Pages

Monday, July 20, 2020

මුළු ආත්මයම සුවපත් කරන ප්‍රේමයක්

ගෑනියෙක්ට ඕනි 
ඇහෙන් වැටෙන කඳුළකට වෛර කරන එකෙක්
හිනාවක් දකින්න පෙරුම් පුරන එකෙක්

කිසිම කෙනෙක්ගෙන් වචනයක්
අහන්න නොදී
තමන්ව රැකගන්න එකෙක්

බිංදුවටම ජීවිතේ වැටුනත්
ලඟ ඉඳන් ගොඩ ගන්න දඟලන එකෙක්
වචනෙන් පවා හිත සනසන
බැල්මකින්වත්
වරදක් නොකරන එකෙක්

අත්හරින්න හේතු කොච්චර ආවත්
තමන්ට ආදරේ කරන කෙනාව
රැකගන්න එකෙක්

තමන්ගෙ යාලුකම් ලඟවත්
නොරිද්දන ⁣ආදරයක්..

ගෑනියෙක්ට ඕනි
සැනසෙන්න පුළුවන් පපුවක්
එකම එක හිනාවකින්
මුළු ආත්මයම සුවපත් කරන ප්‍රේමයක්

කොටින්ම තමන්ගෙ හිත තමන්ටත් වඩා
තේරුම් ගන්න කෙ⁣නෙක්

💕

කොවිඞ් එන්නතක් එන තුරු කරමාලය පැළඳ ගනිමු

කොව්ඞ් 19 ගෝලීය වසංගතය එක් පැත්තකින් මිනිස් ජීවිතවලට බරපතළ ලෙසින් හානි කරද්දී තවත් පැත්තකින් මිනිසුන්ගේ නිර්මාණශීලී චින්තනය අවදි කිරීමට සමත් වී තිබෙනවා. එකම සිදුවීම කාසියක දෙපැත්ත සේ ජනසමාජයට හිතකර ලෙසින් මෙන්ම අහිතකර ලෙසින් බලපා තිබෙනවා.
කොවිඞ් 19 ශ්වසනය ආශ‍්‍රිතව පැතිරෙන රෝග තත්ත්වයක් බැවින් සමාජ දුරස්ථබව, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම වැනි උපදෙස් අතර මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම රෝගයෙන් ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග බැව් ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

2019 වසරේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කර ගෙන උපත ලද කොවිඞ් 19 වෛරස වසංගතය අද වෙන විට ගෝලීය වසංගතයක තත්ත්වයට පත්ව තිබෙනවා. වසංගතයේ මුල් අදියර පාලනය කර ගැනීමට අපොහොසත් වීමේ පසුතැවීම පසෙක තබා දැන් කොවිඞ් සමග ජීවත්වීමේ කලාව සොයන යුගයක් ගොඩ නැගෙන ප‍්‍රවනතාවක වර්ධනීය අවස්ථාවක් බැව් කිවහොත් නිවැරැදියි.

නමුත්.. මේ කොතෙක් උපදෙස් ලබා දුන්නත් අපටත් නොදැනීම අපේ අත ඇස්, නහය, කට ස්පර්ශ වෙන අවස්ථාවන් අප‍්‍රමාණයි. එය සාමාන්‍ය සිදුවීමක්. නමුත් හදිසියේ හෝ කොවිඞ් වෛරසය ව්‍යාප්ත වෙන බිඳිති අපේ අතේ තැවරී තිබුණොත් නාසය, ඇස් සහ මුඛය වැනි විවෘත සිදුරු ඔස්සේ ශරීරගත විය හැකියි. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ NASA මගින් අපේ අත ඉහත අවයවයන් ස්පර්ශ කරන විට ඒ ගැන අනතුරු සංඥාවන් ලබා දෙන උපාංගයක් නිපදවා තිබෙනවා. නාසා ආයතනය මීට පෙරාතුව කොවිඞ් 19 වෛරස ආසාදිතයන් වෙනුවෙන් සාර්ථක වෙන්ටලේටර් ශ්වසන උපකාරක උපාංගයක්ද නිපදවා තිබෙනවා.

දැන් ඔවුන් කොව්ඞ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අපූරු කරමාලයක් නිපදවා තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ‘‘PULSE" නමින්.Jet Propulsion Lab ආයතනය මගින් නිර්මාණය කරන ලද මෙම කරමාලය 3D තාක්ෂණයෙන් යුක්තයි. අධෝරක්ත සංවේදන යොදා ගෙන ඇති මෙම මාලයේ දිග අඟල් 12 ක සිට 18 දක්වා වූ දිග පරාසයකින් යුක්තයි. ඒ සමග කුඩා පෙන්ඩනයක් ඇති අතර ඇතුළත ඇති කම්පන උපාංගය 3V බැටරි ආධාරයෙන් කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල ප්ලාස්ටික් ආවරණයකින් වසා තිබෙන අතර යම් අවස්ථාවකදී අප නොදැනුවත්ම හෝ මුහුණ, කට, ඇස් ස්පර්ශ කිරීමේදී අනතුරු සංඥාවන් නිකුත් කරනවා. කර මාලයේ ඇති මෙම පෙන්ඩනය ආකාරයේ උපාංගය නිසා සිදු කරන සිහිපත් කිරීම නිසා නොදැනුවත්ව හෝ මේ තහනම් කලාප ස්පර්ශ කිරීමට අපට අවසර නැහැ.

