින්නේ ඈ විතරමයි... අපිට හමුවෙන්න ඇත්නම්... ඒත් ඒ සිහිනෙන් නොවේ හැබැයින්... අපි හමුවෙමු... ඒත් එදාට මට ඔයා මඟ හැරුණොත්... නෑ.... නෑ.... මඟ හැරෙන්නෙ නැති තැනකදී හමුවෙමු..... මම ඔයාට පොරොන්දු වෙනවා.... මම බලා ඉන්නවා ඔයා එනතුරු... මගේ හිත ආදරෙන් පිරිලා.....

Tuesday, July 17, 2012

"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..."

ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම'කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම "අරක නෑ, මේක දාන්නද?" කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම"කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.

ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් "ඉරෂ්ෂයිමසේ" කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල"ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව. 


[නිදහස් අධ්‍යාපනය තීරු ලිපියෙන්]
පැණි වළලු

Dammika Ganganath Dissanayeke | ධම්මික ගංගානාත් දිසානායක

Sunday, July 15, 2012

පාළු රැයක ඇසෙන දුක්බර ම කවිය

එක්දහස් නමසිය අසූව වසරේ මම නුගේගොඩ දෙල්කඳ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියෙමි. තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ මා සිටි කාමරයට යාබද කාමරයක චිත්‍ර ශිල්පියෙක් සිටියේ ය.

ඔහු නමින් තිලක් නින්දවන්ත ය. රාත්‍රියේ ඔහුගේ කාමරයට අල්ලාප සල්ලාපයේ යෙදීම සඳහා ප්‍රථමයෙන් ම ගිය දිනයේ ඔහුගේ බිත්තියේ එල්ලා තිබූ විශාල චිත්‍රයක් මගේ ඇස ගැටිණි.

පැල්පතක කවුළුවෙන් එළිය බලා සිටින දුක්බර යුවතියකගේ මුහුණකට සඳ එළිය වැටී ඇති අයුරු එහි සිතුවම් වී තිබිණි.

අප මධු විතකින් ප්‍රාණවත් වෙමින් සිටි ඒ මොහොතේ ඔහු මගෙන් ගීයක් ගයන ලෙස ඉල්ලා සිටියේ ය.

මගේ දෑස් ඉදිරියේ දිස් වුණ ඒ සිතුවමත් සමඟ මට මතක් වූයේ මේ ගීතයයි. මම හැඟීම් බර ව කඩ හඬ අවදි කළෙමි.

“ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ”

කාව්‍යකාරයාගේ ලෝකය සැබෑ ලෝකයට වඩා වෙනස් ය. සැබෑ ලෝකයේ දී මිනිසුන් මුහුණ දෙන සංවේදනා ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු කල්පනා ලෝකයක් හෙවත් මායා ලෝකයක් මවා ගනී. රසිකයාව වඩාත් පහසුවෙන් ප්‍රකම්පනය කළ හැකිවන්නේ ඒ මායා ලෝකයේදී ය.

ගම්මානයකින් නැඟෙන්නා වූ බටලී හඬ අප තුළ ජනිත කරවන්නේ ශෝකී බවකි. ඈත එපිට ගමක බටලී හඬ ඇසෙන්නට නම් පරිසරය අතිශයින් ම නිහඬ විය යුතු ය. ඒ නිහඬ පරිසරයෙන් බටලී හඬ හීන් සීරුවේ ගලාගෙන යද්දී ඇය සිටින පැල්පතෙන් ඇසෙන්නේ දුක්බර කවියකි. එය බටලී හඬ සමඟ මුසු වනවිට එහි දුක්බර බව තව තවත් වැඩිවෙයි.

කවිය ගායනා කරන ඇය සිටින්නේ නිදි නොමැතිව ය. ඇය විරහිනියක බව වැටහේ. මේ හඬ අසා සිටින තරුණයාගේ හා ඇයගේ ආලවන්තකමට බාධාවක් එල්ල වී ඇති බව පැහැදිලි ය. වැඩිහිටියන් ගේ ප්‍රතිවිරෝධතාවක් ඔවුනට එල්ල වන්නට ඇත.

Tuesday, July 10, 2012

First impressions

Personally I know how exciting and heart-smashing to face important interviews, especially when it comes to the very first interview in life. So I hope that these little sets of instructions would really be useful to you, when your interview is ahead. Remember I faced my first interview in three decades ago.


The first impression is the last impression. You will never get a chance again to create the first impression. Accordingly, first impression you make on a potential employer is the most important one. The first judgment an interviewer makes is going to be based on how you look and what you are wearing. That is why it is always important to dress professionally for a job interview, even if the work environment is casual.

