Pages

Wednesday, August 19, 2020

මන්තී‍්‍ර පට්ටම හා වරප‍්‍රසාද

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සඳහා මේ වනවිට 223 දෙනෙකු පත්වී අවසන්ය. 225 ක් වන එහි නියම ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ වනු ඇත.

මෙම සියලූ දෙනාටම පාර්ලිමේන්තුවේදී නිශ්්චිත වරප‍්‍රසාද ප‍්‍රමාණයකට අයිතිවාසිකම් හිමි වේ.

ඒ අතරින් ප‍්‍රධාන වශයෙන්ම ඉතාම ආකර්ෂණීය වනුයේ මන්තී‍්‍ර විශ‍්‍රාම වැටුප සහ වසර පහක් සඳහා හිමිවන තීරුබදු රහිත වාහන බලපත‍්‍රයයි. මෙම තීරුබදු රහිත බලපත‍්‍රය මන්තී‍්‍රවරුන් විසින් අන් අයෙකුට විකුණා දමා මුදල් කොට එමගින් ඊට අඩු වටිනාකමකින් යුතු එහෙත් සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම සිදු කරනු ලබයි.

අලූතින් පත්වන මන්තී‍්‍රවරයකුට හිමිවන සුවිශේෂී වරප‍්‍රසාදය ලෙස මෙකී වාහන බලපත‍්‍රය හැඳින්විය හැකිය. එම බලපත‍්‍රය මගින් වාහනයක් මිලදී ගෙන එය විකිණීම හෝ බලපත‍්‍රයම විකිණීම තුළින් මන්තී‍්‍රවරයකුට රුපියල් ලක්‍ෂ 250 ක පමණ ශුද්ධ ලාභයක් ලබාගැනීමට හැකියාව තිබේ.

යම් මන්තී‍්‍රවරයකුට තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට වත්කමක් නොමැති යැයි කියන්නේ නම් ඒ සඳහා ණයක් ලබා දීමට ද පාර්ලිමේන්තුව සූදානම්ය.

පාර්ලිමේන්තුවට පත්වන සෑමදෙනාගේම ප‍්‍රමුඛතම අභිලාෂය මෙම වාහන බලපත‍්‍රය විකුණා ඡුන්දයට වියදම් වූ මුදල් යම් තරමකට හෝ පියවා ගැනීමටය. තම ඡුන්ද ව්‍යාපාරයට අයෙකු රුපියල් කෝටි දෙක තුන වියදම් කරනුයේ ද මෙම වාහන බලපත‍්‍රය ඔලූවේ තබාගෙනය.

වාහන බලපත‍්‍රය මෙන්ම වැදගත් අනෙක් ප‍්‍රතිලාභය වනුයේ මන්තී‍්‍රවරුන්ට හිමිවන මාසික වැටුපය. මන්තී‍්‍රවරයකුට හිමිවන වැටුප වනුයේ රුපියල් 54,285 කි. නියෝජ්‍ය ඇමැති තනතුරක් ලදහොත් වැටුප රුපියල් 63,500 ක් වේ. රාජ්‍ය සහ කැබිනට් ඇමැතිවරයකුට නම් එය රු. 65,000 ක් ය. අගමැතිවරයාට වැටුප රුපියල් 71,500 ක් ද කථානායකවරයාට රුපියල් 68,500 ක් ද වශයෙන් වැටුප සිය පුද්ගලික ගිණුමට බැරවේ.

එය එතැනින් නතර වන්නේ නැත. මෙකී වැටුපට අමතරව ඉන්ධන දීමනාවක්ද හිමිවේ. දිස්ති‍්‍රක්කය අනුව මෙහි වෙනසක් සිදුවේ. උදාහරණයක් ලෙස කොළඹ සිටින මන්තී‍්‍රවරයකුට වඩා යාපනයේ සිටින මන්තී‍්‍රවරයකුට මෙම දීමනාව වැඩි වේ.

ඒ පාර්ලිමේන්තුවට එම මන්තී‍්‍රවරයා තේරී පත්වූ දිස්ති‍්‍රක්කය සලකා බැලීමෙනි.

