
ඒ අවුරුදු 15දී පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා ඇතුලුත් වීමයි. ලක්නව් නුවර පිහිටා ඇති බාබාසාහෙබ් භීම්රාඕ අම්බේද්කර විශ්වවිද්‍යාලයට ඇය මෙලෙස ඇතුලත් වී තිබේ.
වයස අවුරුදු 13 දී ඇය ක්ෂුද්‍ර ජීව විද්‍යා ශාස්ත්‍රපති උපාධිය සඳහා ලක්නව් විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලැබීම ආරම්භ කර තිබේ.
වසර 2007 දී ඉන්දියාවේ ද්විතීයික පාසල් විභාගය (Class X) සමත්වූ ලාබාතම සිසුවා ලෙසද සුෂ්මා ඉන්දියාවේ ලිම්කා වාර්තා පොතට එක්ව තිබේ.
ඇය මෙලෙස දස්කම් දක්වා ඇත්තේ සැප පහසු දිවියක් ගත කරමින් නම් නොවේ.දෛනික වැටුප් ලබන කම්කරුවෙකු ලෙස සේවය කළ ඇගේ පියා ඇය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේම සනීපාරක්ෂක අධීක්ෂකයෙකු ලෙස සේවයේ යෙදෙයි.

මේ හේතුවෙන් වයස අවුරුදු 17ක් වන තුරු වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන සුෂ්මා පවසන්නේ පුද්ගලයෙක්ව මැනිය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ වයසින් නොව හැකියාව සහ දක්ෂතාවයෙන් බවයි.
දිළිඳු බව සමඟ ඈඳුනු නොයෙකුත් කරදර කම්කටොළු මැද ජීවිතය ජයගන්නට වෙරදරන මෙම නැණවත් දැරිය අධ්‍යාපනයේ මෙන්ම උත්සාහයේ වටිනාකමද ලොවට කියාපායි.