Pages

Friday, December 25, 2015

අසිරිමත් නත්තල උදාවෙයි

ලොවපුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උප්පත්තිය සිහි පත් කරමින් අද (25) නත්තල සමරති.

අසිරිමත් නත්තල මුලු ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් මහත් භක්තියකින් සමරනු ලබන උත්සවයකි. වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස එය සමරනු ලබයි.

සෑම වසරකම දෙසැම්බර් 25ට පෙරදා මධ්‍යම රාත්‍රියේ සිට දේව මෙහෙයන්ට සහභාගි වෙමින් නත්තල උදාව පිළිගනියි.

නත්තල් සිරිත්

“නත්තල” යන වචනය සැදී ඇත්තේ “නතාල්” නම් පෘතුගීසි වචනයෙනි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. ඕලන්දයේ නත්තල හඳුන්වනු ලබන්නේ කර්සටමිස් යනුවෙනි. ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස් (Christmas)ය.

අප රටේ නත්තල පවත්වනු ලබන්නේ දෙසැම්බර් මස 25 වැනිදාය. ඒ 24 වැනිදා මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පැවැත්වීමෙන් අනතුරුව ය.

නෙදර්ලන්තයේ නත්තල් උත්සවය පවත්වනු ලබන්නෙ ශුද්ධවූ ශාන්ත නිකුලස්තුමාගේ මංගල්‍යය යී ඇති දෙසැම්බර් හයවැනිදාට ය. එහෙත් සියලු ආගමික වතාවත් දෙසැම්බර් මස 25 වැනිදා පැවැත්වේ.

බැසිලිකා දෙව්මැදුර

ඉතාලියේ රෝමයේ පිහිටා ඇති බැසිලිකා දෙව්මැදුර, ආගමික පිළිවෙත් මධ්‍යස්ථානය ලෙස සැළකේ. එහි, වතිකානුවේ ශුද්ධෝත්තම පාවුළු පාප්වහන්සේ වැඩවසති. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා හා 25 වැනි දින පැවැත්වෙන දේව මෙහෙය ද ලොව පුරා ප්‍රචාරය කෙරේ.

දේවස්ථානයේ නත්තල් මහා දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. පූජාවෙන් අනතුරුව පාප්වහන්සේ, ආශීර්වාද සුබ පණිවිඩය කියවයි.

නන්තල් ගවලෙන

බෙත්ලෙහෙමේ ගව ලෙනකදී සිදුවු ජේසු බිළිඳුගේ උපත සිහිපත් කිරීම සඳහා, කිතුනු බැතිමතුන් - ගවලෙනේ අනුරුවක් නිර්මාණය කරයි. සියලු දේවස්ථානවල ද ගවලෙන සකස් කරයි.

ගවලෙන නිර්මානාරම්භය 1223 දක්වා දිවෙයි.

නත්තල් ගස

නත්තල් ගසේ මූලාරම්භය ජර්මනියයි. නත්තල් ගස සාදා වල්ගා තරුවක්, සෙල්ලම් බඩු ද නත්තල් සීයාගේ අනුරුවක් ද එල්ලා, දිලිසෙන කොළවලින් එය අලංකාර කිරීමත් සිරිතකි.

නත්තල් සුබ පැතුම් පත

නත්තල් කාඩ්පතක් සුබ පැතුමක් ලෙස නිකුත් වූයේ 1843 දී. 1874 දී ජර්මන් ජාතිත ලුවිස් ෆ‍්‍රෑන්ක් - නත්තල් කාඩ්පත් අමෙරිකාවේදී මුද්‍රණය කර, ප්‍රසිද්ධ කර තිබේ. නත්තල් මුද්‍රාවක් පළමුවරට 1904 දී ඩෙන්මාර්කයේදී භාවිත වී ඇත. නත්තලට විශේෂිත වූ සුබ පැතුම් කාඩ්පතක් 1840 බ්‍රිතාන්‍ය තැපැල් සේවය ආරම්භ වීමත් සමඟ තැපෑලෙන් යැවීම ද ආරම්භ වී ඇත.

නත්තල් සීයා

නත්තලේ දී පොඩි දරුවන්ගේ ආදරය දිනාගත් තැනැත්තා නත්තල් සීයා නැතිනම් 'සැන්ටාක්ලෝස් '. නත්තල් සීයා, වර්ෂ 270 දී පමණ තුර්කියේ මයිරා නගරයෙන් බිහිවිය. කුඩා කල සිටම ආගමට දහමට ලැදිව කටයුතු කළ ශාන්ත නිකලස්, තම මිල මුදල් දුප්පතුන්ට බෙදා දෙමින් අනුන්ගේ දුකට පිහිට වූ කෙනෙකි.

පසු කලෙක දේවගැතිවරයෙකු වූ නිකුලස්තුමා ළමයින්ගේ දුකට පිහිට වූ අතර දුප්පතුන් සොය සොයා ගොස් උදව් උපකාර කර ඇත. නත්තල් සීයා නමින් ප්‍රකට වූ එතුමා, වර්ෂ 341 දෙසැම්බර් මාසයේදී ස්වර්ගස්ථ විය.

පසු කලෙක නිකුලස්තුමාගේ හැඩරුව ඇති අයකු රතු ලෝගුවත්, රතු උස් තොප්පියත්, සුදු රැවුලත් සහිත තෑගි පිරුණු දෑතත් සමඟ සිටීමෙන් නත්තල් සීයා බවට පත් විය.

ඉතාලියේ නත්තල් සීයා වන්නේ කාන්තාවකි. ශාන්ත බෙනානා නමින් හැඳින්වෙන ඇය, නත්තල් දිනට පෙර දින තෑගි භෝග රැගෙන ගෙන්ගෙට ගොස්, ළමයින්ට තෑගි බෙදා දෙයි.

ප්‍රංශයේ නත්තල් සීයා හඳුන්වනු ලබන්නේ, පිරිනොයෙන් යනුවෙනි. ස්විට්සර්ලන්තයේ නත්තල් සීයා බිෂොප්වරයකු මෙන් සැරසී තෑගි භෝග බෙදා දෙයි.

