Pages

Monday, January 30, 2012

ජීවිතයට සැනසුමක්‌ මව්පිය උණුසුම දරුවන්ට බොහෝ දේ ලබාදෙන බව ඔබ දන්නවාද

උදාරි ජනේලයෙන් එපිට බලද්දී අල්ලපු ගෙදර සුරනි ඇගේ පැමිණීමට තුරුළුව ඉන්නවා දැක්‌කා. අම්මගෙ උණුසුමට දොa සුරනිංග මුහුණ සතුටින් පිරිලා තිබුණා.

අනේ මටත් එහෙම ඇත්තනම් උදාරිගෙ හිත ආත්මානුකම්පාවෙන් පිරුණා. අපේ අම්මාට ඉතිං වෙලාවක්‌ තියෙනවායෑ. දරුවෝ හුරතල් කරන්න. අම්මගේ භාෂාවෙන්ම උදාරි හිතුවා. ඊටත් මේ වගේ සිද්ධි අම්මා දකින්නේ නාකි හුරතල් විදිහට බොහෝම අවතක්‌සේරුවට.

ඒත් අම්මාගේ ආදරය ආරක්‌ෂාව මෙන්ම නොඅඩුව ලැබෙන බව උදාරි දන්නවා. ඒ අතරම කිසිම දවසක තමාව සමීපයට ගෙන සිප වැළඳ නොගන්නා නිසාම අම්මගේ උණුසුම පිළිබඳ ඌණතාවයෙන් සිතට ලෙකු අඩුවක්‌ තියෙන බවත් උදාරි දන්නවා. 

අම්මයි අප්පච්චියි හිතාගෙන ඉන්නේ ඔවුන් දරුවන් සුවච කීකරු ලෙස හදා වඩන දරුවන් සහ දෙමවුපියන් අතර පැවැතිය යුතු ගරුත්වය ඒ විදිහටම පවත්වාගෙන යන මව්පියන් අතර පූර්වාදර්ශ චරිත විදිහටයි. උදේම පාසලට යන්නට පෙරාතුව අප්පච්චිගේ දෙපා වැන්දත් තෙරුවන් සරණයි කියනවා හැර ආදරය දයාව සමග හිස ස්‌පර්ශ aකරන සිරිතක්‌ නැහැ. මුවින් නොකිSවද අප්පච්චිගේ ආශිර්වාදය තමන්ට ලැබෙන බව සහතිකයටම උදාරි දන්නවා. නමුත් උණුහුමට තුරුළු වෙන සත්ව පැටව් වගේ දරුවන් වුණත් මිනිස්‌ සතුන් විදිහට ආදරය ලබන්නට පෙරුම් පුරනවා.

උපන්දා ඉඳලම කන්න බොන්න අඳින්න පළඳින්න ඉගෙනුමට ආධාර ලැබෙනවා. මේ මව්පිය ස්‌පර්ශය දරුවන්ට අවශ්‍යමද කියන සංවාදයට සෘජු ලෙසම නැහැ කියන ස්‌ථාවරයෙ උදාරිගේ මව්පියන් රැඳී සිටිනවා. කිසියම් වයස සීමාවකට පැමිණි පසු දරුවන් සිප වැළඳ ගැනීම ඔවුන්ගේ ස්‌වාධීනත්වයට හානියක්‌ ලෙස උදාරිගේ මව්පියන් සිතුවා.

නමුත් දරුවන්ට මව්පිය උණුහුම ස්‌පර්ශ වුණාම අපට නොපෙනෙන බොහෝ දේ ප්‍රසිද්ධ වෙනවා. උණුසුමට තුරුළු වීම සමඟ දරුවාගේ සිතට ලැබෙන උත්තේජනය පිරිසිදු මානසිකත්වයක්‌ සඳහා මඟ පෙන්වනවා. අද තිබෙන කාර්ය බහුල ජීවිතය සමඟ අපි මතුපිටින් දකින කායික නිරෝගි බවට වඩා ඔවුන්ගේ රෝගී මානසිකත්වය නිසාම ජීවිතය හෙම්බත් අත්දැකීමක්‌ විදිහට පීඩාවක්‌ම දකිනවා. තමන් වෙනුවෙන් මව්පියන් සිටියද මානසික ලෙසින් වූ හුදෙකලා බවට මේ දෙදෙනාගෙන් පිළිසරණක්‌ ලැබෙන බවට දරුවන්ගේ සිතට සහතිකයක්‌ නැහැ. නිරන්තරව ස්‌පර්ශයෙන් සිප වැළඳ ගැනීමෙන් දරුවන්ට සමීප වන විට වෙහෙසකර නිදහස්‌ වීමක්‌ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් ආතතිය, මානසික වෙහෙසකර බව වැනි සිතට ඇති වෙන රෝගී තත්ත්වයන්ගෙන් නිදහස්‌ වෙනවා.

