Pages

Saturday, August 31, 2013

ටිබෙටයෙහි ආත්මීය නායකයා දලයි ලාමා

මිනිස්‌සු හිතන්නේ සතුන් යනු එළවළු විශේෂයක්‌ ලෙසටයි. සතුන් ගැන මිනිස්‌සු මෙයාකාරෙන් සිතන එක වැරදියි. ඒ තත්ත්වය වෙනස්‌ විය යුතුයි. ටිබෙටයේ මෙන්ම මුළු ලෝකයේම හැම මිනිසකුටම මා සිහිපත් කරන්නේ මස්‌ මාංශයෙන් තොර ආහාරවලට පුරුදු විය යුතු බවයි. එවිට සතුන්ට මෙන්ම මනුෂ්‍යයාටද පීඩාවකින් තොරව ජීවත්විය හැකියි

නිදහස්‌, ස්‌වෛරී, ස්‌වාධීන ටිබෙටයක්‌ උදෙසා ඔහු ගෙන ගිය දැවැන්ත සටන අවිහිංසාවාදී විය. එහි තේමාව වන්නේ දයාව හා සාමයයි. දහ හතර වැනි දලයි ලාමාතුමානෝ ටිබෙට්‌ රටවැසියන් හට පමණක්‌ නොව ලෝකයෙහි සියලු මහාද්වීප කරා සාමය රැගෙන යන්නට උත්සුක වූහ.

එලෙස ලෝකයෙහි නන් දෙස යමින් ජනතාව එක්‌රැස්‌ කොට පවත්වා ඇති සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු සංඛ්‍යාව සිය ගණනකි. ඒ හැරුණුවිට ඒ හැම තැනෙකදීම දලයි ලාමා තුමාණන් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පරිසරය පිළිබඳව ද ලෝකවාසී ජනතාව දැනුවත් කරන්ටන දැඩි උනන්දුවක්‌ දැක්‌වූයේය. චීනය හැරෙන්නට මුළු ලොවම ඔහුට පෙරලා ආදරය හා ගෞරවය දැක්‌වීය. ඔහුගේ සේවාවන් අගය කළේය. 1989 වසරේදී නොබෙල් සාම ත්‍යාගය තුළින් එතුමා වෙත පිරිනැමෙන්නේ මුළු ලොවෙහිම ගෞරවාදරයයි.

1935 ජුලි මස 6 වැනි දින චීනයෙහි ටැක්‌ස්‌ටර් (Takster) ප්‍රදේශයෙහි ගොවි පවුලක ඔහු උපන්නේ සහෝදර සහෝදරියන් දහසය දෙනෙක්‌ උපත ලද පවුලක පස්‌වැන්නා ලෙසටය. ඔවුන් අතරින් පස්‌ දෙනෙක්‌ බාල වියේදීම මිය ගියහ.

දෙමවුපියන් විසින් ඔහු නම් කරනු ලැබුවේ 'Chamo Thondup යනුවෙනි. වයස පහළොවේදී මහණ බව ලැබ ඔහු ලබාගත් නම ටෙන්සින් (Tenzin Gyaesto) විය.

ඒ සමඟ ඔහු දහ හතර වැනි දලයි ලාමා තුමා ලෙස ටිබෙට්‌ රජයේ දේශපාලන නායකයා බවට පත්වන්නේ ඔහු සතුව වූ ආගමික දැනුම පදනම් කරගෙනය. "දලයි" යනු සාගරයයි. ලාමා යන්න ගුරුවරයා යන අරුත් ගෙන දේ. "දලයි ලාමා" යනු සාගරයක්‌ තරම් ආත්මීය වශයෙන් දැනුම් සම්භාරයක්‌ සහිත ගුරුවරයා යන අර්ථය ගෙන දෙන ගෞරවය නාමයකි.

ටිබෙට්‌ රාජ්‍යයෙහි නායකත්වය ලැබ මාස කිහිපයකින් ම දලයි ලාමාතුමා ඉන්දියාවට පළා යන්නේ චීනය ඔහුට එරෙහිව නැඟී සිටි හෙයිනි. පිරිවර දහස්‌ ගණනක්‌ සමඟ එතුමා ඉන්දියාවේ "ධර්මශාලා" කරා ගිය ද ටිබෙටය වෙනුවෙන් තම මෙහෙවර අමතක නොකළේය.

ළාබාල පාලකයෙක්‌ ලෙස රටින් පිට සිටිමින් වුවද ඔහුගේ පරමාර්ථය හා අධිෂ්ඨානය වූ ස්‌වාධීන ටිබෙට්‌ රාජ්‍යය වෙනුවෙන් ඔහු නොයෙකුත් සැලසුම් සංවිධානය කළේය. 