බ්‍රිතාන්‍ය

බ්‍රිතාන්‍යයන් නත්තල් දින රාත්‍රියේ ගෙමිදුලේ කෑම බන්දේසියක් තබයි. ඒ වෙහෙස වී පැමිණෙන මරියතුමියට සලකන ආකාරයෙනි.

ඉදිරි වසර තුළ ජීවිතය ආලෝකවත් වීම සඳහා ද නත්තල් දින රාත්‍රියේ විශාල ලී කොටයකට ගිනි තබයි. නත්තල් ඉටිපන්දම යනුවෙන් හැඳින්වෙන එහි අඟුරු නිවෙස්වල ඉතා සුරැකිව තබා ගනිති. ඒ ප්‍රේත උපද්‍රව, සතුරු උපද්‍රව හා අකුණුවලින් ගැලවීම සඳහාය.

එමෙන් ම නත්තල් දින රාත්‍රී කාලයේදී ඇපල් අනුභව කිරීමෙන් මුළු වසර පුරාම නිරෝගීව සිටිය හැකි බවටත් විශ්වාස කෙරේ.

ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියාවේ සෑම නිවෙසකම නත්තල් විශේෂ පාන් ගෙඩි දෙකක් සාදයි. සංකේතවත් කරන්නේ බයිබලයේ අඩංගු පුරාණ ගිවිසුම හා නව ගිවිසුමයි. නත්තල් භෝජන සංග්‍රහයෙන් පසු සියලුදෙනා එක්වී, මේ පාන් ගෙඩි දෙක අනුභව කරයි. එමෙන් ම සෑම නිවෙසකම ඉටිපන්දම් තුන බැගින් ද දල්වයි.

ඉන්දියාව

නිවෙස් අලංකාරය සඳහා කෙසෙල් ගස් හා අඹ ගස් භාවිත කරයි. නිවෙස් ඇතුළත අඹ අතු එල්ලා අලංකාර කරයි. ලබන අතර, නිවෙස ඉදිරිපිට පේළියට මැටි පහන් දල්වයි.

මෙක්සිකෝව

ජුසේතුමා හා මරියතුමී බෙත්ලෙහෙමේ නවාතැන් සොයමින් තැනින් තැන ගිය ආකාරයට නත්තල සමරයි. නත්තලට දින 9කට පෙර ඔවුන් උත්සවය ආරම්භ කරයි. ඒ ජුසේතුමා හා මරියතුමිය නාසරෙත් සිට ‍බෙත්ලෙහෙම දක්වා පැමිණි දින නමය සිහිපත් කිරීමටයි.

එංගලන්තය

පවුලේ අය එක්වී, දේව කතාවලට සවන් දී දී නත්තල සමරයි.

ග්‍රීසිය

නත්තල් සමයේදී ශාන්ත නිකුලස්තුමා මහත් ඉහළින් සැමරීම ග්‍රීක වැසියන්ගේ සිරිතයි. දරුවන්, කණ්ඩායම් ගැසී ගම්වැසියන්ට සුබ පතමින් ගමක් ගමක් පාසා යයි. දරුවන්ට වියළි පළතුරු හා රසකැවිලි තෑගි වශයෙන් ලබාදීමට නිවැසියන් සූදානම්ව සිටී.

රුසියාව

රුසියානු ජනතාව නත්තල් මේසයට මස් භාවිත නොකරයි. ඒ සඳහා ඔවුන් ධාන්‍යවලින් සැදූ කුත්යා නම් රොටි විශේෂයක් තබයි. එකම බඳුනක මේ රොටී දමා ඇත. සහභාගි වන සියලු දෙනා, බඳුනට අතපොවා, රොටි ගෙන අනුභව කරයි. එසේ අනුභව කිරීමෙන් සෞභාග්‍ය උදාවන බව විශ්වාසයයි.

පිලිපීනය

කැරොල් ගී ගායනා කරමින්, නිවෙස්වලට ගොස් කා බී විනෝද වෙයි. ඒ අතර නත්තල් සීයා ද තෑගි භෝග රැගෙන පැමිණේ.

ස්වීඩනය

ස්වීඩනයේ නත්තල් උත්සවය ආරම්භ වන්නේ දෙසැම්බර් 13 වැනිදාය. මෙදින රසවත් ආහාර පිළියෙළ කරන වැසියෝ, ඒවා අනුභව කරමින්, නත්තල් ගී ගයමින් ප්‍රීති වෙයි. නත්තල අවසන් වන තෙක්ම එසේ ප්‍රීති වීම ඔවුන්ගේ සිරිත යි.

නත්තල් දින උදේ පහට පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට යන මොවුන්, මඟදී හමුවන හැමටම සුබ නත්තලක් වේවායි පැතුම් එක කරයි. මෙදින දේවස්ථාන අල්තාරවල සහ කවුළුවල ඉටිපන්දම් දල්වා ආලෝකවත් කරන්නේ එම ආලෝකය තම ජීවිත ආලෝක කරන බවට ද විශ්වාස කරන බැවිනි.

ඉරානය

රජතුන් කට්ටුව වාසය කළ ප්‍රදේශය ලෙස සැලකෙන මෙහි නත්තල සැමරීම ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් පළමුවැනිදාය. එදින ආහාර අනුභව නොකරයි.

නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබයි. අසිරිමත් නත්තල - මුලු ලොවපුරා පවත්වන උත්සවයකි.

ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා...'ලොස්ට් 1982' ප්‍රාර්ථනයයි.

Thursday, December 24, 2015

ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා

ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා

ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
මා හසුවී මාරුතේ
මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමි‍ඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමි‍ඳේ

ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමි‍ඳේ

ආද‍ර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමි‍ඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී

Wednesday, December 23, 2015

ප්‍රබුද්ධ

රත් දෙතොල් අතරෙහි

පිරී තිබුනේ අමන රාගය,

අඳුන් ගැ නෙත් කොන්වල

රැදී තිබුණේ ඊර්ෂ්‍යාවය :

සතුටු සාමිව පිළිසඳර තුළ

කැපී පෙනුණේ වෛරයක්ම ය .

