Pages

Saturday, December 22, 2012

තව ග්‍රහයෙක් සොයාගනී

ජීවය පැවැතිය හැකිදැයි සැක කෙරෙන ග්‍රහලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා හා සමාන වූ තාරකාවක් කේන්ද්‍ර කරගනිමින් පිහිටි තවත් සෞරග්‍රහ මණ්ඩලයකට මේ ග්‍රහයා අයත්ය.මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක ගණන පහකි. පිහිටා ඇත්තේ පෘථීවියේ සිට ආලෝක වර්ෂ දොළහක් දුරිනි.

දුරේක්ෂ 3 ක් මගින් සිදුකළ නිරීක්ෂණ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් මේ නිගමනයට එළැඹිීමට පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සමත්ව තිබේ.හදුනාගත් ග්‍රහයා පෘථීවිය මෙන් පස් ගුණයක් පමණ බර වෙතැයි සඳහන් වෙයි.

ග්‍රහලෝකයක ජීවය පැවැතීමට නම් එය මත පැවැතිය යුත්තේ අධික උණුසුම් හෝ සිසිල් හෝ නොවන මධ්‍ය උෂ්ණත්ව පරාසයකි.මෙවිට ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත ජලයට ද්‍රව ලෙස පැවැතීමේ හැකියාවද ලැබේ.ද්‍රව ලෙස ජලය පවතිනවා යනු ජීවයද පැවැතිය හැකි බවයි.මෙසේ මධ්‍ය උෂ්ණත්ව පරාසයක් කිසියම් ග්‍රහයකු මත පැවැතීමට නම් එය සිය මව් තාරකාවට වඩා දුරින් හෝ වඩා ළගින් හෝ නොව අතරමැදි දුරකින් පිහිටිය යුතුවේ.මේ කරුණු සූර්යයාගේ සිට 3 වැන්නේ පිහිටන පෘථීවිය සැළැකූ විට හොදින් වටහා ගත හැක.

පෙරකී කරුණූ අලූතින් සොයාගනු ලැබූ ග්‍රහලෝකයේද හදුනාගත හැක.එනම් එම ග්‍රහලොවද පිහිටා ඇත්තේ සිය මව් තාරකාවට වඩා දුරකින් හෝ වඩා ළගකින් නොව මධ්‍ය දුරකිනි.ග්‍රහයා මත ජලය ද්‍රව ලෙස පැවැතීමේ සම්භාවිතාව ඉතා ඉහළය.සිදුකළ නිරීක්ෂණ අනුව උෂ්ණත්වයද ඇත්තේ අතරමැදි අගයකය.මෙනිසා ග්‍රහයා මත ජීවයද පවතිනු ඇතැයි විද්‍යාඥයින් මත පලකරයි.

http://www.lankadeepa.lk