Pages

Monday, September 21, 2015

කාර්ය සහායක තනතුරට ඉල්ලන ආචාර්ය උපාධිධාරියෝ

ඉන්දියාවේ ලක්නව් නගරයේ ප්‍රාන්ත ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු 368 සඳහා 23 ලක්ෂයකට අධික පිරිසක් අයදුම් කර තිබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ලක්නව්හි ජනගහනය ලක්ෂ හතළිස් පහකි.

ඒ අනුව නාගරිකයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මෙම තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබේ.

මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නේ අයදුම්කරුවන් අතුරින් ලක්ෂ දෙකකට අධික පිරිසක් තාක්ෂණවේදී (BTech), විද්‍යාවේදී (BSc), විද්‍යාපති (MSc) සහ වාණිජ විද්‍යාපති (Mcom) උපාධිධාරීන් වීමයි.

ආචාර්ය උපාධිය (PhD )ලබා සිටින දෙසිය පනස් පස් දෙනකුද කාර්යාල කාර්ය සහායක තනතුරට අයදුම්පත් පත් ඉදිරිපත් කොට තිබේ.

සම්මුඛ පරීක්ෂණ භාරව කටයුතු කරන පරිපාලන දෙපාර්තමේන්තුව කාර්යාල කාර්ය සහායක තනතුරු පුරප්පාඩු සඳහා අදාළ දැන්වීම පුවත්පත්වල පළ කොට තිබුණ අතර අයදුම්පත් භාර ගැනුණේ අන්තර්ජාලය ඔස්සේයි.

‘ලැබුණු ප්‍රතිචාරයෙන් අපි කම්පනයට පත් වුනා’ එම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයෙක් පවසයි.

ඉහත කී සියලු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට යොමු කකරනු ලැබීම අවසන් කිරීමට වසර දෙකක් පමණ ගත වන බවත් ඔහු කියා සිටියි.

‘රැකියාවක් නොමැතිව රස්තියාදු වනවාට වඩා හොඳයි 'පියන්' කෙනෙක් විදිහට වැඩ කරන එක’ ආචාර්ය උපාධියක් හිමි ආලෝක් පවසයි.

‘ඔබට රැකියාවක් නැතිනම් අවසානයේ ඔබ නෑදෑයන්ගේ සහ යාලු මිත්‍රයින්ගේ පිහිට පතාවි. නමුත් එවැනි අයගේ කරුණාව මත ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්නද?’ තවත් අයදුම්කාරියක් වන රේඛා වර්මා සඳහන් කළාය.

BBC