Pages

Tuesday, October 01, 2019

ලෝක ළමා දිනය බිහිවුණේ මෙන්න මෙහෙමලු

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

දරුවා ගැන දාර්ශනික අදහස් :

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද…..?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.


රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් ඇයි ?….

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි….?

දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි ?….

පරම්පරා අතර ඇති ගැටුම

අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා. ඔවුන් කියන්නේ අත්තම්මා , සීයා යනු කෝපි කාලයේ චරිත බවයි.

වැඩිහිටියා අවලංගු කාසියක් වීම

එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.

පුංචි පවුල රත්තරන්

පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.

දෙමව්පියන් නඩත්තුව බරක් වීම

දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

උපුටා ගැනීම - parenting.lk

Wednesday, September 25, 2019

Many happy returns of the day.................


'' ගොඩක්
ආදරේ කරන
කෙනාම තමයි
ගොඩක් රිදවන්නෙත්..........''

Tuesday, September 10, 2019

මරදානේ වරුවක්


දැන් ඉර අවරට ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින් වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.

දැන් පරිසරය ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත් වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.


මම මරදානට ඇවිත් අවුරුදු හතක් වුනත්, ලකී අයියා ඉපදිලා තියෙන්නේ මරදානේ. ඔහු මරදාන ගැන බොහෝ දෑ දනී. ලකී අයියට මේ නගරයේ සාමාජ සංස්කෘතිය හා බැදුනු සංසිද්ධීන් සම්බන්ධයෙන් තියන අවබෝධය ගැන මටනන් හිතෙන්නේ, ඔහු මේ නගරයට විශ්වවිද්‍යාලයක් කියල. ඔහු ඒතරමට ම මරදාන සම්බන්ධයෙන් සංවේදීයි.

ලකී අයියගේ දෛනික රාජකාරිය මේ නගරයට එන යන අය පරිස්සමට ඔවුන් අවශ්‍ය තැනට ත්‍රීවීල් එකෙන් සාධාරණ ගණකට ගෙනියන එක ඔහු ඒ කටයුත්ත හරියටම කරනව කියල මට හිතෙනව. ඔහු ගැන හා ඔහුගේ අත්දැකීම් සම්භාරය ගැන තියෙන්නේ වෙනමම කතාවක්, කොහොම වුනත් ලකී අයිය තමන්ගේ වැඩේ අවංකවම කරන අතලොස්සක් මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. මිනිස්සුන්ට දැනෙන්නේ නැතිවෙන්න ගෞරව කරන්න ආදරය කරන්න පුළුවන් සුන්දර මිනිහෙක්.

දැන වේලාව සවස 1.30 යි වරුවක නිවාඩුවක් අරගෙන වරුවක් මරදානේ කරක් ගහන්න හිතාගෙන කාර්යාලයෙන් එලියට බැස්ස මට මඟදී ලකී අයිය හමුවෙනව ඒත් තව ටිකක් හවස්වෙලා හමුවෙන බලාපොරොත්තුවෙන් තාවකාලිකව මම ලකී අයියගෙන් සමුගන්නව. දැන් මම මරදානේ ෆෘට් සිටිය ගාවින් කොයි පැත්තට යන්නද කියල හිතන කොටම කොළු පැටව් කීප දෙනෙක් පේමට් එක දිගේ මරදාන ස්ටේෂන් එක පැත්තට හනි හනිහකට යනව. දැන් ෆෘට් සිටි එක ලඟ පාරත් හරි කලබලයි. දැන් එතනත් කලර් ලයිට් හයිකරල. පාර දෙපැත්තේ තිබුණ ගස් කපල පාර පළල් කරල දැන් මේ කොන්ක්‍රීට් නගරේ හරි රස්නෙයි. කොහොමින් කොහොම හරි මම හැරෙනව ආනන්දේ පැත්තට.

