Pages

Sunday, January 30, 2011

ON LINE CHAT


“ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත”
මේ කනට හුරු කදිම කියමනකි. ඒ කතාව දැන් අන්තර්ජාලය සම්බන්ධයෙන් නිතර නිතර කියවෙන තැනට කටයුතු සැලසී ඇත.


අති උතුම් 16 වැනි බෙනඩික් ශුද්ධෝත්තම
පාප් වහන්සේ අන්තර්ජාලයේ පුද්ගල සබඳතා
පිළිබඳව ඉතා වැදගත් ප්‍රකාශයක් නිකුත් කළහ.
“පරිගණකය, අන්තර්ජාලය, විද්යුත් උපකරණ ඉතා බුහුටි ලෙස පරිහරණය කරන ළමයින් වැඩිහිටියන් ලැජ්ජාවට පත් කරවන තරමට නවී
න තාක්ෂණයේ කෙළ පැමිණියෝ වෙති. එහෙත් බයිසිකලයක් පැදීම, මතු නොව සපත්තුවේ ලේස් පටි නිසි ලෙස ගැට ගසා ගැනීම වැනි කටයුතුවලදී මේ කාලයේ ළමයි පුදුමාකාර අලස බවක් පළ කරති.”


අන්තර්ජාලය හා ළමයින් සම්බන්ධයෙන් දිගුකාලීන පර්යේෂණයක යෙදුණු ඇමෙරිකන් ජාතික මහාචාර්යවරයෙක් එසේ කීවේය.
“facebook, twitter වැනි වෙබ් අඩවි පෙනී සිටින්නේ අන්තර්ජාලයේ සමාජ සබඳතා වෙබ් අඩවි හැටියටයි. (Social Network Web Sites)  එහෙත් මේවා ඉත්තීරුවෙන්ම සමාජ විරෝධී වෙබ් අඩවි බව මම සැක නැතිව කියන්න කැමතියි”
ඒ කතාව කියනුයේ තවත් ඇමෙරිකන් ජාතික මහාචාර්යවරියකි.
මේ අතරවාරයේදී අති උතුම් බෙනඩික් පාප් වහන්සේ ද අන්තර්ජාලයේ පුද්ගල සබඳතා පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කළහ.
“අන්තර්ජාලයේ පුද්ගල සබඳතා ඉතා හොඳ අවස්ථාවක්. ඒත් සැබෑ ලෝකයේ ස්වභාවික මානව සබඳතාවලට එය කිසි සේත්ම ආදේශකයක් නොවන බව“ උන්වහන්සේ කීහ.
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලාන්තර සබඳතා පවත්වන අය හැබෑ ලෝකයෙන් හුදෙකලා වී සැබෑ මානව සමාජයේ ඥාති-මිත්‍රාදී සබඳකම්වලින් බැහැරව විකෘති ගමනක් යන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ පර්යේෂිකාවක වන මහාචාර්ය ෂෙරී ටර්කල් මේ තත්ත්වය හඳුන්වා දෙන්නේ “නූතන උන්මාදය” හැටියටය.
facebook, twitter  වැනි වෙබ් අඩවි හා අන්තර්ජාලයේ CHAT සබඳතා නිර්දය විවේචනයට ලක් කරන ඇය තව දුරටත් පෙන්වා දෙන්නේ මිනිසා සැබෑ ලෝකයෙන් හුදෙකලා කරන මෙවැනි අන්තර්ජාල ක්‍රියාකාරකම් නිසා සැබෑ මානව සබඳතා අඩපණ වී සයිබර් අවකාශයේ සැරිසරන සමාජ විරෝධී පුද්ගලයන් බිහිවන බවයි.
එවැනි පුද්ගලයන් බිහි කරනට facebook  වැනි වෙබ් අඩවි ඇය නම් කරන්නේ සමාජ විරෝධී, හීන ලෝකයේ වෙබ් අඩවි වශයෙනි. මනුෂ්‍යත්වයෙන් හීන පුද්ගලයන් බිහි කරන මෙවැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලින් ඇති කරවන හානිය සුළුපටු නොවන බවත් ඇය පෙන්වා දෙයි.
අන්තර්ජාලය, විශේෂයෙන්ම facebook  වැනි සුප්‍රකට මිතුරු සබඳතා පදනම් කොට ගෙන පවත්වා ගෙන යන වෙබ් අඩවිවලට එරෙහිව මෙතරම් විරෝධයක් මතු වෙමින් තිබෙන්නේ ඇයි? facebook  වෙබ් අඩවියේ සැරිසරන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 600 ඉක්මවන බව සඳහන් වෙයි. ඒ අතින් ගත් කළ ටචජඥඡධධඬ යනු මේ ලෝකයේ ඇති අමුතුම පන්නයේ අධිරාජ්‍යයකි.


ඒ දෙවැනි වන්නේ twitter වෙබ් අඩවියට පමණි. ලොව සුපතළ රාජ්‍ය නායකයන්, ක්‍රීඩා තරු, සිනමා තරුfacebook හි සාමාජිකයෝ වෙති. එහෙත් facebook හි බැරැක් ඔබාමා ලෙස පෙනී සිටින්නේ ඇත්තම බැරැක් ඔබාමා ද යනු ප්‍රශ්නයකි.