නාසා ආයතනයේ Jet Propulsion Lab සාමාජිකයන් විසින් මේ කරමාලය සමග අපූරු පණිවිඩයක්ද සමාජයට මුදා හැර තිබෙනවා. එන්නතක් හෝ ඖෂධයක් අපට හමු වෙන දිනක් එන තුරු මේ කරමාලය පැළඳගමු... ඒ ඔවුන්ගේ පණිවිඩයයි.

Jet Propulsion Lab විසින් මේ නිෂ්පාදනයේ බුද්ධිමය අයිතිය රඳවා ගෙනත් නැහැ. හැකියාව තිබෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මාර්ගගතව මේ කරමාලය නිර්මාණය කර ගැනීමේ උපදෙස් බාගත කර ගැනීමට විවෘත ප‍්‍රවේශයක් ලබා දී තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා - Divaina
Daily mail

Friday, July 17, 2020


Thursday, July 16, 2020

රුධිර ගණයට අනුව කොරෝනා වයිරයේ බලපෑම වෙනස් වෙනවා:

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. ‘කොවිඩ් 19‘ වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට ‘කොවිඩ් 19’ ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය. 

මූලාරම්භය අබිරහසක් වුවත්, ‘කොවිඩ් 19’ යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ‘කොවිඩ් 19‘ වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් පෙන්වා දී තිබේ. 

ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, ‘ඒ’, ‘බී’, ‘ඒබී’ සහ ‘ඕ’ ය. ‘ඒ’ වර්ගයේ රුධිර ගණය ඇති නම්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මඟින් පාලනය කර ගෙන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි. 

ඔබට ඇත්තේ ‘ඕ’ ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මනින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්​යේෂකයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යයනයකට පසුවය. 

නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, ‘කොවිඞ් 19’ අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයෝ පවසති. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය ‘ඩෙක්සාමෙතසෝන්’ ය. අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙයරෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහලු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි‍. 

උපුටා ගැනීම - ලංකාදීපය
 ලු‍සිත ජයමාන්න 
‘ද සන්‘ ඇසුරිනි

Wednesday, July 15, 2020

නැන්දම්මා සමග විසීම


නැන්දම්මා හා ලේලියගේ ගැටුම පවතින්නෙ අද ඊයෙක පටන් නොමෙයිනේ. නැන්දම්මා ලේලි ගැටුම් දුර දිග යෑම නිසා පවුල් පවා කඩා කප්පල් වූ අවස්ථා ඇත. ඇත්තටම නැන්දම්මා කියන්නේ එක් අතකින් ගත් කල විවාහයෙන් පසු තවත් අම්මා කෙනෙකු හමු වීමය. නැන්දම්මා ලේලි හබය කීවාට හිතන්නකො අපි අපේ අම්මා එක්කම කොයි තරම් නොහොඳ නෝකාඩුකම් ඇති කර ගන්නවද කියලා. ඒත් අපි ඒ තරම් ඒ දේවල් හිතට ගන්නෙ නැහැ. මොකද ඒ අපේම අම්මනේ. ඒත් නැන්දම්මා සමග නම් එහෙම නෙමෙයි. ඇගේ මුවින් ගිලිහුණ පොඩි වචනයක් පවා අපේ හිත රිද්දලා අවුරුදු ගණන් අපේ හිතේ සනිටුහන් කරගන්නවා. ඇත්තටම නැන්දම්මා කියන්නෙත් පෘථග්ජන මනුස්සයෙක්නෙ. හිතන්නකො දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා පරිස්සමට රැක බලා ගත්ත තමන්ගෙ පුතා තවත් කෙනෙකුට ආදරය කරද්දි ලං වෙද්දි දුකක් ඉරිසියාවක් හිතෙන එක අසාමාන්‍ය දෙයක්ද කියලා. හොඳම දෙය නැන්දම්මා ඉදිරියේ එයාගේ පුතා එක්ක ඕනෑවට වඩා ලෙංගතු නොවී හැසිරෙන එකයි. අනිත් එක ඉස්සර වගේම අම්මට ආදරෙන් ඉන්න තමන්ගේ සැමියවත් පොළඹවන්න. තමන්ට පුතාගේ ආදරේ වෙනසක් නැතිව ලැබෙන කොට අපි ගැන නැන්දම්මා අහිතක් හිතන එකක් නැහැ.හැබැයි නැන්දම්මත් හිතනවනම් මේ මගේම දරුවෙක් කියලා ගැටුම් ඇති වන්න තියෙන ඉඩ කඩ අඩු වේවි. 

නැන්දම්මා ලේලිය ආරවුල පටන් ගන්නෙ කුස්සියෙන්නේ අන්න ඒ නිසා අපි ටිකක් සුක්ෂම වෙන්න ඕනී. ඒත් එක්කම ඇය කැමති ආහාර හඳුනා ගන්නත් උත්සහ කරන්න. 