ආනන්ද විද්‍යාලය පැත්තට ඇවිද ගෙනයන මට ආනන්දේ ගැන ගොඩාත් දේවල් හිතට එනව. ඔය ආනන්ද විද්‍යාලය ආරම්භ කරල තියන දවස ඒ වෙලාවේ නිච්චියක් නැති වුනාට පස්සේ මම දැනගත්තා කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ මුලිකත්වයෙන් 1886 නොවැම්බර් පළමු වැනිදා ආරම්භ වෙලා තියනව කියලා. අද වන විට විශාල දරුවන් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදෙන රටේ ජනප්‍රියම බෞද්ධ පාසල වන ආනන්ද විද්‍යාලය මේ රටේ ප්‍රමුඛතම පාසල් අතරින් එකක්. මෙවැනි පාසලක ඉගනීමට ලැබීමම දරුවෙකුට අභිමානයක්. කොහොම හරි කොළු පැටවුන්ගෙන් හොද හික්මීමක් වගේම ඒ හික්මීම අස්සෙන් පුංචි දඟකාර කමකුත් තියනව කියල මට හිතුනා.

දහවල් අව්රශ්මියත් පරිසරයේ උෂ්ණත්වයත් උපරිම තත්ත්වයකට ඇවිත් තියන වෙලාවේ මේ නගරේ හැම කෙනෙක්ම හරිම කඩිසරව එහෙට මෙහෙට යන ආකාරය හොදින් නිරීක්ෂණය කරමින්ම මරදාන ගැන ලකී අයිය කිවුව කථාවලට උදාහරණ මේ පරිසරයෙන්ම හොයමින් මරදාන ස්ටේෂන් එක පැත්තට ගාටන්න පටං ගන්නව.

අයි මෙච්චර මිනිස්සු මරදානට එන්නේ මරදානේ මොනවද ඔය හැටි තියෙන්නේ ටිකක් හොයල බලන්න හිතුන නිසා මම කෙලින්ම මරදානේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කාමරේ දොර ගාවින් නතර වුන මට හිතෙනව දැන් දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් අහන්න ගොඩාක් දේවල් ඒත් එතුමා ඉතාමත් කාර්ය බහුලයි. නමුත් ඔහු ඉතා ඕනෑ කමින් මා දිහා බලලා හිනා වෙලා එතන තියෙන දුරකථනයට එන ඇමතුමකට පිළිතුරු දෙනව. ඒත් එක්කම අනෙක් පසින් තවත් නිලධාරියෙක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දුම්රිය සේවකයෙකු ස්ථානාධිපති කාර්යාලයට කැදවන වා. ටික වෙලාවකින් ස්ථානාධිපතිතුමා මට එයා ළඟට කතා කරනව. දැන් මම එතුමාගෙන් අහනව. අද උදේ මරදානේ දුම්රිය ස්ථානයෙන් කොච්චර මඟීන් සංඛ්‍යාවක් එලියට ගියාද කියල එතුමා කියනව ලක්ෂයක් විතර ගියා කියල මම නැවතත් අහන්ව උදේට කොච්චි කීයක් විතර මරදානේ නතර කරනවද කියල එතුමා කියනව 60 ක් විතර නතර කරනව කියල. මම ඊළඟට එතුමාගෙන් අහනව හවසට මඟීන් කොච්චර විතර දුම්රිය ස්ථානය ඇතුලට එනවද කියල. එතුම කියනව ලක්ෂ එක හමාරක් විතර එවන කියල. කොච්චිත් 50ක් විතර නතර කරනව කියලත් කියනව. මම බොහෝම ස්තූතියි කියල එතනින් එළියට එනව. එතකොට ඔය කොච්චියෙන් විතරයි බස්වලින්, පෞද්ගලික වාහන වලින් තව කොච්චර ජනතාවක් මරදානට එනව ඇත්ද?

