Pages

Tuesday, March 15, 2016

ගැහැ­නි­යගේ වැඩ















මට ඇත දරු­වන්, රැක බලා ගන්නට
ඉරුණු ඇඳුම්, මස­න්නට,
ගෙබිම, පිස දම­න්නට,
කන බොන දේ, කඩෙන් ගෙනෙ­න්නට, 
ගෙනා දේ, උය­න්නට,
පවුලේ අය, කව­න්නට, පොව­න්නට,
ගෙවත්ත, වල් උදු­ර­න්නට,
කමීස, මදි­න්නට,
කුඩා වුන්, අන්ද­ව­න්නට,
මේ ගෙපැල, අස්පස් කර­න්නට
ඊළ­ඟට අස­නීප උන්, සාත්තු කර­න්නට

දිලෙන්න මා මත, සූර්යා­ලෝ­කය
වසින්න මා මත, වැස්ස
වැටෙන්න මුදු ලෙස, පිනි බිඳු
සිහිල් කරන්න යළි මා නළ­ලත

කුණා­ටුව, ඔබේ බිහි­සුණු සුළ­ඟින්
ගසා­ගෙන යවන්න මා මෙත­නින්
ඉඩ දෙන්න පාවෙන්න අහස පුරා
නැවත මා විවේ­කය ලබන තුරා 

වැටෙන්න, හීනි­යට හිම පියලි
වසන්න මා,
සුදෝ සුදු, සීතල හාදු­ව­ලින්
ඉඩ දෙන්න සැත­පෙන්න අද රෑ

ඉර, වැස්ස, වක් අහස,
කඳු, සයුරු, කොළ, ගල්,
තරු කැල්ම, සඳ එළිය,
ඔබ සැම පම­ණ­මයි
කිය හැකි මට, මගේම යැයි.

මායා ඇන්ග්ලෝ
පරි­ව­ර්ත­නය - දේ. වි. ගාල්ලගේ