‘ප්‍රබුද්ධ

හිස්ය මේ ජිවිතය :

බොල්ය මේ ජිවිතය :

බලව රන් දුහුල් යට !

සුවඳ විලෙවුන් අතර

අතට අත දෙන ඇඟිලි කරු අතර

නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම .

මහගම සේකර

Tuesday, December 22, 2015

Don’t weigh yourself today

Did you know there’s one day of the week that is better than all the others when it comes to weighing yourself to track your weight-loss efforts? It’s true, and a new study by the Public Library of Science discovered that the best day each week is Wednesday. First off, if you are a weight watcher you probably know that you should only weigh yourself once per week (and not daily weigh-ins) when monitoring your weight.

Reason being, weight naturally fluctuates from day to day and stepping on the scale daily will only prove to be a very discouraging practice as you see the numbers go up and down all over the place throughout the week.

Instead, by weighing yourself only once a week at the same time of day (first thing in the morning before eating or drinking anything is the recommended time) you’ll get a much more consistent reading and a true measure of your week-to-week progress.

So why Wednesday? 
Well, the Public Library of Science study showed two things:

1. When maintaining weight, Wednesday was found to have the least week-to-week fluctuations, so you’ll get the most accurate reading by weighing in on Wednesday. 
2. Wednesday also just so happened to be the day when people weighed the least each week. Since folks tend to indulge more on the weekends, this makes perfect sense. You’ll weigh the least and get the most accurate reading by weighing yourself smack dab in the middle of the week each week.

What to do with this information: Weigh yourself only once a week, on Wednesday morning, first thing when you wake up and before eating or drinking anything. Do that and you’ll get the most accurate picture of your weekly weightloss progress!

- BioTrust Nutrition

Thursday, December 10, 2015

හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම’

මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව සිටිමි. මගේ දරුවා, සහ මගේ අනෙක් ඥාතීන් මා අසලය. මම කමි බොමි. ගමන් යමි. මිතුරු මිතුරියන් හමුවෙමි. දුක් කරදර සමහරක් පසෙකින් ඇතත්, සැහැල්ලුව සිනාසෙමි. මම ජීවත් වෙමි. මට කිසිදාක රස්සාවක් කරන්නට සවුදි අරාබියට යන්නට සිදු නොවන බව මම දනිමි. කළ කිසිදු වරදක් නැතිව අදුරු හිරගෙයක් තුළ හිරවී, පැය කිහිපයකින් එළඹෙන අතිශය භයංකර මරණයක් ගැන භීතියෙන් සලිත වෙන්නට මට සිදු නොවන බව මම දනිමි.


මම ද ඇය මෙන්ම ශ්‍රී ලාංකික වෙමි. මම ද ඇය මෙන්ම ගැහැණියක වෙමි.

නමුත් ඇගේත් මගේත් අද ඉරණම අහසට පොළොව වූයේ කෙසේද? ඇය උපන්නේ මට වඩා අතිශයින් දුප්පත් පවුලක වෙන්නට ඇති. මගේ දෙමව්පියන්ට තරම්වත් හයියක් ඇගේ දෙමාපියන්ට නොතිබෙන්නට ඇති. දුප්පත්කම නිසා හෝ දුප්පත්කමත් සමග ඈදුණු දහසකුත් හේතු නිසා ඇයට මා තරම්වත් අධ්‍යාපනයක් ලබන්නට නොහැකි වෙන්නට ඇති. වෙන කුසලතාවක් දියුණු කරගන්නටත් නොහැකි වෙන්නට ඇති. ජිවත් වෙන්නට අවශ්‍ය මූලික දේවල් ටිකවත් සරි කරගන්නට මාවතක් ඇත්තේම නැති වෙන්න ඇති. උදව්වක් ඉල්ලාගන්නට දැන ඇනුම්කම් තියෙන මොකෙක්හරි දේශපාලකයෙක් වත් ඉන්න නැතුව ඇති. කවදහරි ගේ කෑල්ලක් හදාගන්න සොච්චමක් හරි මාසෙට ඉතුරු කරගන්න පුළුවන් පඩියක් හම්බවෙන රස්සාවක් ලංකාවේ හොයාගන්න බැරි වෙන්න ඇති…..රට යන එක එකම විසදුම වගේ පේන්න ඇති. ඕස්ට්‍රේලියාව, ඉතාලිය, වගේ හොද රටකට යන එක ගැන හීනෙකට වත් හිතලා වැඩක් නැති නිසා සවුදි අරාබිය කියන ම්ලේච්ඡ රටට කඹුරන්න යන්න පාස්පෝට් හදන්න ඇති…….මොනතරං දහ ජරා රටක් වුණත් කොහොම හරි කාගෙන දුක් විදලා තඹ දොයිතුවක් හොයාගෙන එනවා කියන ධෛරිය හිතේ තියන් ඉන්න ඇති.

ඇය සවුදි අරාබියට යන එක වළක්වන්න අපේ සමාජයට බැරි වෙන්නේ ඇයි? රිසානාව බෙල්ල කපලා මරා දැම්මට පස්සෙවත් සවුදි අරාබියට කියන අපායට නොයා මෙහේ මොනවහරි කරගෙන ජිවිතේ ගෙනියන්න ඇයව යොමු කරවන්න අපට බැරි වෙන්නෙ ඇයි? කෝටි ප්‍රෙකා්ටි ගණන් ගසා කන දේශපාලකයො ඉන්න රටක් අපි. කෙළකෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාර හිමි පෝසතුන් ඉන්න රටක් අපි. ජාතිය බේරාගන්න සිවුරු උස්සාගෙන පොලු මුගුරු අමෝරාගෙන දගලන දේශප්‍රේමියො වැහි වැහැපු රටක් අපි…..ඒත් සවුදි යන එක මිස වෙන මගක් ඇයට පෙන්වන්නට බැරි වෙච්ච සමාජයක් අපි.

සවුදි යන ගෑනුන්ගෙන් සමහරු බෙලි කපලා, ගල් ගහලා මරා දානවා…..ආණ්ඩුව ඒවා ආරංචි වුණාම සමාව දෙන්න කියලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලනවා…නිකං ඔහේ නමට ඉල්ලනවා… . කවදාවත් කවුරුවත් ම්ලේච්ඡ මරණයෙන් ගැලවෙන්නෙ නෑ…… කොච්චර මැරුවත්. දිගටම අපේ දුප්පත් ගෑනු සවුදි යනවා….