දැන් මම කල්පනා කරන්නේ ඇයි මෙච්චර සෙනගත් මරදානට එන්නේ කියල. ඇත්තටම ඒකම වෙන්න ඇති මරදානේ තියන විශේෂත්වේ. විවිධ කටයුතු සඳහා දෛනිකව විශාල සංඛ්‍යාවක් මරදානට එන්න හේතුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල වගේම තවත් රජයේ ආයතන විශාල ප්‍රමාණයක් මරදාන අවට පිහිටා තිබීම මෙන්ම ප්‍රසිද්ධ පොත්පත් සමාගම්, මුද්‍රණ කටයුත් කරන ආයතන, වාහන අමතර කොටස් මෙන්ම විදේශයන්ට ශ්‍රමිකයන් යවන රැකියා ඒජන්සී වගේම ජනතාව අතර සැරිසරන මට දකින්නට ලැබෙන්නේ ඇතැම් අය පූජා බාණ්ඩ තිබෙන කඩවලට ගොඩවී අටපිරිකර හා තවත් ඒහා සම්බන්ධ බොහෝදේ සම්බන්ධයෙන් විමසන ඒ වගේම පූජා බාණ්ඩ කඩවලින් ද මරදානට සුවිශේෂ තැනක් හිමිවෙනව වගේම දානේදී පිරිතෙදී බෞද්ධ ජනතාව මරදාන අමතක කරන්නේ නෑ.

දැන් දරුවන් සියලු දෙනාම පාසල් නිමවී ගෙවල් දොරවල් වලට ගිහින් අවසන්ය. දැන් මරදාන තවත් භාරදුර කටයුත්තකට සුදානම් වෙමින් සිටී. මා හිතවත් ලකී අයියා ද බොහෝ සෙයින් කාර්ය බහුල වී ඇති සේයාවක් පෙනේ. බොහෝ විට මේ ලකී අයියලාගේ පීක් ටයිම් එක ද වියයුතුය.

දැන් මරදාන අශ්‍රිතව පිහිටා ඇති කාර්යාල වලින් ෂෝට් ලීව් හරි ෂේප් ලීව් අරගත්ත නෝනාවරුන් හා මහත්වරුන් එක්කෙනා දෙන්නා එකිනෙකා පරයමින් කඩි මුඩියේ දුම්රිය ස්ථානය වෙත හතර වටින්ම ඇදි එමින් සිටී. උදේ පාන්දරින් ගෙදරින් කොච්චියට ගොඩවී මරදානට ආපු ලක්ෂයකට ආසන්න ජනාතවක් නැවතත් ගෙවල් දොරවල් වලට රැගෙන යාමට දුම්රිය ස්ථානය ලහි ලහියේ සූදානම් වෙයි.

ඒ අතර විවිධ වර්ගයේ මඟීන් ඇත. විවිධ වෘතිකයන්, විශ්ව විද්‍යාල සිසුන්, දෙමාපියන්, වැඩිහිටියන් සහ තරුණ පෙන්වතුන් හා පෙන්වතියන් එකම දුම්රියේ එකම පෙට්ටියේ හැමදාම ගෙදර යන එකම කාර්යාලයේ අයගෙන් සැදුම්ලත් මහ විශාල ජනකායක් දැන් මා ඇස් මානයේ ඇත. ඒ අතර ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න, දුම්රිය නැවැත්වීමට පෙර එයට නැගීමෙන් වළකින්න ආදී වශයෙන් විවිධ වු දැනුවත් කිරීම් වලද අඩුවක් නැත. ඒ අතර මඟීන්ගේ සුළු අතපසු වීමක් වුවද පසුම්බියට හො දුරකථනයට ඉව අල්ලමින් සිටින පිට් පොකට් කාරයින් නැතිනම් ගැටකපන්නන් ද දවස අවසානයේ සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර තවකෙනෙකුට දුකක් දී ඉතා සතුටින් අවසන් දුම්රියෙන් ගෙවල් දොරවල් බලා පිටත්ව යනු ඇත.

දැන් සවස 6.30 පසුවී ඇත. මේවන විට මරදාන සිය පුරවැසියන්ට භාරදී පිටතින් පැමිණි බොහෝ පිරිසක් මරදානෙන් ඈතට ගොස් ඇත. ඒත් මරදාන දුම්රිය ස්ථානය වැඩ අහවර කර නොමැත. දැන් මට නැවතත් ලකී අයියාගේ මඟ පෙන්වීම අවශ්‍යව ඇති බැවින් මම ඔහුට දුරකථන ඇමතුමක් ගත් නමුත් ඔහු පිටකොටුවට ගොස් ඇති බැවින් විනාඩි 10 කින් මා සිටින ස්ථානයට පැමිනෙන බව පවසමින් දුරකථනය විසන්ධි කල නිසා මා නැවතත් මරදාන පොලිස් ස්ථානය පැත්තට හැරී  බස් හෝල්ට් එක පසුකර වම් පැත්තට වෙන්න තියන ධවලගිරි හෝටල වෙත ගොස් ගතට දැනෙන අදික තෙහෙට්ටුව තේ කොප්පයකින් නිවාගත්තෙමි. ලකී අයියාගෙන් ලැබුණු ඇමතුමත් සමඟ ධවලගිරියෙන් එලියට එන මා කෙලින්ම ඔහුගේ ත්‍රී රෝදරියට ගොඩ වන අතර මේ කථාවේ දෙවන භාගය ආරම්භ කිරීමට ලකී අයියා සමඟ දැන් සේන්දු වෙන්නේ ටවර් හෝල් රඟහල දෙසටය.

