Pages

Sunday, March 09, 2014

ජීවිතය යනු කිමැයි

එක් දිනක නැවතුනෙමි
ඒ හදවතේ වේදනාව අසන්නටය...
තව දිනක නැවතුනෙමි
ඒ දෑසෙහි කඳුළු නවතාගන්නටය...
දැන් වේදනාවත් කඳුළුත් නැත.
පියමනිමි
අවන්හලක මධුවිත සොයා.......
පියමනිමි
පාළු මාවතක සලෙළකු සොයා........
පියමනිමි
සයිබර් අවකාශයේ ප්‍රේමය සොයා.......
පියමනිමි
යටගියාවන් වැළලූ තැන් සොයා.........
හමුවුණෙමි
පෙණකැටිති නැඟි මධු බඳුන්................
හමුවුණෙමි
විලිසංගයක් නැති සලෙළුන්.................
හමුවුණෙමි
බොලඳ දෑ කියවන සයිබර් ප්‍රේමයන්.........................
හමුවුණෙමි
වැළලූ තැනින් ඉගිල යන යටගියාවන්..................
හමුවුණෙමි
පෙරළා එන්නෙමි පැනයක් ඉතිරි කරගෙන
ජීවිතය යනු කිමැයි...?

චතූ හේරත් - Silumina