අඩුගාණේ සවුදි ආරාබිය කියන තිරිසන් නීති තියෙන, ම්ලේච්ඡ රටට යන්න එපා කියලා මේ දුප්පතුන්ට කියන්න අපේ රජයට බැහැ……එහෙම කියලා ඒ අයට දෙන්න රස්සාවල්, නැහැ. බඩජාරි දේශපාලකයන්ට ඇමති කං සිය ගණං දීලා කෝටි ගණන් වියදම් කර කර උන්ව නඩත්තු කරමින්, දේශපාලකයන්ට රටේ සල්ලි මහා පරිමාණයෙන් හොරාකන්න ඉඩ සලසමින්, කූඨ ව්‍යාපාරිකයින්ට රටේ සම්පත් සූරා කන්නට ඉඩ හරිමින් අපි ඉස්සරහට යනවා. කවුරු කොහොම මරා දැම්මට අපි මොනව කරන්නද, සවුදියෙ නීති අපිට වෙනස් කරන්න බෑනෙ, ගිය අයත් දැන ගන්න ඕනා හරියකට හැසිරෙන්න වැනි දේවල් කියා අත පිහදාගෙන පුළුවන් එකාලා ඇති තරං හම්බ කරගෙන, බැරි එවුං සවුදි බැරිනං යමලෝකෙට වුණත් ගිහිල්ලා ජිවත් වෙයල්ලා කියා අත පිහදාගනිති.

රජය මැදිහත්ව මේ රටේ අන්ත දුප්පත්කම නැති කරන්නට පියවර ගන්නා තාක්, ගැහැණු සවුදි අරාබියට යනු ඇත. එහිදී මරා දැමෙනු ඇත. කිසිවෙකු මරා දැමීමට නියම වූ විට පමණක් අප කම්පනයට පත් වීම සෑහෙන්නේ නැත. අන්ත දරිද්‍රතාවෙන් ඈත ගම් දනව්වල ජනයා ගලවා ගත හැකි ආර්ථික වැඩ පිළිවෙලක් වෙනුවෙන්, රජයට බල කෙරෙන මහජන ව්‍යාපාරයක් වටා පෙළ ගැසීය යුතුය. එසේම මහා පරිමාණ දූෂණය, නාස්තිය වළකා දේශපාලකයන් සන්තර්පණයට නොව මහජන යහපත පිණිස රටේ සම්පත් යොදවන ලෙස රජයට බල කෙරෙන ව්‍යාපාරයකට සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතුය.

නදී කම්මැල්ලවීර

Wednesday, December 09, 2015

ලෝකය බියෙන් සලිත කළ අයිඑස් ත‍්‍රස්තවාදයේ පැටිකිරිය

පසුගියදා ප‍්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූයේය. එම ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 350කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයේ වගකීම පැවැරුණේ අයිඑස් අයිඑස් ත‍්‍රස්තවාදී සංවිධානයටය. පසුගිය වකවානුවේ ලොව විවිධ රටවල සිදුවූ බොහෝ ත‍්‍රස්ත කි‍්‍රයාවලට වගකිව යුතු වූයේ දැනට සිටින කෲරතම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙසින් සැලකෙන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා නොහොත් අයිඑස් අයිඑස් සංවිධානයයි. නොබෝ දිනකින් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරටද ප‍්‍රහාරයක් එල්ල කරන බවටද ඔවුන් ප‍්‍රතිඥා දී තිබේ.

ලොව සියලූ රටවල් ඉස්ලාමික ආධිපත්‍යයට නතු කර ගැනීම ස`දහා සිහින මවන මෙම සංවිධානය ඒ ස`දහා විවිධාකාරයේ ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් සිටියි. ඔවුන් නිර්මාණය කිරීමට අපේක්ෂිත නව ඉස්ලාමික රාජ්‍යයේ පාලනය අතීතයේ මෙන් කාලිෆ්වරයකු යටතේ කරගෙන යෑමට තීරණය කොට තිබේ. එම රාජ්‍යයේ කි‍්‍රයාත්මක වනුයේ ෂරියා නීතියයි. 8 වැනි සියවසේ සිට 15 වැනි සියවස අතර කාලයේ ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ ප‍්‍රංශයේ ඇතැම් භූමි ප‍්‍රදේශවලද මෙවැනි ඉස්ලාමික රාජ්‍යයක් පැවැතියේය. ඔවුන් එම කලාපය නම්කොට තිබුණේ ඇන්ඩාලූස් නමිනි.

අයිඑස් ත‍්‍රස්ත සංවිධානය බිහි වීමට බලපෑවේ ජොර්දාන ජාතික අබු මුසාබ් අල් ෂර්කාවි 1999 බිහි කළ ජමාට් අල් තව්හිඞ් වල් ජිහාඞ් නම් සංවිධානයයි. ෂර්කාවි අල් කයිඩා සංවිධානයේ සාමාජිකයකු නොවුවද ඔහුට ඇෆ්ඝනිස්ථානයේ කි‍්‍රයාත්මක වූ අල්කයිඩා සංවිධානය සමඟ සබ`දතා තිබිණි. 2003 සිට 2006 අතර කාලයේ ඉරාකයේ සිදුවූ බොහෝ ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ වූයේ තව්හිඞ් වල් ජිහාඞ් සංවිධානයයි. ඉරාකයේ ෂියා මුස්ලිම් දේවස්ථානවලට, සිවිල් ජනතාව ගැවසෙන ස්ථානවලට, රාජ්‍ය ආයතනවලට, තානාපති කාර්යාල සහ විවිධ ජාතීන්ගේ හමුදාවට අයත් සෙබළුන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ ඔවුන් විසිනි. 