ටවර් හෝල් රඟහල ගැන ලකී අයියට නම් ඇත්තේ දවස් ගානක් එක දිගට ලියාගෙන යාහැකි කතා ගොඩකි. නමුත් කෙටියෙන්ම ටවර් හොල් රඟහල මරදානට පමණක් නොව මුළු රටටම උරුම, ජාතික උරුමයක්. මරදාන පංචිකාවත්ත පාරේ පිහිටා ඇති ටවර් හෝල් ශ්‍රී ලාංකේය කලාකාමීත්වයේ අභිමානයයි. මෙය 1961 දෙසැම්බර් 06 දින ජාතික වීරයෙකු වශයෙන් ගෞරව බහුමානයට ලක්වන අනගාරික ධර්මපාලතුමා විසින් විවෘත කර ඇත. පණ්ඩුකාභය නැමති නුර්ති නාට්‍ය වේදිකා ගත කිරීමෙන් අරම්භ වන මෙරට නාට්‍ය වංශකථාව අද වන විට ස්වර්ණමය අවධීන් කිහිපයක් පසුකරමින් වර්තමානයේ නිහඩව පවතී. නමුත් අද දවසේද නාට්‍යයක් ප්‍රදර්ශනය වේ.

දැන් ඉර අවරට ගොස් රාත්‍රිය උදා වෙමින් මුළු නගරයම විවිධාකාර පීඩාවන් විදගනිමින් නේක වර්ණ විදුලි බුබුළු වලින් දහල් කාලයේ පැවති අවලස්සන නැති කරමින් මේ නගරය විවිධ පාටින් වර්ණ ගන්වා ඇත. මරදානට ඉහල අහසේ ඉතා නොබෝ දිනකින් පිපෙන්නට වෙර දරන නෙළුම් කුළුන දෙස බලාගෙන මමත් ලකී අයියත් විවිධ වු දෙවල් කථා කරමින් මේ අහස යට එදිනෙදා අපි විදින විදවමින් සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අත්දැකීම් බෙදා ගනිමින් මරදාන අහස යටද සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය සල්ලාපයක නිතරවීමට හිතාගෙන මරදාන ගුවන් පාලම උඩට ගොඩවීමු.
දැන් පරිසරය ඉතා සාමකාමී වී ඇත. දවසේ කටයුතු නිමාකර කඩ සාප්පුවල දොරවල් අඩක් වැසී ඉතිරි අඩත් වැසීමට ආසන්නය. දැන් මේ නගරය නින්දට සැරසුනත්, මේ රාත්‍රීකාලයේ අප සිටින මේ ඉසව්ව තවත් නිසොල්මනේ කෙරෙන කටයුක්තකට අර අදිමින් සිටින බවක් දැනේ.

ලකී අයියා සමඟ බොහෝ දේ කතා කිරීමට ඇතත්, අප පසුකරමින් අප දෙස ඉතා ඕනෑ කමින් බලමින්, කිටිකිටියේ හිර වෙච්ච සායක් ඇදගත්, අවපැහැ ගැන්වුණූ බෑගයක් අතින් එල්ලා ගත්, කුඩයක්ද අතින් ගත් දෙතොල් ඕනෑවටත් වඩා පාටකර කිසිදු තිගැස්මක් පෙන්නුම් නොකරමින්ම විටක අපගේ දකුණූ පසටත් විටක වම් පසටත්, ඉතා උනන්දුවෙන් මිනිසුන් දෙස බලමින් ගමන්ගත් ඇයට කමලාවතී යැයි අන්වර්ත නාමයකින් මෙතැන් සිට ආමන්ත්‍රනය කරමු.