ඊටත් අමතරව රුපියල් 50,000 ක දුරකථන දීමනාවක්ද, රියැදුරු සහ සංග‍්‍රහ දීමනා වශයෙන් රුපියල් 4500 ක් ද ලැබෙනු ඇත. ඉන් නොනැවතී අපේ කතිර මනාපයෙන් පාර්ලිමේන්තු යන මන්තී‍්‍රවරයකුට පාර්ලිමේන්තු රැුස්වීම් දිනයක් සඳහා රුපියල් 2500 ක් හිමි වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව මසකට සතියක් ඇර සතියක් බැගින් දින අටක් පුරාවට රැුස්වේ. එවිට 2500 ඒවා අටක් ලෙස රුපියල් 20,000 ක් සපයා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

මන්තී‍්‍රවරයකුට කාර්යාලයක් පවත්වා ගැනීමේ දීමනාවක් ද ලබා දේ. එය රුපියල් ලක්‍ෂයකි. එම කාර්යාලයේ සේවය කිරීමට යම් මන්තී‍්‍රවරයකුට පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස හතර දෙනෙක් සඳහා ගෙවීමක් ද පාර්ලිමේන්තුව විසින් ලබාදේ.

ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකු නම් එකී කාර්ය මණ්ඩලය 10 ක් ද ඇමැතිවරයකු නම් 15 ක් ද වශයෙන් පවත්වාගත හැක. මෙලෙස පවත්වා ගෙන යන කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට‍්‍රල් ලීටර 218 ක් වෙනුවෙන් රුපියල් 17,440 ක් ද ඞීසල් වාහනයක් භාවිත කරන්නේ නම් ලීටර් 264 ක් සඳහා රුපියල් 13200 ක් ද හිමි වේ.

මන්තී‍්‍රවරුන් මෙම කාර්ය මණ්ඩලයේ වැටුප් ද තමාගේ ගිණුමටම බැර කර ගන්නා බවට ද විවිධ ආරංචි පවතී. ඒ නැතත් මෙකී තනතුරු සඳහා තම බිරිඳ, පුතා, දුව ආදී වශයෙන් ද පත් කර ගැනීම් සිදු වේ. ඔවුනට දුරකථන ගාස්තු ගෙවීමක්ද සිදු කෙරේ.

මෙලෙස හිමිවන සුපිරි වරප‍්‍රසාද අතරට මන්තී‍්‍රවරයකුට හිමිවන මන්තී‍්‍ර නිවාසයද ඇතුළත්ය. මන්තී‍්‍රවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නුදුරින් මාදිවෙල නිවාස සංකීර්ණයක් ස්ථාපිත කර තිබේ. ඒ සඳහා නිවාස කුලීී වශයෙන් අය කරනුයේ සුළු මුදලකි.

මේ අතර පාර්ලිමේන්තුවෙන් මන්තී‍්‍රවරුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් ද සමාජයේ අවධානය යොමු වේ. ඒ අනුව මන්තී‍්‍රවරයකුට උදේ ආහාරය සහ දිවා ආහාරය වශයෙන් ඉතා ප‍්‍රනීීත ආහාර වේලක් රුපියල් 150 ක් වැනි සුළු මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී.

ඊට අමතරව තේ වේල මෙන්ම කැඳ කෝප්පයක් ද අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාව ඇත. පාර්ලිමේන්තුවට තේරී පත්වන නව මන්තී‍්‍රවරයකුට ජංගම සහ ස්ථාවර දුරකථන වෙනුවෙන් මසකට රුපියල් 50,000 ක් හිමිවන අතර නිදහස් තැපැල් පහසුකම් ලෙස රුපියල් 350,000 ක වටිනාකමකට එම පහසුකම හිමිවේ.

මෙකී ආකාරයට නිල වශයෙන් ද නොනිල වශයෙන් ද මන්තී‍්‍රවරුන්ට විවිධ පහසුකම් ගලා ඒ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට අලූත්ම ලැප්ටොප් පරිගණකයක්, ඡුායාපිටපත් යන්ත‍්‍රයක් මෙන්ම වෛi පහසුකම් වෙනුවෙන් ද පාර්ලිමේන්තුව මුදල් වියදම් කිරීමට සැදී පැහැදී සිටී. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළම වෛi මධ්‍යස්ථානයක් පිහිටා ඇත. අවශ්‍ය නම් ආයුර්වේද ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතී. ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමටද මන්තී‍්‍රවරුන්ට හැකියාව පවතී.