2003 වසරේ ඉරාක ආක‍්‍රමණයත් සමඟ ෂර්කාවි, ඔසාමා බින් ලාඩන්ගේ අල් කයිඩාවත් සමඟ එක්වූ අතර ‘ඉරාක අල්-කයිඩා’ සංවිධානය ලෙසින් ප‍්‍රචලිත වූයේ ඔවුහුය. සංවිධාන දෙක අතර උපාය මාර්ගික වෙනස්කම් පැවැතියද සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුනට හැකි විය. 2005 ජුලි මාසයේ එවක අල්කයිඩා සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූ අයිමන් අල් සවාහිරි, ෂර්කාවි වෙත ලිපියක් යවමින් ඉරාක යුද්ධය අදියර හතරකින් කි‍්‍රයාත්මක කළ යුතු බව කියා සිටියේය. එහි එක් අරමුණක් වූයේ ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදා පලවා හැරීම සහ කාලිෆ්වරයකු යටතේ ඉස්ලාමීය බලය ලොව පුරා ව්‍යාප්ත කිරීමය. ඉරාකයේ අසල්වැසි රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය කිරීම සහ ඊශ‍්‍රායෙලයට පහරදීම ඔවුන්ගේ අනෙකුත් අරමුණු වූයේය. 

ලොව පුරා සිටි ජිහාඩි සංවිධානවලින් ෂර්කාවිගේ සංවිධානයට අවශ්‍ය සම්පත් සහ පුද්ගලයන් බ`දවා ගැනීමට අවශ්‍ය සහය ලැබිණි. සියලූ සුන්නි මුස්ලිම් ත‍්‍රස්ත සංවිධාන ෂර්කාවි සමඟ එක්වී ‘මුජහිදීන් සුරා කවුන්සලය’ බිහිකර ගත්හ. අල් කයිඩා සංවිධානයේ පූර්ණ ආශීර්වාදය ෂර්කාවිට ලැබුණු අතර ඉරාකය සමස්ත ජිහාඩි ත‍්‍රස්තවාදීන්ගේ මූලස්ථානය බවට පත් වූයේය. ෂර්කාවිගේ ඇතැම් උපාය මාර්ගික කි‍්‍රයාමාර්ග පිළිබ`දව අල් කයිඩාවේ පැහැදීමක් තිබුණේ නැත. 2005දී අම්මාන්හි සංචාරක හෝටල තුනකට එල්ල කළ ප‍්‍රහාරය හේතුවෙන් ඔහු අල්කයිඩාවේ දෝෂදර්ශනයට ලක් විය. 2006 ජුනි 7 වැනි දින අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් අබු මුසාබ් අල් ෂර්කාවි ඝාතනය කෙරිණි. ඔහුගෙන් පසු ඉරාක ඉස්ලාමික රාජ්‍යයේ නායකයා බවට පත් වූයේ ඊජිප්තු ජාතික සටන්කාමියකු වූ අබු අයුබ් අල් මස්රිය.

2006 ඔක්තෝබර් 12 වැනි දින මුජහිදීන් සුරා කවුන්සලය තවත් කුඩා ත‍්‍රස්තවාදී සංවිධන තුනක් සහ සුන්නි මුස්ලිම් ගෝත‍්‍ර සයක් සමඟ එක්ව ‘මුතයිබීන් සන්ධානය’ නමින් සන්ධානයක් ගොඩ නැඟීීය. ඔවුන් අල්ලා දෙවියන් ඉදිරියේ සපථ කරමින් කියා සිටියේ තම විරුද්ධවාදීන් වන ෂියා මුස්ලිම්වරුන් විනාශ කරන බවකි. ඉරාක ඉස්ලාමික රාජ්‍යය (අයිඑස්අයි සංවිධානය) බිහිවූයේ එම සන්ධානගතවීමත් සමඟිනි. එහි එමීර්වරයා ලෙසින් නම් කෙරුණේ අබු ඔමාර් අල් බග්ඩාඩිය. ඉස්ලාමික රාජ්‍යයයේ දස දෙනකුගෙන් යුතු ඇමති මණ්ඩලයේ යුද කටයුතු පිළිබ`ද ඇමතිවරයා ලෙස අබු අයුබ් අල් මස්රි නම් කෙරිණි.
2010 අපේ‍්‍රල් 18 වැනිදා ඉරාක සහ ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අබුු අයුබ් අල් මස්රි සහ අබු ඔමාර් අල් බග්ඩාඩි ඝාතනය කෙරිණි. ජනරාල් රේ ඔඩිනෝ පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා ස`දහන් කළේ එම මෙහෙයුමින් අයිඑස්අයි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් 42කු ඝාතනය වී හෝ අත්අඩංගුවට පත්වී හෝ ඇති බවයි. එමෙන්ම පාකිස්ථානයේ අල් කයිඩා සංවිධානය සමඟ පැවැති සබ`දතාද අඩාළ කර ඇති බැව් ස`දහන් කළේය.

අබු ඔමාර් අල් බග්ඩාඩිගෙන් පසු ඉරාක ඉස්ලාමික රාජ්‍යයේ නායකත්්වට පත් වූයේ අබු බකර් අල් බග්ඩාඩිය. සංවිධානයේ ඉහළ පෙළේ නායකයෝ ඝාතනය වී හෝ අත්අඩංගුවට පත්වී හෝ තිබීම මත ඔහුට නායකත්වයට පත්වීමට හැකි විය. සදාම් හුසේන් පාලන සමයේ භාතිස්ට් හමුදාවේ සේවය කළ හමුදා නිලධාරීහු බොහෝ දෙනෙක් කලක් ඇමෙරිකානු හමුදාවේ අත්අඩංගුවට පත්ව සිට ඒ වන විට නිදහස් වී සිටියහ. ඔවුන්ගෙන් කමාන්ඩර්වරු 25 දෙනකු පමණ බග්ඩාඩි සමඟ එක්වූහ. මේ අතුරින් එක් අයෙකු වූයේ හාජි බාකර් නමින් හැ`දින්වුණු කර්නල් සමීර් අල් ක්ලිෆාවිය. බග්ඩාඩිගේ හමුදාවේ ප‍්‍රධානයා බවට පත්වූයේ ඔහුය. අයිඑස් අයිඑල් නොහොත් ඉරාකය සහ නැගෙනහිර මධ්‍යධරණී ඉස්ලාමික රාජ්‍යය බිහි කිරීමේ පදනම දමනු ලැබුවේ ඔහු විසිනි.