කමලාවතී ද ඇය වැන්නියන්ද මේ මරදාන කේන්ද්‍ර කරගනිමින් සිය සේවාව අවැසි පුද්ගලයන් වෙත නිත්‍යානුකූල නොවන ආකාරයෙන් නීතියේ ඇස් මද වෙලාවකට වසාදමා දවසේ ගාන සරිකර ගනී. මා ලකී අයියාගෙන් අභිසරු ලියන් සම්බන්ධයෙන් මා ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නය දැන් අසමි. නමුත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අතිශයින්ම සාමාත්‍යය ‘මහත්තයා ඕක සමාන්‍ය දෙයක්නේ මේ නගරේ’ මේ වෙලාවට ඉතින් කවුරුත් මේ ගුවන් පාලම පාවිචිචි කරන්නේ නෑනේ ඔය ගෑනු තමයි මේ හරියේ ඉන්නේ අනික ඕක ලෝකේ පැරණිම වෘත්තිය ලු නේ, ඕක මේහේ විතරක් නොමෙයි හෑම නගරෙකම වගේ යසට කෙරෙනෙව නේ, ඔය ඉන්නේ වැඩකරල යන කොල්ලො අල්ල ගන්න නෙමෙයි. මැදිවියේ ඈයෝ තමයි ගොඩක් ඔව පස්සෙන් යන්නේ. අනිත් එක මහත්තයෝ ඔහොම ඇවිල්ල ඇවිද ඇවිද ඉන්න ඕන නෑනේ දැන් මෙයාලට හොද කස්ටම් බේස් එකක් තියනවනේ. ෆේන් එකෙන් තමයි සියලු දේ වෙන්නේ. එහෙමත් එකෙක් හොයා ගන්න බැරිවුනාම තමයි ඔය කමලාවතී වගේ ගෑණු පාරට බහින්නේ. ලකී අයිය ගානක් නැතුව කියාගෙන යනව. කිවුව සමහර ඒවා ගොඩාක් අමු නිසා මම නොලියම ඉන්න තීරණය කරනව.

ඉතින් තව ටිකකින් ටවර් හෝල් එකේ නාට්‍ය ඉවර වේවි. දැන්නම් අප සිටින ඉසව්ව හරිම නිශ්කලංකයි. නාට්‍ය ඉවර වෙනකම් ඉන්න තිබුණ අදහස මම වෙනස් කර ගන්නව, කොන්දේසි විරහිතව. මොකද දැන් මගේ කුතුහලය නැති වෙලා ගිහින් නිසා. දැන් මට හිතෙනව මාතර බත් කඩෙන් රෑට කාලා බොඩින් කාමරයට යන්න. කමලාවතී ඇයට සාධාරණ ගානක් ගෙවන කවුරුන් හෝ සමඟ පංචිකාවත්ත පැත්තට හරි ටී.බී.ජයා මාවත දීගේ හරි බොරැල්ල පැත්තට හරි එහෙමත් නැත්තන් පිටකොටුව පැත්තට හරි යයි. අද වරුව වගේම හෙට දවසෙත් හවස් වරුව මේ වගේම වෙයි. කමලාවතීලත් දෛනිකව ගුවන් පාලම උඩඩට හරි යටට හරි ඒවී. ටවර් හෝල් රඟහල හෙටත් නාට්‍ය රඟදක්වයි. මේ වරුව මරදාන අහසයට මට දුන්න අත්දෑකීම ඔබත් මනසින් විදගනීවී.

ඇත්තෙන්ම මරදාන ප්‍රඥාවෙන් ආනන්දයටත් ඉන් අනතුරුව අනුරාගයටත් මනසින් කැන්දාගෙන යන මිහිමත අපූරු නවා තැනක්. හෙට දවස මෙ පොළව මත බොහෝ සුන්දර මහා ප්‍රතාපවත් මිනිසුන් බිහිවනු ඇත. ඉතින් දවසක නැවත හමු වෙමු.

රංජිත් කපුගේ