ඊට අමතරව මන්තී‍්‍රවරයකු පාර්ලිමේන්තුවේ පවතින විවිධ කාරක සභාවන් සඳහා පාර්ලිමේන්තු රැුස්වීම් නොවන දිනයන්හිදී සහභාගි වන්නේ නම් ඒ සඳහා රුපියල් 2500 ක් වශයෙන් ගෙවනු ලබයි.

මන්තී‍්‍රවරුන්ට විටින් විට විදේශ සංචාර ද හිමි වේ. ඒ සඳහා ද පාර්ලිමේන්තුව යම් ගෙවීමක් සිදු කරනු ලබයි. ඇමැතිවරයකු නම් ඒ සඳහා ඔහුට වෙනම මුදලක් හිමි වේ. එයද අමතර වශයෙන් ඉපැයීමකි.

එසේම මන්තී‍්‍රවරයාට තම ¥ දරුවන් කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ සුපිරි අවස්ථාවක් හිමිය. මේ ආකාරයට මන්තී‍්‍රවරු සුවිශේෂී ප‍්‍රතිලාභ ලබමින් වසර පහක කාලයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය දරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට විශ‍්‍රාම වැටුපක් හිමි වේ.

මන්තී‍්‍රවරයාට හිමි වන වැටුපෙන් තුනෙන් එකක් මෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් ඔවුන් සඳහා අතිරේක වශයෙන් රුපියල් 25000 ක දීමනාවක් සම්මත කර දුන් බව හිටපු මන්තී‍්‍රවරයකු මෙම ලියුම්කරුට පැවසීය.

යම් හෙයකින් එම මන්තී‍්‍රවරයා මියගිය විට එම විශ‍්‍රාම වැටුප ඔහුගේ බිරිඳට ද බිරිඳ මිය ගියහොත් වයස අවුරුදු 21 කට අඩු දරුවනට එම විශ‍්‍රාම වැටුප හිමි වේ. යම් හෙයකින් එවැනි දරුවකු ශාරීරික හෝ මානසික වශයෙන් දුබල යැයි වෛiවරු නිර්දේශ කරන්නේ නම් එම දරුවාට ජීවිත කාලයටම එම වැටුප හිමි වේ.

මෙකී නොකී සියලූම දේවල්වලට වඩා මන්තී‍්‍රවරයකුට ලැබෙන සමාජ ගරුත්වය අති මහත් ය. මන්තී‍්‍රවරයකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන්නේ නම් ඔහුට ලැබෙන ප‍්‍රතිලාභ අවස්ථා විපක්‍ෂ මන්තී‍්‍රවරයකුට සාපේක්‍ෂව ඉහළ වේ.

කවුරු කොහොම සිතුවත් මෙම ප‍්‍රතිලාභ ලබා ගනිමින් තම පවුල ද ගොඩ දාගන්නා ක‍්‍රම සහ විධි ඔවුන්ට නිතැතින්ම ගලා ඒ. ඒවා නියම ආකාරයට කළමනාකරණය කර ගනිමින් සුව පහසු ජීවිත ගත කිරීමට මන්තී‍්‍රවරුන් බහුතරය උත්සුක වේ. ඒ අතර සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවමින් මහජන සේවාවන්ට මුල්තැන දෙන අතළොස්සක් වූ මන්තී‍්‍රවරුද මෙහි සිටින බව කිව යුතුය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය යනු ස්වීප් එකක් ඇදුණා වැනි වැඩක් ය. ගෞරවය, මුදල්, විවිධ, අවස්ථා, සැප පහසුකම් ගොන්නක් මන්තී‍්‍රවරුන්ට නිතැතින්ම හිමි වේ.

මෙලෙස සැපවිඳිමින් මන්තී‍්‍රවරයකු හදිසියේ මිය ගියහොත් ඔහු වෙනුවෙන් පවුලේ අයට රුපියල් ලක්‍ෂ 50 ක වන්දි මුදලක් ද හිමි වේ.

මේ ආකාරයට වැටුප් දීමනා විවිධ පහසුකම් සහ නඩත්තු කටයුතු, සේවක මණ්ඩලය ආදි වශයෙන් පසුගිය වසරේ (2019* දී පාර්ලිමේන්තුව රුපියල් බිලියන 2.82 ක් පමණ වියදම් කර තිබෙන බවද මහජනතාව මතකයේ තබාගත යුතුව ඇත.

අකිත පෙරේරා - දිවයින

Monday, August 10, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණය - සමස්‌ත ප්‍රතිඵලය