Pages

Wednesday, September 04, 2013

පිළිකා සාදවා මිනී මරන මඟක්‌

- වෛද්‍ය වසන්ත දිසානායක හෙළි කරයි

අතට අත දී... සිප වැළඳගෙන පිළිගැනීම භයානකයි

ඇමෙරිකානු විරෝධී රාජ්‍ය නායකයන්ට සූක්‍ෂ්ම අන්දමින් පිළිකා රෝගය වැළඳවීමේ අති බියකරු තත්ත්වයක්‌ උදාවී ඇති බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින" ට අනාවරණය කරයි.

මේ තත්ත්වය මත මෙරට රාජ්‍ය නායකයන් සහ ප්‍රභූන් ඇමෙරිකාවට හෝ වෙනත් විදේශ රටකට හෝ යැමේදී පිළිකා කාරක ශරීරගත නොවන ලෙස ඉන් වැළැක්‌වීමේ ප්‍රවේශම්කාරී ක්‍රියාපිළිවෙතක්‌ අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

"දිවයින" සමඟ ඊයේ (3 දා) පැවති විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් මේ බව අනාවරණය කළ වෛද්‍ය වසන්ත දිසානායක මහතා රාජ්‍ය නායකයෙක්‌ හෝ වෙනත් ප්‍රභූවරයෙක්‌ විදේශගත වූ විට එම විදේශ රටේ කෙරෙන පිළිගැනීම්වලදී පිළිකා කාරක ශරීරගත කළ හැකි බව පැවසීය.

අමුත්තකු පිළිගැනීමේදී සිප වැළඳගැනීම, අතට අත දීම වැනි අවස්‌ථාවලදී මෙය පහසුවෙන්ම ශරීරගත කළ හැකි බව ද හෙතෙම අනාවරණය කළේය.

එමෙන්ම ගමන් බිමන් යැමේදී හා නවාතැන් ගන්නා ස්‌ථානවලදී පවා මෙම පිළිකා කාරක බැක්‌ටීරියා හෝ වෛරස්‌ ශරීරගත කළ හැකි බව පවසන ඒ මහතා අත්වැසුම් පැළඳීමෙන් හා කල්පනාකාරී ආරක්‍ෂක ක්‍රමවේද භාවිතයෙන් ඉන් වැළකී සිටිය හැකි බවත් පෙන්වා දුන්නේය.

ඇමරිකාව හා වෙනත් ඕනෑම රටකදී තමන්ට අවශ්‍ය පුද්ගලයකුට පිළිකා වෛරසයක්‌ ශරීරගත කළ හැකි බවත් එම පිළිකා කාරක වාහක පුද්ගලයා නිරතුරුවම තමන්ට එය ශරීරගත නොවීම සඳහා ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා සිටිය යුතු බවත් වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

පසුගිය කාලයේදී ඇමෙරිකාවට විරුද්ධව හඬ නැගූ ඇතැම් රාජ්‍ය නායකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිකා රෝගයෙන් මියගොස්‌ ඇත්තේ මේ ක්‍රමයෙන් විය හැකි යෑයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

පියසේන දිසානායක සහ ජානක ලියනආරච්චි
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
Courtesy by Divaina