සුප්‍රකට නම් යොදා ගෙන අප්‍රකට පුද්ගලයන් facebook වැනි වෙබ් අඩවිවල පෙනී සිටීම කාලයක සිට සිදුවන සෙල්ලමකි. කේට් මිඩ්ල්ටන් ළඟදීම එංගලන්තයේ විලියම් කුමරු සමඟ විවාහ වීමට නියමිතය. මෑතකදී කේට් මිඩ්ල්ටන් යන නමින් පෙනි සිටි තරුණියකගේ ගිණුම අවලංගු කළ facebook බලධාරීන් කියා සිටියේ ව්‍යාජ නම්වලින් පෙනී සිටීමට තමන් ඉඩ නොදෙන බවයි.
එහෙත් කේට් මිඩ්ල්ටන් යනුවෙන් තවත් තරුණියක් ඇත්තටම එංගලන්තයේ ජීවත් වෙයි. ප්‍රංස ජනාධිපති නිකොලස් සාකෝෂි facebook හි සාමාජිකයෙකි. ඔහු සතුව අන්තර්ජාල මිතුරු මිතුරියන් දහස් ගණනක් සිටිති. මෑතකදී facebook හමුවේ නිවේදනයක් නිකුත් කළ ප්‍රංස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ඒ ප්‍රවෘත්තිය වහා පැතිර ගියේය. එහෙත් ඇත්තටම සිදු වී තිබුණේ සාකෝෂිගේ facebook ගිණුමට හොරෙන් ඇතුළු වූ කණ්ඩායමක් විසින් යට කී බොරු ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලද බවයි. මෙවැනි වංචාවන් කොතෙකුත් සිදු වෙයි. සමාජ සබඳතා ආශි‍්‍රත වෙබ් අඩවි මඟින් මිතුරන් මුලා කරන නොයෙකුත් වංචාවන් සිදුවන අතරම වඩාත් හානිකර දෙය බවට පත්ව තිබෙන්නේ පුද්ගලයා සැබෑ ලෝකයෙන් ඉවත් කැර සයිබර් අවකාශයේ පාවෙන ලෝකයක කොටු කැර තැබීමය.
අසල්වැසියන්, ඥාති මිත්‍රාදීන්, දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, සිසුන් යනාදී වශයෙන් අනාදිමත් කාලයක සිට පැවත ආ සමාජය සකස් කළ පුද්ගලාන්තර සබඳතා අන්තර්ජාලය නිසා බරපතළ තර්ජනයකට ලක් වෙමින් පවතින බැව් අසන්නට ලැබෙයි. සැබෑ ලෝකයේ ස්වභාවික මානව සබඳතා පැවැත්වීමට මැළිවන පුද්ගලයන් වඩාත් නැඹුරු වන්නේ අන්තර්ජාලය ඔස්සේ නොදන්නා හෝ දන්නා පුද්ගලයකු සමඟ Chat කරමින් ඡායාරූප හුවමාරු කර ගනිමින් කාලය කා දැමීමටය.
මෙයට ඇබ්බැහි වන පුද්ගලයා තව තවත් අන්තර්ජාලයටම නැඹුරු වන අතර ඇත්ත ලෝකයේ සැබෑ මානව සබඳතාවලින් දුරස්ථ වෙයි. අන්තර්ජාලය නිසා අතිශයින්ම හුදෙකලා වූ විකෘති පුද්ගලයන් නිර්මාණය වන බවට මහාචාර්ය ෂෙරි ටර්කල් පෙන්වා දෙන්නේ එම පසුබිමේය.
එංගලන්තයේ සිදුකළ අපූරු සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ විවාහක අඹු- සැමියන් ගෙන් සියයට 17 ක් පමණ අන්තර්ජාලය නිසා දික්කසාද වන තැනට පැමිණ ඇති බවයි. හේතුව වී තිබෙන්නේ ඔවුනොවුන් අතර අඹු-සැමි සබඳතා පැවැත්වීම වෙනුවට ඔවුන් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අය සමඟ Chatකරමින් සිටීමට වැඩි නැඹුරුවක් පළ කිරීමය.
ඕනෑම දෙයක් ඕනෑම නැත කියන්නේ ඒ නිසාය.
අන්තර්ජාලය නිසා ලෝකය එකම ගම්මානයක් වන බවට වූ කතා ඇති පදම් ඇසුවෙමු. එහෙත් සිදු වෙමින් යන්නේ කුමක් ද? global village හෙවත් ගෝලීය ගම්මානය බිහි වී ඇති මුත් ඒ ගම්මානයෙන් සැබෑ ලෝකයේ මිනිස් සබඳතා, යාළු මිත්‍රකම්, පලා යෑමට පටන් ගෙන ඇත. අන්තර්ජාලය ඔස්සේ නොදන්නා පුද්ගලයන් සමඟ දවසේ වැඩි කාලයක් Chat කිරීමට පෙලඹෙන නව පරම්පරාව තම අසල්වැසියා, ඥාතියා, කවුද යනු නොදන්නා පමණට සැබෑ ලෝකයේ මනුස්ස සබඳතාවලින් ඈත් වී ඇති බවට දැන් ප්‍රබල චෝදනා නැඟෙයි. එහි ඇත්තක් ද ඇත.