Pages

Saturday, June 25, 2011

මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනළුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්

අහස තරම් දුරක හිඳන්
පිනි වැස්‌සක්‌ බිමට එවා
ඔබෙ කෙහෙරැලි සිප ගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැලි සිප ගන්නට
ඇයි මට තහනම්

ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
ඔබෙ සියොළඟ සිපගන්නට
සුළඟට හැකි නම්
ඒ සියොළඟ සිපගන්නට
ඇයි මට තහනම්


පද මාලාව - ශාන්ත කුමාර විතාන
ගායනය හා ගී තනු - ලක්‍ෂ්මන් හේවාවිතාරණ

යෞවනය....... හරියට මල් උයනක්‌ වගේ......... හරිම සුන්දරයි..... ඒ උයනේ පිපී හිනැහෙන මල්....... හරියට ආදරවන්තයා එනතුරු මඟ බලාන ඉන්aනා ආදරවන්තියන් වගේ....... දසත සුවඳ පතුරන මේ මල්වල රොන්.......... කොතරම් රසවත්ද...... ඒ රොන් බොන්න එන සමනළයන්......... හරියට පෙම්වතිය සොයා එන පෙම්වතා වගේ .......... උන් මල්වලට හරිම ආදරෙයි...... ඒ නිසා මල් පෙති නොතලා..... රේණු නොසලා රොන් උරා බී ප්‍රේමයෙන් මන්මත්ව ඈතට ඈතට ඉගිලිලා යනවා...more

මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නැහැ පුංචි සමනළුන්ට
ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
මට ඉඹින්න තහනම් ඇයි
ඔය සුදු කම්මුල්...

රොන් සුවඳට මල් කැකුළට ළංවෙන සමනළයන් ඒ මලට කොතරම් ආදරේ කරනවද..... මල් කැකුළකට "ආදරෙයි කියා කියන්න සමනළයන්ට කිසිම තහනමක්‌ නැහැ... උන්ට ඒ නිදහස උපරිමයෙන් ලැබී තිබෙනවා......... ඉතින්..... හැමදාම ඔයා ළඟට වෙලා ප්‍රිය වදන් තෙපලන මට ඔයාගේ ඔය සුදු කම්මුල්වලට හාදු දෙන්න බැරි ඇයි.............

අහිංසක පෙම්වතෙක්‌ගේ ආයාචනයක්‌...... මේ ඉතින් යෞවන උයනේ මල් නෙළන කාලයනේ........ශාන්ත කුමාර විතාන.... අපේ සහෘද පත්තර මිත්‍රයා තමයි මේ ගීයේ පද රචකයා........ ගීයට නිමිත්තක්‌ නම් නැතිලු...... ඒ ගැන ශාන්ත කියන්නේ මෙවැන්නක්‌.

තරුණ වයසෙ...... ආදරය කරන කාලෙ.... පෙම්වතාත් පෙම්වතියත් අතර ඇතිවන පළමු සිප ගැනීම......... ඒ වෙලාවට හිතට ඇතිවන හැඟීම්........ ආශාව වගේම පොඩි බයකුත් ඇතිවෙනවා.

අහස තරම් දුරක හිඳන්
පිනි වැස්‌සක්‌ බිමට එවා
ඔබ කෙහෙරැලිs සිප ගන්නට
අහසට හැකි නම්
ඒ කෙහෙරැලි සිප ගන්නට
ඇයි මට තහනම්...

මේ පෙම්වතාට ඇය සිප ගන්නට තද වුවමනාවක්‌ තියෙනවා. ඒත් හිතේ පොඩි චකිතයක්‌. ඒක ඉතින් ශාන්ත කලින් කී ලෙසම බිය. බියත්a හරිම සුන්දරයි. ඔහු ඇය සිප ගැනීම සඳහා සාධාරණ හේතුත් සපයනවා. ආකාසය...... කොයිතරම් දුරද... ඒත් ඒ තරම් දුර ඉඳලා පිනිවැස්‌සක්‌ බිමට එවලා..... ඔයාගේ කෙහෙරැලි සිප ගන්න අහසට පුළුවන් නම්...........

ඇයි මට ඔබේ කෙහෙරැලිs වලට හාදු දෙන්න බැරි...... ඇයි මට විතරක්‌ තහනම් නියෝගයක්‌......

ඇත්ත...... ආදරයෙන් මුසපත්ව ඉන්න මේ පෙම්වතාගේ තර්කය ඔහුගේ පැත්තෙන් සාධාරණ නැද්ද....

යළිත් ගීයේ පද නිර්මාණකරු ශාන්ත.... හඬ අවදි කළා. "මම සÄල්ලට "අහස්‌ වියන" නමින් කවි පෙළක්‌ ලියුවා...... මේ පද මාලාවත් අහස්‌ වියනට ලියූ කවි පෙළක්‌....... ලක්‍ෂමන් හේවාවිතාරණ ඒ කාලේ හිටියේ ප්‍රංශයේ..... එහිදී ඔහු මේ කවි ටික දැකලා තනුවක්‌ යොදලා..... සංගීතයත් සමඟින් ගීතය නිර්මාණය කළා. ලංකාවට ඇවිත් මට සින්දුව අහන්න දුන්නා..........

ගහකොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
ඔබෙ සියොළඟ සිපගන්නට
සුළඟට හැකිනම්
ඒ සියොළඟ සිප ගන්නට
ඇයි මට තහනම්...

කෙසේ හෝ ඇය සිප ගැනීමේ ආශාව මේ පෙම්වතාගේ හිතෙන් ඈත් වී නැහැ. ඔහු යළිත් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරනවා. සුළඟ අප වෙත එන්නේ ගහකොළ පසලමින්....... ඒත් මහ රෑ ඔබේ ළඟට සුළඟ එන්නේ ගහකොළට විතරක්‌ නොවේ නටුවලටත් හොරෙන්... ඒ එන සුළඟ ඔයාගේ සියොළඟම සිප ගන්නවා...... ඒ අවසරය තියෙන්නේ සුළඟට විතරක්‌ද?.... ඇයි ඇයි ඔයාගේ සියොළඟ සිපගන්න මට අවසර නැත්ද... මට විතරක්‌ ඇයි තහනම් නියෝගයක්‌......

ආදරය..... මේ නම් සුන්දර ආදරයේ තවත් එක සොඳුරු හැඟුමක්‌ ..... ශාන්ත ඒ හැඟුම් ගොන්න පද පෙළකට ගොතලා..... ලක්‍ෂ්මන් හේවාවිතාරණගේ හැඟුම්බර සිහින් හඬ..... ඒ හඩෙත් ආදරය ගැබ්වෙලා.

පද පෙළ, හඬ වගේම සංගීතය, ආදරයෙන් මුසපත් වූ පෙම්වතෙක්‌ පෙම්වතියට පළමු හාදුව දෙද්දී හදවත ගැහෙනා රාවය කදිමට පිළිබිඹු කරවනවා.


අජිත් අලහකෝන් - Divaina