ඔහු ඉදිරිපත් කළ නොයෙකුත් පනත් කෙටුම්පත් සහ යෝජනා අදහස්‌ චීන සමූහාණ්‌ඩුව දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළේය. චීනයේ දේශපාලන නායකයා වූ මාවෝ සේතුං වරෙක ඔහු මුණගැසීම පවා ප්‍රතික්‍ෂේප කොට ඇත.

රාජ්‍ය පාලනයෙහි යෙදෙමින්ද, චීනයෙහි දොaෂදර්ශනයට පාත්‍ර වෙමින්ද ඔහු තම අධ්‍යාපන කටයුතු ද පවත්වාගෙන යන්නට සමත් විය. 1959 වසරේදී එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගත්තේය. 2008 දෙසැම්බර් මාසයේදී පිත්තාශයේ සැත්කමකින් අනතරුව එතුමා ටිබෙටයෙහි දේශපාලන නායකත්වයෙන් සමුගෙන යන්නේ කිසිදු ලෝබකමකින් තොරවය.

ටිබෙට්‌ ජනතාව අදටත් විශ්වාස කරන්නේ දහහතර වැනි දලයි ලාමා තුමා, 13 වැනි දලයි ලාමා තුමාගේ පුනරුත්පත්තියක්‌ බවය. තවත් සමහරෙක්‌ විශ්වාස කරන්නේ ඔහු අවලෝකිතේශ්වර නමින් මතු බුදුවන අයගේ එක්‌ ආත්මයක්‌ හැටියටය. නිවන පසෙක තබා මනුෂ්‍ය වර්ගයාට දයාව දක්‌වමින් සේවය කරනු සඳහා නැවත නැවතත් ඔහු ලොව ඉපදීමට තමාට අවැසි බව එතුමා වරෙක ප්‍රකාශ කොට ඇත.

ගබ්සාව පිළිබඳව යම්කිසිවෙක්‌ විමසූ පැනයකට ඔහු පිළිතුරු දුන්නේ මෙපරිදිය.

"ගබ්සාව යනු සැබැවින්ම මනුෂ්‍ය ඝාතනයකි. එහෙත් ගබ්සාව අනුමත කළ හැකි අවස්‌ථා නැත්තේද නැත. ගබ්සාවන දරුවා මන්ද මානසික ආබාධිතයකු නම් නැතහොත් එම දරුවා වෙනත් යම් ආකාරයකින් දෙමවුපියන්ට දරාගත නොහැකි ප්‍රබල ගැටලුවක්‌ වන්නේ නම් එය සාවද්‍ය ඝාතනයක්‌ ලෙස සැලකිය යුතු නැත."

දලයි ලාමා තුමාගේ පරිසරය ආරක්‍ෂා කරනු පිණිස නොයෙකුත් ක්‍රියාකාරකම් ඉදිරිපත් කළ අතර මාංශ භක්‌ෂණය තරයේම හෙළා දුටුවෝය.

"මිනිස්‌සු හිතන්නේ සතුන් යනු එළවළු විශේෂයක්‌ ලෙසටයි. සතුන් ගැන මිනිස්‌සු මෙයාකාරෙන් සිතන එක වැරදියි. ඒ තත්ත්වය වෙනස්‌ විය යුතුයි. ටිබෙටයේ මෙන්ම මුළු ලෝකයේම හැම මිනිසකුටම මා සිහිපත් කරන්නේ මස්‌ මාංශයෙන් තොර ආහාරවලට පුරුදු විය යුතු බවයි. එවිට සතුන්ට මෙන්ම මනුෂ්‍යයාටද පීඩාවකින් තොරව ජීවත්විය හැකියි"

වයස අවුරුදු හයේ සිට තමා උගත් බෞද්ධ ධර්මයක්‌a නිරන්තරවම ප්‍රගුණ කළ දයාව කරුණාව තුළිනුත් මුළු ලෝකයම දිනාගත් දලයි ලාමා තුමාද විවේචනයට හසුවන අවස්‌ථා නැත්තේ නොවේ. ඇතැමුන් පවසන්නේ ටිබෙටයේ දේශපාලන නායකත්වයෙන් එතුමාගේ ඉවත්වීමද ඔහුගේ එක්‌තරා උපායක්‌ විය හැකි බවයි.

කෙසේවුවද මේ වන තෙක්‌ දීර්ඝතම කාලයක්‌ ටිබෙටයේ යහපත උදෙසා ඇප කැප වෙමින් සේවය කර ඇති ආත්මීය ආගමික නායකයාණන් වන්නේ 14 වෙනි දලයි ලාමා තුමාණෝ නොහොත් ටෙන්aaසින් යෑස්‌ටෝ හිමිපාණෝමය.

සුනිලා විඡේසිංහ - Divaina