“අද වටිටක්කා හදනවා ” 

කියනවා වෙනුවට 

” අම්මේ අද වටිටක්කා හදමුද? ” කියලා අහන්න පුලුවන්. 

ඒ මොකද දන්නවද? තනි තීරණ ගන්නවට, අණ දෙනවට නැන්දම්මලාගෙ කැමැත්තක් නැති නිසා. අපි වුණත් අණ දෙනවට අකමැතියිනේ. ඒත් පවුල ඉදිරියට ගෙන යාමත් සතුට රැඳවීමත් තියෙන්නෙ අපේ අතේ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් කියනවනේ. 

බොහෝ වෙලාවට නැන්දම්මාගෙ පිළිවෙල නැති වුණත් එයාලා අපේ පිළිවෙල නම් තිතටම බලාපොරොත්තු වන බව අමතක කරන්න එපා.කොහොම වුණත් පුංචි පුංචි මත ගැටුම් ඇති නොවුණොත් නම් පුදුමයක්. සැමියාට ඔහුගේ මව පිළිබඳ වැරදි කීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමේ. ඔබ කොයි තරම් නිවැරදි වුණත් නිතරම මව පිළිබඳ වැරදි අසන විට ඔබේ සැමියාටත් එය වදයක් සේම ඔබ පිළිබඳ ඇති පැහැදීම පලුදු වන්නට ඉඩ ඇත. 

වයසට යාමත් සමගම අපි කවුරුත් සිතින් මෙන්ම ගතින්ද දුර්වලය. එකට ජීවත් වන විට නැන්දම්මාගේ සැප දුක බලන්නට අමතක නොකරන්න. ඇයත් ඔබේ මව මෙන්මය. වෙන් වෙන්ව ජීවත් වනවා නම් දවසට වරක් හෝ ඇමතුමක් ලබා දී ඇයගේ දුක සැප විමසන්න. එය ඇයට සතුටක් වනු ඇත. අසනීප වූ විටම ඔබ ඇයත් සමග වෛද්‍යවරයා වෙත යන්න. ඇය ඔබේ සිත රිද්දුවද ඇයගේ සිත නොරිද්දා ඉන්නට උත්සහ කරන්න. 

ඇය සමග දොඩමලු වන්න. ඇය ඔබට වඩා ජීවිතයේ අත්දැකීම් අතින් පොහොසත්ය. ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට ඇය ළඟ පිළිතුරු තිබිය හැකිය. ඇයගේ ළමා කාලය තරුණ අවදිය විවාහා ජිවිතය පිළිබඳ අසන්න. ඇය ඒ අතීතය ඔබ සමග ආවර්ජනය කරන අතර ඔබ දෙදෙනාගේ සබඳතාවයද ශක්තිමත් වනු ඇත. 

By දිශාන්ති වෙදගේ

Tuesday, July 14, 2020

ඒක පාර්ෂවික ප්‍රේම කථාවක, සත්‍ය අත්දැකීම - Lost 1982



Staring at the moon so blue
තරු දිළිසෙනවා හඳත් එක්ක, හරිම ලස්සනට
Turning all my thoughts to you
මගේ සිතුවිලි හැරෙනවා ඔයා දිහාවට
I was without hopes or dreams
මම හිටියේ කිසි ම බලාපොරොත්තුවක් වත්, හීනයක් වත් නැතුව
I tried to dull an inner scream
මං උස්සහ කළා නොපැහැදිලි විදිහට කෑ ගහන්න
But you saw me through
එත් ඔයා මාව ඇතුළාන්තයෙන් ම දැක්කා.........
Walking on a path of air
මම ඇවිදිනවා සුළඟින් හැඳුණු මාවතක
See your faces everywhere
මට පේනවා ඔයාගෙ මුණ, හැමතැනම..........
As you melt this heart of stone
ඔයා මගේ ගලක් වගේ හදවත මොළොක් කළා.........
You take my hand to guide me home
ඔයා මගේ අත ගත්තා මාව ගෙදරට එක්කන් එන්න........
And now I'm in love
ඉතින් දැන් මං ආදරේ කරන්න පටන් අරන්..........
You took my heart away 
ඔයා මගේ හදවත වෙන පැත්තකට ගත්තා
When my whole world was gray
ඒ මගෙ මුළු ලෝකෙම අළු පාට වෙලා තිබුණු වෙලාවක
You gave me everything
ඔයා මට හැමදේම දුන්ණා
And a little bit more
හැමදේටම වැඩියෙන්
And when it's cold at night
ඒ වගේම රෑට සීතල දැනෙනකොට
And you sleep by my side
ඔයා මගේ පැත්තක නිදාගෙන ඉන්නවා.....
You become the meaning of my life
ඒකයි මං කියන්නේ, ඔයා මගේ ජීවිතේ, අර්ථය බවට පත් වෙලා.......

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019


කොවිඩ් 19 දශක කිහිපයක් පැවතෙනු ඇතැයි ...

වැඩි විස්තර දැන ගැනීම සඳහා මේතැනින් පිවිසෙන්න -  කොවිඩ්-19