Pages

Saturday, October 12, 2013

ෆේස් බුක් ඔෆීස් එක ගැන නොදත් දේ

මාර්ක් ෂුකර්බර්ග් 2004 වසරේදී ඇරඹූ ෆේස් බුක් ගැන අද කාලේ නොදන්නා කෙනෙක් තෑ. මෙහි ප‍්‍රධාන කාර්යාලය 2009 වසරේ සිට පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ කැලිපෝනියාවේ මෙල්නො පාර්ක්, විලෝ පාරේ අංක 1601 කියන ස්ථානයේයි.
ෆේස් බුක් ආයතනයට ඇමරිකාවේ තවත් ශාඛා 12 ක් තියනවා. ඇමරිකාවෙන් පිටත
ඇම්ස්ට‍්‍රඩෑම්, ඕක්ලන්ඞ්, බ‍්‍රසල්ස්,බුවනෝර්ස්අයර්ස්,ඩුබායි,ඩබ්ලින්, හම්බර්ග්,හොං කොං, ලන්ඩන්,මැඞ්රීඞ්,මෙල්බර්න්,මෙක්සිකෝ,මිලාන්,පැරිස්,සෙලන්ගර්,සාවෝ පාවුළු,සියොල්,සිංගප්පූරුව,ස්ටොක්හෝම්,සිඞ්නි,ටෝකියෝ,ටොරොන්ටෝ,වොර්සෝ සහ ඉන්දියාවේ හයිද්‍රබාද්හි ජාත්‍යන්තර ශාඛා කාර්යාල 24 ක් තියනවා.
ඒ අනුව ප‍්‍රධාන කාර්යාලය ඇතුළු සියලූ කාර්යාලවල එකතුව 37 ක්. පසුගිය 2013 ජුනි 30 වනදා වනවිට ෆේස්බුක්හි මුළු සේවක සංඛාව 5299 ක් බව වාර්තා වුණා. දවසකට ෆේස් බුක් පරිහරණය කරන පිරිස මිලියන 699 ක් බවත් මාසෙකට බිලියන 1.15 ක් බවත් එම වෙබ් අඩවි සංඛ්‍යාලේඛන හෙළි කරනවා.
මාර්ක් ෂුකර්බර්ග් ෆේස්බුක්හි නිර්මාතෘ ප‍්‍රධාන විධායක හා සභාපති යන තනතුරු දරන අතර තවත් 7 දෙනෙකු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනවා.
කැලිපෝනියාවේ මෙල්නො පාර්ක්, ප‍්‍රදේශයේ සංචාරය කරන්නෙකුට ප‍්‍රසිද්ධ වෙලා තියන ‘ලයික්’ සලකුණ තියන පුවරුවෙන් හැරී ගියොත් ෆේස් බුක් ඔෆීස් එක දැක ගන්නට පුළුවන්.
ඔෆිස් එකේ ඡායාරෑප එකතුව නරඹන්න යන්න