Pages

Monday, March 24, 2014

ඒත් එයාත් එක්ක ගිහින් ජිවත් වෙන්නේ කොහොමද ?

'' හිත ගිය ගෑණු ළමයෙක්නම් ඉන්නවා මචං ... එත් ඉතින් කාර් එකක්වත් නැතුව එයා මට කැමතිවෙයිද ? ''

'' කොල්ලනම් හොදයි අනේ... ඒත් එයාත් එක්ක ගිහින් ජිවත් වෙන්නේ කොහොමද ? සල්ලි නැතුව ඉතින් මොනවා තිබුනත් වැඩක් තියනවද ? ''

මෙන්න සුන්දර තාරුණ්‍යට අද වෙලා තියන දේ... මේක මෙහෙම වෙන්න දෙන්න බැහැ . ඔබට ඔබේ තාරුණ්‍ය විදීමට අයිතියක් ඇත. ඔබ දුප්පත් පවුලක උපන් නිසා ඔබට ආදරය අහිමි වෙනවනම් එය මනුස්ස ප්‍රජාව දෙවරක් සිතා බැලිය යුතු නොවේද ?

සුන්දර යුවතියකට තම ජීවිතය මුදල් වෙනුවෙන් කැප කිරීමට වෙනවානම් ඒ යුවතියගේ ආත්මය සමාජයට නොදැනුවත්ම හෝ වයිර නොකරාවිද ? සත්‍ය වශයෙන්ම ඇයද මිලක් නැති ආදරයක් බලාපොරොත්තු නොවන්නේද ?

තරුණ තරුණයිනි .. ඔබලායි අපේ ජිවය අප නුබලාට පොරොන්දු වෙනවා .. නව සමාජවාදී අප පාලනය තුල මෝටර් රථයක් මහා මෙරක් නොවේවි...ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි රටවල මාස 3 ක් රැකියාවක් කලොත් සුවපහසු මෝටර් රථයක් ගැනීමේ හැකියාව ඔනෑම පුද්ගලයෙකුට තිබෙනවා... 
ඉතින් අපේ රටේ මේක කරන්න බැරිද ? පුළුවන් ....අපි ඒක කරලා පෙන්නනවා ..

ඔබට සුවපහසු ජිවිතයක් ලබා දීමට අප ඇප කැප වෙනවා....

එවිට ආදරය දෑවැදි වලට නොවිකිනේවි..... 
එවිට ආදරය මෝටර් රථයකට නොවිකිනේවි......