Pages

Sunday, July 21, 2013

ආදරය කියන්නෙ දෙන්න ඕන දෙයක්......

මනුෂ්‍යයකුට ආදරය කරන එක ලෝකෙ තියෙන හරිම අමාරු දෙයක්. ඒක එහෙම වෙන්නෙ ඔබ ඔබේ ආදරය පෙන්නන්න ගත්ත ගමන්ම අනිකා තමන්ගේ බල අරගලය පටන් ගන්නවා. අනික් කෙනා දන්නවා ඔබ ඔහු හෝ ඇය මත රදාපවතිනවා කියන එක. කිසිම කෙනෙක් කැමැති නෑ භෞතිකව හෝ මානසිකව වහලෙක් වෙන්න. නමුත් ඔබේ මනුෂ්‍ය සම්බන්ධතාව වහල්කමක් බවට හැරෙනවා.

කිසිදු ප‍්‍රතිමාවකට බෑ ඔබව වහලෙක් කරන්න. අනික් අතට ප‍්‍රතිමාව ඔබව ශිල්පියෙක් බවට පත් කරලා. ඒ වගේම එයින් ඔබ නිර්මාණකරුවෙක් එහෙම නැත්නම් කලාකරුවෙක් බවට පත්වෙලා. ප‍්‍රතිමාවක් සහ ඔයා අතර සම්බන්ධෙදි කිසිම අරගලයක් පවතින් නෑ. නමුත් නියම පරීක්ෂණේ තියෙන්නෙ මනුෂයෙක් එක්ක තියන ආදර සම්බන්ධෙදි විතරයි. 

මනුෂ්‍යයකුට පුළුවන් නම් ඉතාම මෘදු ලෙස මානුෂික සම්බන්ධයක් පවත්වන්න එයා හරිම බුද්ධිමත් කෙනෙක්. එවැනි සම්බන්ධයක් පවත්වන්න ඉතාම විශිෂ්ට ඇතුළාන්තයක් වුවමනා කරනවා. ප‍්‍රතිමාවක් නෙළන එකයි කැන්වයසක් මත චිත‍්‍රයක් අඳින එකයි වෙනමම දෙයක්. මොකද කොයි වෙලාවකවත් චිත‍්‍රය කියන්නෑ ලමට කැන්වසයේ මේ කෙළවරේ ඉන්න බෑ, මම ඒක ප‍්‍රතික්ෂේප කරනවා.ල කියලා. ඔයාට ඕන වෙලාවක චිත‍්‍රය ඔයාට ඕන කරන තැන තියන්න පුළුවන්. හැබැයි එහෙම කරන දේ මනුෂයෙක් එක්ක කරන එක එච්චර ලේසි නෑ. 

මේ ලෝකෙ උපදින හැම මිනිහෙකුටම උප්පත්ති අයිතියක් තියෙනවා කාටවත් යටත් නොවී ඉන්න. ඒ වගේම තමයි හැම කෙනෙකුටම උප්පත්ති වගකීමක් තියෙනවා කාවවත් යටත් නොකර ඉන්න. අන්න එවිට විතරයි මිත‍්‍රත්වය තුළ මල් හට ගන්නෙ. 

කෙනෙක්ව යටපත් කරන්න තියෙන ආශාව, ඊර්ෂ්‍යාව, කේන්තිය වගේ කැත දේවල් ඔයාගේ හිතෙන් අයින් කරන්න ඕන. ආදරයට ඒ දේවල් අවශ්‍යයි. 

අපේ ළ`ග හරිම වැරැුදි අදහසක් තියෙනවා අපි ආදරය කරන්න දන්නවා කියලා. ඔයාගේ ජීවිතේ දිහා බලන්න. හැම දෙයක්ම ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. හැම දෙයක්ම යුද්ධයක් බවට පත් වෙලා. මේ හැම දේකටම හේතුව තමයි අපි ආදරය කරන්න දන්නවා කියන අදහස. ඇත්තටම අපි ආදරය කරන්න දන්නෑ. අපි පැවැත එන්නෙ සත්තුන්ගෙන්. සත්තු ආදරය කරන්නෑ. 

