Pages

Wednesday, July 31, 2013

ජීවිතේ කියා දුන්න, ආදරී ඔයා.....

හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර
හිදින්නේ කොහොම...
සුළග වගේ මා අතහැර 
දුරක යන්නට...
වරද මගේ රත්තරනේ 
කියලා දෙන්න.....

කදුලක් කදුලක් ගානේ
පෙම දියකරලා...
සුසුමක් ගානේ හදවත
දුක් ගිනි අවුලා...
අමතක කර ලන්නට බෑ
මටනම් කිසිදා...
ආදරේ කියාදුන්න
ආදරේ ඔයා.....

දැවුණත් දැවුණත් මියගිය
පෙම සිහි කරලා...
සුවදක් වත් නෑ මතකයේ
අදනම් ඇදීලා...
අමතක කර ලන්නට බෑ
මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්න
ආදරී ඔයා.....