2011 මාර්තුවේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාඞ්ට එරෙහි ‘සිරියානු අර්බුදය’ පැන නැඟිනි. විරෝධතාකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම් නිර්මාණය විය. අල් බග්ඩාඩි සිරියානු සහ ඉරාක ගරිල්ලා සටන්කාමීන් පිරිසක් සිරියාව වෙත යවනු ලැබුවේ තම සංවිධානය සිරියාවේ ස්ථාපනය කිරීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි. එම කණ්ඩායමට නායකත්වය සැපයූවේ අබු මුහමඞ් අල් ජුලානි විසිනි. ඔවුන් හැදින්වූයේ ජබාට් අන් නුස්රා ලි අහිල් අෂ් ෂම් නැතිනම් ‘අල් නුස්රා’ පෙරමුණ නමිනි. අල් නුස්රා සංවිධනය සටන්කාමී සංවිධානයක් ලෙස කඩිනමින් ව්‍යාප්ත වන්නට විය. අසාඞ්ගේ රජයට එරෙහි විරෝධතාකරුවෝ ඔවුන් හා අත්වැල් බැ`ද ගත්හ.

2013 අපේ‍්‍රල් මාසයේ අල් බග්ඩාඩි මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් අල් නුස්රා සංවිධානය නිර්මාණ කළේත්, එයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයනු ලැබුවේත්, ඉරාක ඉස්ලාමීය රාජ්‍යය විසින් බැව් කියා සිටියේය. තමන් එම සංවිධාන දෙක ඒකාබද්ධ කිරීමට තිරණය කර ඇති බවත්, නව සංවිධානය ‘ඉරාක ඉස්ලාමීය අල් ෂාම් රාජ්‍යය’ වශයෙන් නම් කරන බවත් ඔහු පැවසීය. එහෙත් අල් නුස්රා සංවිධානයේ නායකයා වූ අබු මොහොමඞ් අල් ජුලානි එයට විරුද්ධ විය. තමන් තවමත් එවැනි නිගමනයකට පැමිණ නොමැති බව ස`දහන් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට ඔහු පියවර ගත්තේය. අල් කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් ෂවාහිරි නායක දෙපළට දැනුම් දුන්නේ තමා මෙම එක්වීමට විරුද්ධ බවකි. මේ අතර අයිඑස් අයිඑල් සංවිධානය සිරභාරයේ සිටි 500කට අධික තම සාමාජිකයන් නිදහස් කරගැනීම ස`දහා තාජි සහ අබු ගරීබ් බන්ධනාගාරවලට ප‍්‍රහාරයක් එල්ල කළහ. මෙයින් කෝපයට පත් අල් ෂවාහිරි අයිඑස් අයිඑල් සංවිධානය විසුරුවා හරින ලෙසට බලකර සිටියේය. අට මාසයක් මුළුල්ලේ පැවැති බල අරගලය නිමාවූයේ 2014 පෙබරවාරියේදී අල් කයිඩාව අයිඑස් අයිඑල් නොහොත් ඉරාකය සහ නැගෙනහිර මධ්‍යධරණී ඉස්ලාමික රාජ්‍යය සමඟ පැවැති සියලූ සබ`දතා අත්හැර දැමීමෙනි.

අයිඑස් අයිඑල් සංවිධානය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමන් සිදුකරන කෲරකම් ලොවට ප‍්‍රකාශ කළේය. පුද්ගලයන් පණ පිටින් ගිනි තැබීම, සොල්දාදුවන්, පුවත්පත් කලාවේදීන්, සාමාන්‍ය සිවිල් ජනයා සහ සහන සේවකයන්ගේ ගෙල කපා මරා දැමීම, සංස්කෘතික උරුමයන් විනාශ කිරීම වැනි කි‍්‍රයා පටිගතකොට ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගත්හ. ලොව පුරා සිටින මුස්ලිම් නායකයෝ ඔවුන්ගේ කෲර කි‍්‍රයාවලට හා දෘෂ්ටිවාදයට විරෝධය පළ කළහ. ඔවුන්ගේ දෘෂ්ටිවාදය වූයේ සලාෆි ජිහාඩිවාදය නැතිනම් සාහසික ජිහාඩිවාදය මත පදනම් වූ ආගමික හා දේශපාලනික දෘෂ්ටිවාදයයි. ඉස්ලාමික රාජ්‍යය සහ කාලිෆ්වරයකු යටතේ පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නේටෝ සංවිධානය, වෙනත් රටවල් සහ ප‍්‍රමුඛ පෙළේ මුස්ලිම් සංවිධානවල විවේචනයට ලක් විය.

2014 ජුනි 29 වැනි දින ඔවුහූ ලෝකව්‍යාප්ත කාලිෆ් රාජ්‍යය ප‍්‍රකාශයට පත් කළහ. අබුබකර් අල් බග්ඩාඩිගේ සමීපතමයකු වන අමීර් අල් මු මිනින් එම රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙස නම්කරනු ලැබිණි. මුස්ලිම් ලෝකයේ ආගමික, දේශපාලනික හා හමුදාමය අධිකාරිය ඔවුන් අතට ගෙන තිබේ. සිරියානු මානව හිමිකම් නිරීක්ෂකයනට අනුව 2014 ජුලි මාසයේදී සටන්කාමීන් 6,300 දෙනකු එම සංවිධානයට අලූතින් බ`දවාගෙන තිබේ. ඔවුන්ගෙන් පිරිසක් නිදහස් සිරියානු හමුදාවේ සිටි සටන්කරුවෝය. 2014 ඔක්තෝබරයේ ඉරාකයේ බැග්ඩෑඞ් නගරය අත්පත්කරගනු ස`දහා සටන්කාමීහු 10,000ක පිරිසක් ඉරාකයට යවනු ලැබූහ.

අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ නායකයා වන අබුබකර් අල් බග්ඩාඩි තම අමාත්‍ය මණ්ඩලයේ සහය ඇතිව එම සංවිධානයේ පාලනය ගෙන යයි. ඔහුට නියෝජ්‍ය නායකයන් දෙදෙනෙකි. ඉරාකය ස`දහා පත්කල අබු මුස්ලිම් අල් තුර්ක්මාන් හා සිරියාව ස`දහා පත් කළ අබු අලි අල් අන්බාරි ඔවුන් දෙදෙනාය. සංවිධානයේ සිව්වැනි බලවතා වනුයේ අබු අල් අෆ්රිය. අයිඑස් ත‍්‍රස්ත සංවිධානය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූවකි.

අබුබකර් අල් බග්ඩාඩිගේ සැබෑ නම ඉබ්රාහිම් ඉබන් අව්වාඞ් අල් සමාරායිය. ඔහු ඉරාක නගරයක් වූ සමාරාහිදී 1971 උපත ලැබීය. සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත ජෙයිෂ් අහ්ල් අල් ජම්මාහ් නම් ත‍්‍රස්ත සංවිධානය බිහි කිරීම ස`දහා සහය ලබා දුන්නේ ඔහුය. පසුකාලයේ නායකත්වය කරා ළඟාවීමට ඔහුට හැකි විය. ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා ඔත්තු සපයන පුද්ගලයකුට අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දෙන බැව් ඇමෙරිකාව ප‍්‍රකාශ කොට තිබිණි. ඔහු ගමන්ගත් රථ පෙළකට ඉරාක ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුණු අතර එයින් බග්ඩාඩි මියගියාද යන්න සනාථ වූයේ නැත. මාස කිහිපයකට පසු ඔහුගේ හ`ඩපටයක් නිකුත් කෙරිණි. 2015 පෙබරවාරි 8 වැනි දින ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්වාදීන්ට එරෙහිව ගුවන් ප‍්‍රහාර 56ක් කි‍්‍රයාත්මක වූ අතර ඉන් 7000 කට ආසන්න පිරිසක් මියගිය බැව් අනාවරණය විය. අබුබකර් අල් බග්ඩාඩි ජිවිතාරක්ෂාව ස`දහා පලා ගිය බැව් සැළවිය.

වත්මනෙහි අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 50,000 ඉක්මවන අතර පවුම් බිලියන 2ක පමණ මුදල් හා වෙනත් වත්කම් ඔවුන් සතුය. ඉතා කෲර ත‍්‍රස්ත සංවිධානයක් ලෙසින් ප‍්‍රචලිත මෙම සංවිධානය මිනිසුන් ඝාතනය කිරීම ස`දහා යොදා ගන්නා විවිධ ක‍්‍රමවේද ලොව පුරා මහත් පිළිකුලට ලක්වී තිබේ.

Tuesday, December 08, 2015

No boundaries for love


There are some novels which simply cannot be made into a film. Adapting Audrey Niffenegger's wonderfully complex novel 'The Time Traveler's Wife' could not have been easy but Robert Schwentke and his team had dished out a considerably tolerable version of the tale. The lifelong romance between Clare and Henry begins at the age of six when Henry experiences the horror of his mother's death and time travels for the first time.

Later we see him approaching Clare when she was a little girl, and introducing himself to her for the first time. The two form an instance bond and in later years she becomes his wife.

Minus point

One of the drawbacks of Schwentke's movie is that a viewer who is not familiar with Niffenegger's original text may take time to pick up the pieces of the plot. There are times when he or she may not understand some of the incidents in the tale at all. Henry's habit of jumping randomly to the past and future is enough to perplex even those who know the story. The fact that he shows up somewhere buck naked out of the blue contributes to the viewer's bafflement and complicates his relationship with Clare.

Another minus point is that the reason for Henry's constant time traveling is not given much screen space in the movie expect for a few chitchat lines about genetics. The latter part of Niffenegger's novel deals with this topic in a wider scale while the film hastily touches upon it and makes more room for the romance between the lead pair. It is also unclear why Henry keeps on being drawn to Clare at different periods of her life.

Good reason

At the same time a good reason is not given on why Henry cannot make use of his ability to save his mother from the automobile accident. There is nothing to suggest that he cannot make use of his gift as he does take advantage of it by winning the lottery to buy Clare their dream home. Such loopholes and absence of logic puzzle the audience and lets Niffenegger's bestseller down.

One of the worst crimes that a director could do to an adaptation is to change its concluding scene. This we have witnessed in movies like 'My Sister's Keeper' which had a less heart-tugging climax than Jodi Picoult's masterpiece. The same has been done to Niffenegger's work.

The scene indicates that Clare did not have to wait long to see Henry for the last time while the book reveals that Clare waited decades, stretching onto her twilight years, to catch one last heart-stopping glimpse of her husband. Such an alteration tones down the emotional impact on the audience.

Soulful stares

Hunky Eric Bana and the lovely Rachel McAdams make a striking pair though they lack chemistry in each other's arms. However their individual acting skills keep the film from falling apart.

They come up winners with their soulful stares and the emotional struggles they undergo during certain circumstances such as Clare in her miscarriages and Henry after getting a vasectomy.

'The Time Traveler's Wife' is about romance in every sense: its enduring qualities and ability to transcend time and space. However just like Bana's Henry, the audience too does not know if they are coming or going in most instances of this adaptation. It needs much improvement to be on par with the elegance of the 2003 novel.

http://www.dailynews.lk/ Ruwini JAYAWARDANA

Tuesday, December 01, 2015

ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට

වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය.

අපගේ අවධානය යොමු වන්නේ රවීගේ මේ ඉලක්කම් ගැන නොවේ. බලපත්‍ර අහෝසි කිරීම නිසා නැග ආ විරෝධයට රවීලා ඇතුළු ආර්ථික ඔස්තාර්ලා තොගයක් ඉන්නවා යැයි කියූ නළුවෙක් නොවේ මොළයක් අගමැති වී තිබෙන රජය මඟින් ලබා දෙන්නට යන මහදැන මුත්තා පන්නයේ තීන්දුවටය. පහත දැක්වෙන්නේ මේ පිලිබද හර්ෂ ද සිල්වා මහතා සිය මුහුණු පොතේ තබා තිබූ සටහනකි.