How to dress for an interview

Men's interview attire

- Suit or trouser solid colour - navy or dark grey
- Long sleeve shirt (white or coordinated with the suit/trouser)
- Belt
- Tie
- Dark socks, conservative leather shoes
- Little or no jewelry
- Neat, professional hairstyle
- Limit the aftershave
- Neatly trimmed nails
- Portfolio or briefcase

Women's interview attire

- Suit (navy, black or dark grey) or Saree (Never dress up with a trouser or jean)
- The suit skirt should be long enough so you can sit down comfortably
- Coordinated blouse
- Conservative shoes or slippers
- Limited jewelry (no dangling earrings or arms full of bracelets)
- No jewelry is better than cheap jewelry
- Professional hairstyle
- Neutral pantyhose
- Light make-up and perfume
- Neatly manicured clean nails
- Portfolio or briefcase

What not to bring for an interview

- Cell phone
- IPod
- Earrings only, is a good rule
- Cover tattoos

Interview attire tips

- Before you even think about going for an interview, make sure you have appropriate interview attire and everything fits correctly.
- Get your clothes ready the night before, so you do not have to spend time getting them ready on the day of the interview.
- If your clothes are dry clean only, take them to the cleaners after an interview, so they are ready for next time.
- Polish your shoes.
- Bring a breath mint and use it before you enter the building.

Dressing up with appropriate dress code is essential to suit the occasion. I might have conducted more than thousand public training programmes in the last two decades, but I have never attended these programmes without wearing the professional dress.

Then my question is what the appropriate dress code for an interview is. You want that first impression to be not just a good one, but, a great one. A candidate dressed in a suit and tie is going to make a much better impression than the candidate dressed in scruffy jeans and a t-shirt. Being a head of the department a decade ago, I have never recruited employees who come for the interviews dressed up with jeans and t-shirts.

Dressing up is not the only criteria your hiring manager is looking at.

