Pages

Tuesday, April 26, 2011

කපුගේ!

කුඹුරු කොටන තැන ඔබේ හඬ ඇහෙනවා
හේන් රකින තැන ඔබේ හඬ ඇහෙනවා
පෝරු ගාන තැන ඔබේ හඬ ඇහෙනවා
බැත පාගන තැන ඔබේ හඬ ඇහෙනවා

අඬ හැරේ තවම ඔබේ හඬ ඇහෙනවා
සී පදේ තවම ඔබේ හඬ ඇහෙනවා
පෙරහරේ තවම ඔබේ හඬ ඇහෙනවා
ගම්මඩුවෙ තවම ඔබේ හඬ ඇහෙනවා
 

ජයන්ත ග. ජෝතියරත්න Silumina
(2011.04.03 දිනට යෙදුණු ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ මහතාගේ අනුස්මරණය වෙනුවෙනි.)