Pages

Thursday, October 24, 2013

ඔබේ හදට වැඩියෙන් තව ලංවේ....................

සැන්දෑ කලුවර ගලා හැලෙන විට 
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි.......... 
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන් 
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි............. 

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුන 
අමා සුවය දෙන අතුපැල හෙවනේ......... 
අසරණ වූදා මට ඔබ පමණයි 
මදකට හෝ සැනසුම ගෙනදෙන්නේ.............. 

පිබිදෙන ලොව හා තරඟකරන්නට 
හෙට අළුයම යලි පිටවිය යුතුවේ............ 
ඔබෙන් දුරව සිටිනා හැම මොහොතෙම 
ඔබේ හදට වැඩියෙන් තව ලංවේ.................... 


Songs and lyrics -