Pages

Thursday, August 15, 2013

අන්තර්ජාලයේ තත්පර 60ක්‌

අන්තර්ජාලය ඒ කියන්නේ අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් Internet දැන් මැජික්‌ එකක්‌ නෙමේ. ඇත්තටම මේ සඳහා ඔබ හුරුවුවහොත් එය නැතුව ඔබට ඉන්නට බැරි බව නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. පරිගණකයෙන්, ජංගම දුරකථනයටත් පැමිණි මේ අන්තර්ජාල පහසුකම ලෝකයේ අති මහත් බහුතරයක්‌ විවිධ සේවා, අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරනවා.

විශේෂයෙන්ම Facebook වැනි සමාජ වෙබ් අඩවි නිසා මේ ආකාරයෙන් අන්තර්ජාල භාවිතය දැන් දැන් ලෝකයේම අති සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී අවසන්. සාමාන්‍යයෙන් විනාඩියක්‌ ඇතුළත අන්තර්ජාලයේ වෙන සිදුවීම් ගැන ඔබ කැමැතිද වැඩි විස්‌තර දැන ගන්න. මේ විදෙස්‌ වාර්තාව තනිකරම පෙන්වා දෙන්නේ ඒ ගැන. විනාඩියක්‌... ටක්‌ ටක්‌ ගා යන මේ තත්පර 60 තුළ අන්තර්ජාලය තරම් කාර්ය බහුල වෙන තැනක්‌ නම් ඇත්තටම නැතුව ඇති.

එක විනාඩියක්‌ ඇතුළත ඉන්ස්‌ටර්ග්රෑම් (Instagram) වෙබ් අඩවිය හරහා පින්තූර 216,000 ක්‌ බෙදා හැරෙනවා, ඇමසන් (Amazon) කියන ගනුදෙනු වෙබ් අඩවිය විනාඩියකට ලබන විකිණුම් ආදායම අමෙරිකානු ඩොලර් 83,000 ක්‌. අපි කවුරුත් දන්න "ෆේස්‌බුක්‌' වෙබ් පිටුවේ විනාඩියකට දමන ''Like'' ගණන මිලියන 1.8 ක්‌. එසේම "යූ ටියුබ්" (Youtube) වෙබ් අඩවියට එකතුවන වීඩියෝ ප්‍රමාණය කාලය අනුව බැලුවහොත් පැය 72 ක්‌ තරම් දිගුයි. සිතන්න මේ සියලු දෙය ඉටුවන්නේ පුංචි තත්පර 60 ක්‌ ඇතුළතයි. ඒ විතරක්‌ නෙමේ හැම දෙයක්‌ම සොයන්න යන ජනප්‍රිය සෙවුම් වෙබ් පිටුවක්‌ තමයි "ගූගල්" (Google) කියන්නේ. විනාඩියකට මෙම පිටුවට ලැබෙන සෙවුම් ප්‍රමාණය සීයක්‌, දෙසීයක්‌, දාහක්‌ නොවේ මිලියන දෙකක්‌.

නව වෙබ්පිටු කීයක්‌ විතර එක විනාඩියකදී අන්තර්ජාලයට මුදාහැරෙනවා ඇද්ද, එම ගණන 571 ක්‌. එසේම ලියාපදිංචි වන නම ඩොමේන්ස්‌ (Domains) ගණන 70 ක්‌. සාමාන්‍ය ලිපිනයට වඩා දැන් යොදාගන්නා ඊමේල් අන්තර්ජාලයේ ඉතා ප්‍රසිද්ධ පණිවුඩ, තොරතුරු හුවමාරු ක්‍රමයක්‌. එක්‌ විනාඩියකට හුවමාරුවෙන ඊමේල් (email) ගණන ලැබෙන්නේ මිලියන වලින්. ඒ මිලියන 204 ක්‌. තවත් ලොව ප්‍රචලිත සමාජ වෙඩ් අඩවියක්‌ තමයි 'Tweeter' කියන්නේ. මේ වෙබ් අඩවියට එක්‌ වෙන "ට්‌වීට්‌" (tweet) ගණන තත්පර 60 කට 278,000 ක්‌.

ගූගල් සෙවුම් ප්‍රමාණය වර්ෂයක්‌ ඇතුළත වැඩි වී ඇති ප්‍රමාණය 04 ගුණයක්‌. වර්ෂයකට පෙර 'යූටියුබ්' (youtube) වෙබ් අඩවියට විනාඩියකට ලැබුණු වීඩියෝ වල දිග කාලයෙන් ගතහොත් පැය 25 ක්‌. දැන් එම ගණන තමයි පැය 72 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන්නේ.

ඔබ දන්නවනේ තවත් සමාජ වෙබ් පිටුවක්‌ වන "ස්‌කයිප්" (Skype) එක්‌ විනාඩියකට ස්‌කයිප් හරහා අල්ලාප සල්ලාපයේ යෙදෙන ගණන මිලියන 1.4 ක්‌. එම ගණන අවුරුද්දකට පෙර වුණේ 370,000 ක්‌ ලෙසටයි. කලින් ප්‍රකාශ කළ ආකාරයටම ෆේස්‌බුක්‌ හි වැටෙන 'ලයික්‌' (like) ප්‍රමාණය මිලියන 1.8 ක්‌. එසේම විනාඩියකදී අලුතින් දමන, ෆේස්‌බුක්‌ භාෂාවෙන්ම කියන හැටියට "Status
update" ගණන 246,000 ක්‌. කෙසේ වෙතත් පසුගිය වර්ෂයට වඩා එම ගණනනම් ඉතා ඉහළ අගයකින් කඩා වැටී තිබෙනවා. වර්ෂයකට පෙර එම ගණන සටහන් වුණේ 695,000 ක්‌ ලෙසටයි.

"ට්‌වීටර්" වෙබ් පිටුවට දමන පණිවුඩ වලින් වචන 150කට එකක්‌ ඉංග්‍රීසි බස වැරදියට යෙදූ වචන එනම් අකුරු වැරදි වචනයන් තිබෙන බවටත් මේ සමීක්‍ෂණයෙන් සොයාගෙන තිබෙනවා.

එසේම ෆේස්‌බුක්‌ හි වචන 323 කට එකක අකුරු වැරදි බවට සඳහන් වෙනවා.

විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවිවල අරක්‌ ගෙන සිටිනා කාන්තා පාර්ශ්වය වැඩියෙන්ම යොදා ගන්නා වචන දෙක ලෙසට "Oh000'' සහ "Lool" යන වචන දෙක සටහන්.

මේ අනුව බලනකල "Online in 60 Seconds" විනාඩියක්‌ ඇතුළත අන්තර්ජාලය තරම් කාර්ය බහුල වෙන කිසිදෙයක්‌ ඇත්තටම ලොව නැතුව ඇති. මේ සඳහා එනම් අන්තර්ජාලය කාර්ය බහුල කිරීමට අනිවාර්යෙන්ම මෙය කියවන ඔබද ඕනෑතරම් දායක වී ඇති බවටත් සඳහන් කරන්නට පුළුවන්.

කුමුදු අබයදීර