Pages

Monday, October 14, 2013

මාතර ඔක්කොටම ඇමතිකම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට කැබිනට් අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවී ඇතැයි වාර්තා වෙයි.

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන් සංඛ්‍යාව හතකි. ඔවුන්ගෙන් සිවු දෙනකු කැබිනට් අමාත්‍යවරුන් වන අතර තිදෙනකු නියෝජ්‍ය අමාත්‍යවරු වෙති.

මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මහතා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසද, මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද, චන්ද්‍රසිරි ගජධීර මහතා බන්ධනාගාර හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසද, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. එසේම විජය දහනායක මහතා රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, නව නියෝජ්‍ය ඇමැති ධුර පිරිනැමීමත් සමඟ සනත් ජයසූරිය මහතා තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද, හේමාල් ගුණසේකර මහතා සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද පිදුම් ලැබීය.