Pages

Thursday, March 20, 2014

සිහින් සිරුරේ රහස

බර අඩුකර ගෙන සිහින් සිරුරක් ලබාගැනීම සඳහා අතීතයේ පටන් ම ලෝකයේ කොතැනත් තිබී ඇත්තේ විශාල තරගයකි. පහත දැක්වෙන්නේ ඒ සඳහා කාන්තාවන් භාවිත කර තිබෙන අමුතු ක්‍රම 10 කි.


1. දහදිය දැමීම නිසා බර අඩුවන බවට අතීතයේ විශ්වාසයක් විය. එනිසා 90 දශකයේ පැතිර ගිය විලාසිතාවක් වූයේ රබර් යට ඇඳුම් ඇඳීමයි. එහෙත් එවිට සිදුවූයේ තෙතමනය නිසා ලෙඩ රෝග සෑදීමයි.

2. ඇතැම් බටහිර රටවල නිරූපිකාවෝ පිරුණු බව දැනීම සඳහා කපු පුලුන් බෝල ගිල දමති. එහෙත් ඒවා ජීර්ණ පද්ධතියේ දැවටීම නිසා වෙනත් අතුරු ආබාධ ඇති විය.

3. කුසගින්න ඇති කරන ඇතුළු කනේ පීඩන ලක්ෂ්‍ය උත්තේජනය වීම සඳහා ඇතුළු කනට කුඩා කම්බි කැබලි ඇතුළත් කිරීම දහඅට වැනි සියවසේදී සිදුවිය.

4. ආසනික් පෙති දහඅට වැනි සියවසේදී භාවිත වුණේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වේගවත් කර කැලරි දහනය ඉක්මන් කිරීමට ය. එහෙත් ඇතැම් විට මේ ආසනික්, විස වීම නිසා මරණය ද සිදුවිය.

5. යම් ආහාරයක් විනාඩියක් තුළ 100 වතාවක් සපා ගිලීම සහ දෙසතියකට වරක් මළපහ කිරීම සිහින් සිරුරේ රහස ලෙසට කලක් සැලකිණි.

6. හැත්තෑව දශකයේ අමෙරිකාවේදී අත්හදා බැලුණු තවත් ක්‍රමයක් වූයේ, මස්කඩවලින් ඉවත් කරන අතුණු බහන් ආදියෙන් තනන ලද කෑම ආහාරයට ගැනීමයි. මේි කෑම ප්‍රෝලින් යනුවෙන් හැඳීන්වූ අතර ප්‍රතිඵලය වූයේ කිහිප දෙනෙක් මරණයට පත්වීමයි.

7. වැදෑමහ හෙවත් කලල බන්ධයෙන් ස්‍රාවය වන හෝමෝන එන්නත් කර ගැනීම සහ දිනකට කැලරි 500 ක් පමණක් ආහාරයට ගැනීම මගින් සිරුර සිහින් වන බව එකල පිළිගත් තවත් මතයක් විය. මේ ආහාර වේලට කීවේ ‘ඩ්ඛ්ට් ඩයට්’ කියා ය.

8. හිරු එළිය සහ අධ්‍යාත්මික දියුණුව පමණක් ඇති තැන, කෑම සහ බීම කොහෙත්ම උවමනා නැති බව 80 දශකයේදී සෞඛ්‍ය විශේෂඥයෝ කියා සිටියහ.

9. පටිපණු බිත්තර ගිල දැමූ විට පටිපණුවන් සිරුරට ආසාදනය වී බර අඩුකරන බවට අතීතයේ විශ්වාස කෙරිණි.

10. සුපිරි ගායිකා බියොන්සේ පසුගිය වසර අග හෙළිකළ ඇගේ සිහින් සිරුරේ රහස මේ සියල්ලටම වඩා ජනපි‍්‍රය ය. ඇය කියා සිටියේ, දින 10 ක් එක දිගට ලෙමනේඩ් සහ විරේක පෙති පමණක් ගත් විට සිරුරේ බර, කැපී පෙනෙන ලෙස අඩුවන බවයි.

ඇසුරිනි