Pages

Sunday, October 27, 2013

ඔබ හා මම

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම...

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...

මිහිදන්වු ප්‍රාර්ථනා 
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක් 
ළං කෙරුවේ ඔබ නොවේ ද...