දරුවකුගේ පෞරුෂය වේවැල් කෝටුවකින් නිර්මාණය කරන්න බැහැ. වේවැලට තිබෙන බය හින්දම කීකරුවීම නම්‍යශීලී බව මව්පියන්ගේ අණසකට අවශ්‍ය විදිහට ගොඩ නගා ගන්න පුළුවන්. නමුත් ජීවිතයේ එළැඹෙන ඕනෑම අභියෝගයක්‌ ජයගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් වූ මුහුණ දීමේ හැකියාව ඔවුන් තුළ ගොඩ නැගෙන්නේ බාල අවධියේදී ආදරය ආරක්‌ෂාව පිළිබඳව බාල අවදියේදී ආදරය ආරක්‌ෂාව පිළිබඳ ලබන සුරක්‌ෂිත හැගීම සමඟින් බව අමතක කළ යුතු නැහැ. දරුවන් සිප වැළඳ ගැනීම වගේම ආදරයෙන් ලබන ස්‌පර්ශය සමඟ තමන් ශක්‌තිමත්ය යන සිතුවිල්ල ඔවුන්ගේ සිත තුළ ඔවුන්ද නොදැනම වගා වෙනවා.

ජීවිතය දෙස ධනාත්මකව සිතන්නට පුළුවන් හැකියාව දරුවන්ගේ අනාගතය බෙහෙවින් ශක්‌තිමත් කරනවා. බාල කාලයේදී කනස්‌සල්ලෙන් ගෙවන දරුවන් ඕනෑම ප්‍රශ්නයක්‌ දෙස බලන්නේ සර්ව අසුබවාදී විදිහටයි. එවන් මානසිකත්වය පුද්ගලයෙකුගේ සාර්ථක බව සඳහා දැඩිලෙස බලපානවා. ධනාත්මක සිතුවිලි පිළිබඳව කතා බහ කිරීම පමණටම එවන් වූ මානසිකත්වයක්‌ ගොඩ නැගීම පහසු නැහැ. ඒත් ප්‍රායෝගික ලෙස දරුවන්ගේ ජීවිතය පිටුපස වූ යෝධ සෙවණැලි දෙමාපියන් යන ශක්‌තිය ගොඩ නැගුනොත් ඔවුන්ගේ යහපත් මානසිකත්වය ධනාත්මක ලෙස සිතන්නට අවශ්‍ය ශක්‌තිය ලබාදෙනවා. මේ හැඟීම දරුවන්ගේ ජීවිතයට වටිනා ආශිර්වාදයක්‌ වෙනවා.

දරුවන්ගේ සිත බොහෝම සංවේදියි දරුවන්ට කිසිම දිනක වැඩිහිටියන් විදිහට ප්‍රශ්න සාධාරණ කරන්න බැහැ. අත පත ගාන නොහිටියට දරුවන්ට ආදරෙයි යන සිතුවිල්ල අපේ හිත රැදුණට බැහැ. උදාරිට වගේම තවත් අම්මා කෙනෙක්‌ දරුවන්ගේ හිස සිඹ පහත පිරිමදිනවා දුටුවාම අනේ අපේ අම්මා අප්පච්චි මට මේ වගේ නැහැ යන සිතුවිල්ලෙන් පීඩා විඳිනවා. තමා පිළිබඳව අවතක්‌සේරුව දරුවා විසින්ම සිත තුළ ගොඩ නගා ගන්නවා. එවන් අවස්‌ථාවකදී ඇති වෙන පසුගාමී මානසකිත්වය නිසා දරුවාගේ සිත තුළ බියසුළු බව, හීනමානය, තමා සමාජය තුළ නොවටිනා චරිතයක්‌ය. යන සිතුවිල්ලෙන් නිතරම පීඩාවට පත් වෙනවා. මේ නිසා දරුවන් වෙනුවෙන් වූ හාදයංගම බැඳීමට ඔබ්බෙන් යමක්‌ සිද්ධ වීම අවශ්‍යයි.

ජීවිතය යාන්ත්‍රිකරණය වීම නිසාම දුරස්‌ථව ඇති බන්ධනය ලිහිල්ව යන්නට නොදී දරුවන්ගේ ජීවිතයේ ශක්‌තිමත් පවුරක්‌ ලෙස පවත්වා ගන්නට නම් මගේ පුතුට බුදුසරණයි කියා අඩුම ගානේ ඔළුව අත ගාන්නටවත් සිතුවොත් දරුවාගේ අනාගතය බොහෝ සෙයින් යහපත් වේවි ·

පුණ්‍යා චාන්දනි ද සිල්වා - Navaliya