Pages

Saturday, April 30, 2011

සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි


පි. තුරුලිය නිසලයි - වැව් දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මග අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි

ගැ. ඔබ ළඟම ළඟම හිඳිමි

ගැ. සසර පුරා සුවඳ සරා 
ඔබම ළඟම රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි

පි. ඔබේ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් සළයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමි

පි. ඔබේ සුරත් පහසින් ගිලිහී
ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
තණපත් මුතුපිණි කඳුළින් බරවී
ඔබ පා පහස පතයි
ඔබ කොහිද කොහිද සොයමි

ගැ. ඔබ ළඟම ළඟම රැඳෙමි


පදමාලාව - කුලරත්න ආරියවංශ
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
ගායනය - ඉමාන් පෙරේරා, උරේෂා රවිහාරි

හදවතින්ම ආදරය කරන කෙනෙක්‌ වෙන් වුනොත්... නැත්නම් මිය ගියොත්... දැනෙන වේදනාව... වචනවලට පෙරළන්න පුළුවන්ද.... බැහැ... මුළු ලෝකයම හිටියත් වැඩක්‌ තියේද... ඇය... ඔහු නැති ජීවිතය... තනිකම පාලුව ඉවසන්න බැහැ....more

තුරුලිය නිසලයි වැව්දිය සසලයි

තනිකම ඉවුරු බිඳියි

මම අතරමංව හිඳිමි

ඔබ කොහිද කොහිද සොයමි

ඔබ ළඟම ළඟම හිඳිමි....

ඇය ඔහු හැරදා ගිහින්... ඒ දුක කොතරම්ද... ගහකොළ පවා නොසෙල්වී හඬා වැටෙනවා... වෙනදා නිසලව ගලාබස්‌නා වැව් දිය.... ඈ නැති දුකින් සසල වෙලා.... ඔහු අද අතරමං වෙලා.... හැම තැනම ඇයව හොයනවා.... ඈ වෙන්ව ගියද ඇයටත් ඔහු නැතිව බැහැ.... ඇයගේ ආත්මය ඔහු ළඟටම වෙලා....

මේ ගැමි පරිසරයක තරුණයෙක්‌ වෙන්ව ගිය පෙම්වතිය පිළිබඳ ස්‌මරණය කරන ගීයක්‌.... ටෙලි නාට්‍යයක ගීයක්‌... "අහස සේ නුඹ අනන්තයි..." ඒ කතාවට අනුව නම් පෙම්වතිය මිය ගිහින්...

"මංජුලා කුමාරිත්, ටෙලි නාට්‍යයේ අධ්‍යක්‌ෂ පුෂ්පකුමාරත් මට කිව්වා විරහව, තනිකම, පාළුව විඳින පෙම්වතෙක්‌ අතීතය ස්‌මරණය කරන ආකාරයේ ගීයක්‌ ලියන්න කියලා... එය අහිමි වූ ප්‍රේමයක්‌... ගැමි පරිසරයත්.... සොබා සුන්දරත්වය සමඟ මුසු වූ විරහ ගීයක්‌...." ගීයේ පදරචකයා කුලරත්න ආරියවංශ පැවැසුවා.

සසර පුරා සුවඳ සරා

ඔබම ළඟම රැඳෙමි

ඔබ කොහිද කොහිද සොයමි

ඔබෙ සුසුම් සුවඳින් පෑරී

වෙල් ඉපනැල්ලේ පවන් සලයි

ගංදොර සුහුඹුල් මතකය වැළපී

සිත මා තෙමා වැටෙයි

ඔබ කොහිද කොහිද සොයමී....

ඔහු ගමේ ඇවිද යනවා... ඈ සමඟ වෙල් ඉපනැල්ලේ, ගංතෙර හමුවී ආදර බස්‌ මිමිණූ හැටි ඔහුගේ මතකයට නැගෙනවා.... ඇගේ සුසුම් සුවඳට වෙල් ඉපනැල්ල හමා එන පවනට මුසුවෙලා....

කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණයකු ලියූ ගීයක්‌ මට මීට කලින් ගයන්න අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ... මේ ගීය ශෝකාලාපයක්‌... උරේෂා රවිහාරි සමඟ මේ ගිය ගයන්න මට මංජුලා කුමාරි ආරාධනා කළා... ඔහු ඇය හොයනවා.... ඒත් නැහැ... ඇයගේ හඬ ඇහෙනවා... මෙය අවුරුදු ගණනාවකට පස්‌සේ මම නැවත ඉපදුණු ගීයක්‌... හැම පැත්තකම රසිකයන්ගේ ප්‍රතිචාර ලැබෙනවා.... ගීයේ පදමාලාවේ ඇති සුගායනීය බව... උරේෂා සමඟ සම මට්‌ටමේ සිට ගැයීමත් අභියෝගයක්‌ වුණා...

ඔබේ සුරත් පහසින් ගිලිහී

ලියගොමු ලන්දේ සොවින් සැලෙයි

තණපත් මුතුපිණි කඳුළින් බර වී

ඔබ පා පහස පතයි....

ඔබ කොහිද කොහිද සොයමී

ඔබ ළඟම ළඟම රැඳෙමි...

එදා අපි මේ ගස්‌ වැල් අතරේ පියමං කළ හැටි... මේ ලියගොමුත් ඔබේ දැතේ පහස ලැබුවා... ඒත් අද ඒ පහස නෑ... ලියගොමු පවා ශෝකයෙන්... තණපත් අතරේ අපි දිව ගියා... ඒත් අද ඔබේ පා පහස නැතිව තණපත් කඳුළු සළනවා.... ඔබ කොහිද... මම ඔබව තවමත් සොයනවා..... ඔහු කඳුළු බර දෙනෙතින් නොපෙනෙන ඈ අමතනවා.... ඔහුට ඇගේ හඬ ඇහෙනවා... මම ඔයා ළඟම 

රැඳී ඉන්නවා... ඈ කියනවා...

ශාන්ත ජයලත් තිසේරා... සංගීතය නිර්මාණකරු.... ගායකයාගේ සහ ගායිකාවගේ හඬ පරාසය මනාව විහිදී යන ආකාරයට නිර්මාණය කළ තනුව... මේ තේමා ගීයම පමණක්‌ නොවේ ගීයේ සංගීත භාණ්‌ඩ ටෙලිනාට්‍යය පුරාවට ආලෝකයක්‌ බවට පත්ව තිබීම ශාන්ත ජයලත් තිසේරා ශිල්පියාගේ දස්‌කම පෙන්වීමක්‌.


අජිත් අලහකෝන්