මේ පර්මිට් ප්‍රශ්නය ළමයෙකුට දී බලමු.

1). වාහන බලපත්‍ර ලබා දීම සදහා රජයට වැයවන මුදල කීයද? (කඩදාසි සහ මුද්‍රණ වියදම් ආදිය නොසළකා හරින්න)
ළමයා : බිංදුවයි.

2). අළුතෙන් යෝජනා වී ඇති පරිදි බලපත්‍රය වෙනුවට රජයේ නිලධාරීන්ට මුදල් ලබා දීමට රජයට මුදලක් වැය වේද?
ළමයා: නැතුව. මුදල් දෙන්න මුදල් වැය වෙනවා නේන්නම්. ගොන් ප්‍රශ්නයක්නේ.

3) වාහන බලපත්‍ර ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කීයක් වෙන් කළ යුතුද?
ළමයා: ඒ මොකටද? කීයක් වත් වෙන් කරන්න ඕනා නෑ. බලපත්‍රය අච්චු ගහලා දෙන එකනේ.

4) නව ක්‍රමයට මුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ යුතුද?
ළමයා: නැතුව. සල්ලි දෙන්නේ පොලීසියෙන්ද?

5) ඒ මුදල සොයා ගත යුත්තේ කෙසේද?
ළමයා: අපේ අම්මලා තාත්තලා කඩෙන් ගන්න බඩු ටිකට බදු ගහලා තමා ඉතින්. ලංකාවේ වක්‍ර බදුනේ වැඩි.

6) කොහොමද රවීල හර්ෂල මලික්ල රනිල්ල එකතු වෙලා රාජ්‍යය වියදම අඩු කරපු හැටි?
ළමයා: වෙනස සැපද?

මහදැන මුත්තා එලුවාගේ බෙල්ල කැපුවා මිස එළුවාගේ අයිතිකාරයාගේ (ගමරාළගේ) බෙල්ල කපා ගත්තේ නැත. නමුත් මේ ආර්ථික ඔස්තාර්ලා එළුවාගේ බෙල්ල කපා නවතින්නේ නැත. එළුවාට අහිමි කළ හිස සවි කරන්නට උත්සාහ කරන්නේ ගමරාළගේ බෙල්ල කපාගෙනවිත්ය.

සත්‍ය වශයෙන්ම වාහන බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කරන්නේ රවී කරුණානායක මහතා පැවසූ පරිදි රාජ්‍ය ආදායමේ ගැටළුවකට විසඳුමක් ලෙස නොවේ. මෙය ගෙවුම් ශේෂය හා බැදුනු ප්‍රශ්නයකි. එනම් මේ රට තුළින් පිටට ඇදී යන මුදල සහ පිට රටින් මෙරටට ඇදී එන මුදල අතර වෙනස වැඩි වීමේ ගැටලුවයි. ප්‍රශ්නය වන්නේ පසු ගිය රජයට මෙය ගැටළුවක් නොවූයේද යන්නයි. සැබවින්ම එවැනි අර්බුදයකට ඔවුනට නොතිබිනි. එකල රට තුළ විසල් ව්‍යාපෘති ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රාග්ධනය වශයෙන් විදෙස් මුදල් රට තුළට පැමිණියේය. එනිසා ගෙවුම් ශේෂය පාලනය කර ගත හැකි මට්ටමක පැවතීය. මේ රජය පත් වූ විගස හොරු අල්ලා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යාපෘති නතර කළේය. චීන ආයෝජකයන් හා චීන රජය අධෛර්යමත් කරමින් ඔවුන් මින් පිටමං වන තැනට කටයුතු කළේය. රටට විදේශ විනිමය ගෙනා ඇවන්ට්ගාඩ් වැනි ආයතන රණ විරුවන් හොරුන් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් බිලි ගත්තේය. මොවුනට හොරු ඇල්ලීමේ නාටකය මිස ආර්ථිකය මතක් වූයේ නැත. ආර්ථිකය මතක් වූයේ අය වැය එන විටය.

එකල රංජන් රාමනායක නම් අයෙක් මැදපෙරදිග දුක් විදින කාන්තාවන් ගැන හැඬූ කදුළින් පසු වූවා ඔබට මතකද? දැන් අර කොමඩ් උස්සා රත්තරං ඇත්දැයි බලන්නේ ඒ රංජන්ම දැයි සැකය. මොකද මේ රංජන්ට මැදපෙරදිග යන කාන්තාවන් ගැන වගේ වගක් නැත. මේ ඒ රංජන්ම නම් ගෙවුම් ශේෂය පියවන්නට වැඩියෙන්ම දායක වන්නේ මේ කාන්තාවන් බැවින් රනිල් ඔහුට ඒ ප්‍රශ්නය අමතක කර දමන ලෙස අවවාද කළා විය හැකිය.

රට තුළට එන මුදල අඩු වන නිසා රටින් පිටවන මුදලද දැන් අඩු කළ යුතුය. වාහන බලපත්‍රය අහෝසි කරන්නේ මෙරටින් ජපානයට යන මුදල අඩු කරන්න මිස රාජ්‍ය වියදම අඩු කරන්න නොවේ. වාහනවල බදු වැඩි කරන්නේද ආනයනය අධෛර්යමත් කරමින් පිට යන මුදල අඩු කරන්න මිස මේ මුසාබස් කාරයන් පවසන පරිදි පාරේ වාහන තදබදය අඩු කිරීමට නොවේ. මේ සියල්ල ගෙවුම් ශේෂය පාලනය කර ගැනීමටය. විරෝධය හමුවේ වාහන බලපත්‍රය යළි නොදී මුදල් ලබා දීමෙන් හෝ වැඩේ ගොඩ දාගන්න උත්සාහ දරන්නේ ඒ නිසාය. ඒ මුදල් දැන් දෙන්න වෙන්නේ මහජනයාටය. වාහන බලපත්‍රය දෙන විට මහජනයා පිට ඒ බර නොපැටවිනි. මහජනයා මේ ගෙවන්නේ හොරු ඇල්ලීමේ වියදමය. අවසානයේ අල්ලපු හොරෙකුත් නැත.