Pages

Monday, September 23, 2013

යනවා නම් මෙන්න කැම්පස්

අධ්‍යාපනය යනු පුද්ගලයකු සතු ප්‍රධානම අවශ්‍යතාවක් සේම එය පුද්ගලයකුගේ ගුණාත්මක බව මනිනු ලබන වැදගත්ම සාධකයකි. “ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙන් වියත්හු අධ්‍යාපනයේ වටිනාකම ගැන පවසා ඇත්තේ එබැවිනි. පෙර පාසලින් “අ” යනු “ආ” යනු කියවා ඉගෙනීමේ අත්‍පොත් තබනා පුද්ගලයෙකු ක්‍රමයෙන් ශිෂ්‍යත්වය, අ.‍පො.ස (සා.පෙළ) හා අ.‍පො.ස (උ.‍පොළ) විභාග සමත්ව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබිමෙන් සිය අධ්‍යාපනය අවසන් කිරීම සාමාන්‍ය සංසිද්ධියයි. නමුත් එයින් ඔබ්බට අධ්‍යාපනය හදාරණ අයද වෙති. එසේ නැතිනම් උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ගෙවා එතෙර යන පිරිසක්ද වෙති. අද අපේ රටේ විශ්වවිද්‍යාල සඳහා වරම් ලාබාගන්නේ අ.‍පො.ස. (උ.පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලබාගන්නා පිරිස්ය. නමුත් එය අ.‍පො.ස (උ.පෙළ) විභාගය සමත් පිරිසෙන් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. අ.‍පො.ස. (උ.පෙළ) විභාගය සමත් එහෙත් විශ්වවිද්‍යාල වරම් අහිමි සෙසු පිරිස විද්‍යාපීඨ අධ්‍යාපනයට හෝ විවිධ උසස් පාඨමාලා හැදෑරීමට හෝ විවිධ රැකියාවනට යොමු වීම දක්නට ලැබේ. එයිනුත් මුලින්ම කී තවත් සමහරෙක් (වත්‍පොහොසත්කමින් යුත්) විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමුවීම අද විලාසිතාවක් බවට පත් වී තිබිමද දක්නට ලැබේ.
මේ නිසාම අද අප රට තුළ සාකච්ඡාවට බඳුන් වන ප්‍රමුඛතම කාරණයක් වී ඇත්තේ විදේශයන්හිදී ලබන අධ්‍යාපනය කෙතරම් දුරට ගුණාත්මකද, ප්‍රායෝගිකද යන්නය.

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාල තුළින් ලොව විවිධ රටවල ඇති විශ්වවිද්‍යාල වර්ගීකරණයකට ලක් කර තිබුණි. ඒ සඳහා ඔවුන් පදනම් කරගෙන තිබුණේ පහත නිර්ණායකයන්ය.
හැදෑරිය හැකි විෂය පාඨමාලාවන්.
අධ්‍යයන ක්ෂේත්‍රයන්.
පර්යේෂණයන්.
අදාළ විශ්වවිද්‍යාලයන්හි ජනප්‍රියතාවය.
අනෙක් මිනුම් දඬු (උදා:ජාත්‍යන්තර විවිධත්වය...... ආදිය)
මෙකී කරුණුවලට අදාළව ලෝකයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන 2000 කින් හොඳම 700ක් තෝරා ගෙන එයිනුත් හොඳම විශ්වවිද්‍යාල 15ක් තෝරාගෙන ඒවා මෙසේ වර්ග කර තිබුණි. ඒ අනුව 2013 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 15 වන්නේ මෙහි දැක්වෙන විශ්වවිද්‍යාලයන්ය.

2013 වසර සඳහා නම් කෙරුණු ලොව හොඳම විශ්වවිද්‍යාල 15 

1.මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාතනය
2.හාවර්ඩ් විශ්වවිද්‍යාලය 
3.කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලය 
4.ලන්ඩන් විශ්වවිද්‍යාලය 
5.ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලය 
6.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
7.ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 
8.යේල් විශ්වවිද්‍යාලය 
9.චිකාගෝ විශ්වවිද්‍යාලය
10.කැලිෆෝනියා තාක්ෂණ විද්‍යායතනය
11.ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය 
12.ස්වීඩන් සන්ධීය තාක්ෂණ විද්‍යායතනය 
13.පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය
14.කොලොම්බියා විශ්වවිද්‍යාලය
15.කොනෙල් විශ්වවිද්‍යාලය

නාමල් සේනානායක - Lakbima