Tuesday, July 03, 2012

Bell - සීනුව


දෙක හයයි, තුන් වරක් තුන නවයයි...” කියල තාලෙට කියනවා. එයාගෙ හුස්ම රස්නෙට මගේ කනට වදිනව. රැුළි රැුළි කොණ්ඩ කැරලි පල්ලෙහාට වැටිල මගෙ මූණෙ ගෑවි ගෑවි තියෙනවා. මං හොඳ හුස්මක් අරන් පිට කරනව. හුස්ම ටික පිටවෙන්ඩ කලින් මට නින්දත් ගිහිං ඉවරයි. එයා නැවිල උඩු පැත්තට තියෙන මගේ වම් කම්මුල ඉම්බට මං දන්නෙත් නෑ.
ඈත තේ වත්තක මනිය ගහනව වගේ ටං, ටං, ටං, ටං කියල සද්දයක් ඇහෙන්න ගන්නව. ඒ සද්දෙ ටික ටික ළං වෙලා කන ගාවම වගේ ඇහෙන්න ගනිද්දි මං ඇස් ඇරල බලනව කෝ අම්මා? අම්මා නෑ. උඩයි යටයි රතු සුදු ඉරි පේළි දෙකක් තියෙන අළු පාට බ්ලැන්කට් එකක් පොරෝගෙන ඇඳක් උඩ මං වකුටු වෙලා ඉන්නව. වම් පැත්තෙත් දකුණු පැත්තෙත් ඉස්සරහත් එක යායට ඇඳන්. ඒවයේ තවත් පුංචි ළමයි බ්ලැන්කට් පොරෝගෙන තනියම එක යායට නිදි. වහලෙ මැදට වෙන්න එල්ලෙන කහ පාට පුංචි බල්බ් එකකින් පතුරන මලානික එළියට ඇඳන් පේළිත් හෝල් එකත් එක පාර යන්තමින් පේනවා. වහලෙත් වීදුරු ජනෙල් පේළිත් අතරින් රිංගල ඇතුළට ආපු මීදුම තට්ටුවක් වගේ ඝනකමට තැන්පත් වෙලා ඉන්නවා. ඒ හන්දා ඔක්කොම පේන්නේ ටිෂු කඩදාසියක් අස්සෙන් වගේ ලාවට. මගේ ඇඳට එහා ඇඳේ ඉන්න කෙනා ඔළුවත් එක්ක වහගෙන ගුලි වෙලා දොයි. එයා එක වසරේ.
ඊළඟ ඇහි පිල්ලම ගහන්න කලින් මට තේරෙනව මේ ඉන්නෙ නුවර. ඉස්කෝලෙ හොස්ටල් එකේ. දැන් පාන්දර 4.45 යි වෙන්නැති. ඒ ගැහුවෙ මනිය නෙමේ. පාන්දර නැගිටින්න ගහන බෙල් එක. ඒක තියෙන්නෙ කන්ද උඩහ. ඒක මහත බාල්කෙක එල්ලපු රේල් පීලි කෑල්ලක්. ඒකට අඩියක් විතර දිග සුරුට්ටුවක් වගේ යකඩ කෑල්ලකින් ආතර් අයියා ඔළුවත් මූණේ දෙපැත්තත් වැහෙන්න සාළුවක් බැඳගෙන දෑතින් තාලෙට තලනවා උදේ පාන්දර නැගිටින්න. මනිය වගේ තමයි. ළමයි ඇඳන් යටින් කරුවලේම බාල්දි අදිනව ඇහෙනවා. ? නිදාගන්න කලින් බාල්දිය ඇතුළේ සබන් පෙට්ටිය තියල ඊට උඩින් ටූත් පේස්ට් දාපු දත් බුරුසුවත් සීරුවට තියල හෙමීට ඇඳ යටට තල්ලූ කරල ලෑස්ති කරලයි තියෙන්නෙ. මමත් තත්පරේට ඇඳෙන් පැනල ඇඳ යට තියෙන බාල්දිය ඇදල අරන් නාන කාමරේට දුවනව. නාන කාමරයක් කිව්වට ඒක දිග හෝල් එකක්. මං යනකොටත් හැමෝම බාල්දිවලට වතුර පුරෝගෙන බිම පේළියට තියගෙන දතුත් මදිනවා. මමත් වතුර බාල්දියක් අරන් පෝලිමට එකතුවෙලා දත් මදිනවා.
දැන් දත් මැදල ඉවරයි. ඒත් මූණ හෝදන්න තහනම්. දෙවැනි බෙල් එක ගහනකම්. ඒක ගහන්නෙ 4.50 ට. පිජාමා සූට් එකේ කකුලූත් දිග අතුත් උඩට නමාගෙන ලෑස්තිවෙලා ඉන්නවා. ඔන්න බෙල් එක වදිනව. එක සැරේට හැමෝම මූණ හෝදන්න ගන්නවා තරගෙට. විනාඩි දෙකෙන් හෝදලත් ඉවරයි. ඉතුරු වතුර ටික කකුල් දෙකට හලාගෙන බාල්දිය ඇතුළට සබන් පෙට්ටියත් දත් බුරුසුවත් දාගෙන දුවගෙන ගිහිං බාල්දිය ඇඳ යට තියල ඇඳුම් අඳින ලොකු කාමරේට දුවනව. ඒක ඇතුළේ කළු ගල් කුට්ටිවලින් හදාපු බිත්තියට හේත්තු වෙන්න ලොකු සූට්කේස්, ටර ඇ න්ක පෙට්ටි පේළියට එක යායට තියෙනවා. ඒ ඉහළින් බිත්තියේ එක පෙට්ටියක ඇඳුම් එල්ලන කොකු තුන ගානේ වෙන්න හයි කරල තියෙනවා. හැමෝම තමන්ට අයිති පෙට්ටි ඉහළින් කොක්කක එල්ලල තියෙන තුවාය අරගෙන මූණ පිහල ඒක ආපහු එල්ලල පෙට්ටිය ළඟ දණ ගහගෙන ඒක අරිනවා. ඒක ඇතුළේ අපුල්ලපු සුදු කමිස, නිල් කොට කලිසම්, මේස් ලස්සනට තැන්පත් කරල තියෙනවා. අද සඳුදා. අලූත් ඇඳුමක් අඳින්න තියෙනවා. සුදු කමිසෙකුයි නිල් කලිසමකුයි මේස් දෙකකුයි අරන් හනි හනික ඇඳ ගන්නවා. ඊට පස්සේ පෙට්ටිය ළඟ තියෙන කළු සපත්තු දෙක දාගෙන ලේසුත් තනියම ගැට ගහ ගන්නවා. ඊළඟට පෙට්ටියේ වම් පැත්තෙ තියෙන පවුඩර් ටින් එක අරන් මූණට පවුඩර් දාගන්නව. ඊළඟට පෙට්ටියේ පුංචි තෙල් බෝතලය ඇරල අල්ල ගුලි වෙන්න අල්ලපු එක අතකට තෙල් ඩිංගක් දාගෙන ඔළුවට තලනවා. ඊළඟට පෙට්ටියෙන් කන්නාඩියක් අරන් ඒක බිත්තියට හේත්තු කරල දණ ගහගෙන ඒක දිහා බලාගෙන පුංචි පනාවකින් දන්න විධියට ඔළුව පීරනවා. ඊට පස්සෙ අඩුම කුඩුම ඔක්කොම ආපහු පෙට්ටියට දාලා වහනවා. දැන් ඇඳල ඉවරයි. ඊළඟට ආපහු නිදාගන්න හෝල් එකට යනවා. ඒකේ දැන් ලයිට් ඔක්කොම දාල එළියයි.

