Pages

Monday, September 09, 2013

නැතුව ඉන්නට බැහැ ඔයා...

හමුවනා නෙත් දහක් අතරින්...
ඔබේ දෑසම සොයා ඇවිදින්..
ඔබට මෙතරම් ලංව ඉන්නෙ...
නොලැබෙනා බව දැන දැනයි....

අයාලේ ගිය හීන අතරෙ...
ගොඩ ගසා මහ වේදනා...
මමම විතරද පෙම් කරන්නෙ..
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්...
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...

හමුවනා නෙත් දහක් ........

තෙතමනෙ ඇති පපුව ගැඹුරෙ..
උනනවා පෙම් දිවිතුරා...
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්...
පුංචි වෙනසක්වත් එපා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්...
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...