ආදරය කියන එක මනුෂ්‍ය ජීවිතයට හරිම අලූත් දෙයක්. සත්තු නැවත නිෂ්පාදනය කරනවා හැබැයි ආදරය කරන්නෑ. ඔයාට කවදාවත් මී හරක් තුළ රෝමියෝ ජුලියට්, ලයිලා සහ මන්ජු එහෙම නැත්නම් සෝනි සහ මහිවල් වගේ අය හොයා ගන්න බෑ. මතක තියාගන්න මී හරක්, ඒ වගේ රොමැන්ටික් දේවල් ගැන තැකීමක් නෑ. ඒගොල්ලෝ නැවත නිපදවනවා විතරයි. ඒ දෙයින් සොබාදහම සෑහීමකට පත් වෙනවා. සොබාදහම මිනිස්සුන්ව විනාශ කරන්න උත්සාහ ගන්න පුළුවන්. හැබැයි සොබා දහම කොයි වෙලාවකවත් මීහරක්, බූරුවෝ, වඳුරෝ වගේ සත්තුන්ව විනාශ කරන්න හදන්නෑ. ඇත්තටම ඒගොල්ලෝ ප‍්‍රශ්නයක් නෙවෙයි. 

ආදරය කියන්නෙ මනුෂ්‍ය චිත්ත සන්තානේ පැන නැ`ගුණු අලූත් අදහසක්. ඔබට ඒක ඉගෙන ගන්න වෙනවා. 

ලස්සන චිත‍්‍රයක්, කවියක්, ප‍්‍රතිමාවක්, සංගීතයක්, නැටුමක් නිර්මාණය කරන එක ඔබේ අතේ තියෙන දෙයක්. නමුත් ඔබ මනුෂ්‍යයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න කොට ඔබට තේරුම් ගන්න සිද්ධ වෙනවා ඔයා වගේම කෙනෙක්, හිතක් අනිත් පැත්තෙන් ඉන්නවා කියන එක. ඔයාට සිද්ධ වෙනවා ඔබ ආදරය කරන කෙනාට ගෞරවය, මානව ගරුත්වය ලබාදෙන්න. මෙන්න මේ කාරණාව නිසා තමයි ඔබට බැරි මනුෂ්‍යයෙක් එක්ක ගනුදෙනු කරන්න. මනුෂ්‍යයෝ ගැන එහෙම නැත්නම් ආදරය ගැන අමතක කරලා දාන්න. සරලවම භාවනා කරන්න. 

ආදරය කියන්නේ ඔබ තුළ ඇති විපුල බව බෙදා ගැනීමකට කියන තවත් නමක්. ඔයා තුළ බොහෝ දේ තියෙනවා. ඔයා එකෙන් කරදරවෙලා ඉන්නෙ. ඔයා කැමැතියි ඔයා ළ`ග තියෙන දේවල් ඔයා කැමැති අයත් එක්ක බෙදා ගන්න. 

ඔයාගේ ආදරය - ඔයා ඔය ආදරය කියලා කියන දේ, ඒක ආදරය නෙවෙයි. ඒකට කියන්නෙ උදුරා ගැනීම කියලා. 

හැමෝම උත්සාහ කරනවා තව තවත් ආදරය උදුරගන්න. බිරිය හැමවෙලාවෙම කියනවා ලඔයා මට ඇති තරම් ආදරය කරන්නෑල කියලා. ස්වාමිපුරුෂයා කියනවා හැම වෙලාවෙම ලඔයා මට ආදරේ නැති හැඩයි පෙනෙන්නෙල කියලා. 

ආදරය කියන්නෙ ලබාගන්න ඕන දෙයක් නෙවෙයි. ආදරය කියන්නෙ දෙන්න ඕන දෙයක්. 

නමුත් ඔයාට ආදරය දෙන්න පුළුවන් ඔයා ගාව තිබුණොත් විතරයි.