AUSTRALASIA THE DANGEROUS CONTINENT or THE GOD, THE BAD AND THE UGLY!

Australasia, what is this place and what lies ahead?

It was a convict colony sometime ago, created by a power which is not anymore!

That convict mentality still rules some of them, the bad and the ugly, and they are raping the land and enjoying what they think is for eternity of what GOD has given to the world! The good too are THERE but seem to be doing nothing about it YET!

This CANNOT go on, and the bad and the ugly WILL have to share it with REST of the world.

Remember, Australasia is a part of OUR world, and can accommodate 1 billion people and give them succour, food and energy with the greatest of ease. It is almost three times the size of INDIA and is NOT DESERT as many think. It is CULTIVABLE and can become and WILL BECOME the granary of the world! The Great Artesian basin aquifer, almost the size of India, lies under the earth of Australia and is the greatest deposit of freshwater in the world which CAN be recharged continuously (see Banisralia (1984) on the Internet), and which I believe soon will MAKE AUSTRALIA an integral part of this world, and one of its finest!

Australia is 7,682,300 square kilometres and has 23 million people!

India is hardly 3,165,600 square kilometres and has 1,269 million people!

The rest of South and South East Asia together, consisting of Afghanistan ,Pakistan, Bangladesh, Nepal, Bhutan, Sri Lanka, The Maldives, Indonesia, Vietnam, Cambodia, Burma, Thailand, Laos, Taiwan, Malaysia, Papua, and the small other island states around is in area 6,400,000 square kilometres (smaller than Australasia), and has 939,000 000 people!

Monday, July 02, 2012

‘Prometheus’ A Must See

The Sunday Leader By Jack Garling
Ridley Scott’s ‘Alien’ was a genre-defining piece of science fiction. At the time of its release it pushed boundaries and explored areas that other films hadn’t yet dared to touch.
Returning to the screen more than three decades later with ‘Prometheus,’ Scott answers some of the questions raised by the original films while at the same time asking audiences to ponder the answer to something even larger.
Scott essentially asks, “Would you want to meet your maker?” As a species, this is a question that has been asked and re-asked by humans over the years. Striving for an answer has driven human progress as individuals push into the unknown.
In ‘Prometheus,’ Scott explores these concepts by combining the mythology of the Alien franchise with classic Greek mythology as well as Christian religious depictions. These details are interwoven throughout the story in subtle ways so as to not overpower the core plot, but their presence is unmistakable.
The most obvious mythological parallel comes from the title. To the Greeks, Prometheus was both the creator and saviour of humans, having restored fire to early man at great cost to himself. ‘Prometheus’ starts with one of the Engineers sacrificing his own life to seed Earth with human DNA and create human life. Later in the film, we see two different infected humans killed, both with fire, the very element given to man by Prometheus of myth.

ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

දිවුරාලා පවසන්න මට ආදරේ නම් 
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්‌කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරුමල් දැතේ සඟවා වලා රොදක නැඟිලා
සත් සමුදුරම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක්‌ සදාලා
සුසුමක්‌ හෙළන හැම වරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

පද රචනය - සජිත් දිල්පහන්
තනුව/සංගීතය - තුසිත් නිරෝෂන
ගායනය - සෙන්ටිග්‍රේඩ්

ආදරේ කරද්දි සමහර පෙම්වතුන්ට පෙම්වතිය ගැනත්, පෙම්වතියට පෙම්වතා ගැනත් පුංචි සැකයක්‌ උපදිනවා. ඒක ආදරවන්තයන්ගේ පුරුද්දක්‌ වරදක්‌ කියන්නත් බෑ... ආදරේ වැඩිකමටම තමයි සැකයකුත් උපදින්නේ... පුංචි සැකයක්‌ නම් කමක්‌ නැහැ... ඒත් මහා විශාල සැකයක්‌ උපදිනවනම්... පෙම්වතුන්ට එකිනෙකා ගැන... ඒක තරමක්‌ භයානකයි... ආදරය කැඩිලා බිඳිලා ඉරිතලා යන්නත් පුළුවන්.