Pages

Saturday, December 22, 2012

මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ

ආදර මගෙ ඡේසුනි
කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී

මා හසුවී මැරුනේ මඟ වැරදි මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ...

ඡේසුනි මම ආදරෙයි 
ඔබෙ පෙම ඊටත් වැඩී
සැමදා මම ණය ගැතියි ඔබට
ඔබදුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමිඳේ

ආදර මගෙ ඡේසුනි
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී

ගායනය - රූකාන්ත ගුණතිලක

සාමයේ කුමරුන්ගේ උත්පත්තිය... හෙට මැදියම් රෑ දොළහට... මුළු රට පමණක්‌ නොවේ ලෝකවාසී සියලුම කිතු බැතිමතුන් විසින් සමරනවා. සීතල උඳුවප් මාසයේ... ගවලෙනක උපන් ඡේසු බිලිඳුන්... පසු කාලෙකදි කුරුසියක දිවි පුදකළේ මිනිස්‌ සමාජය පාපෙන් මුදා ගන්නටයි.

ආදර මගෙ ඡේසුනි කලකින් ඔබ අමතමි
කොහොමද ඔබගේ තතු සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී...
මා හසුවී මැරුනේ මඟ වැරදි මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ...

වැරදි කළ වුන්ගේ හිත... නිතරම අඬනවා.. කළ වරද මෙනෙහි කරමින් තැවෙනවා... මේ ඒ වගේ කෙනෙක්‌... වැරදි කරුවෙක්‌.... පව්කාරයෙක්‌.... දෙවි සමි¹ණන් ඉදිරියේ පාපොච්චාරණයක්‌ කරනවා...

මොහු ඡේසු සමි¹ණන් අමතන්නේ ලිපියකින්... මගේ ආදරණීය ඡේසුනි... මම ඔබ අමතන්නේ කලකට පසුවයි... යනුවෙනුයි ඔහු ලිපිය ආරම්භ කරන්නේ... තම දුක කීමට කලින් සමි¹ණන්ගේ සැප දුක්‌ විමසන්නත් අමතක කරන්නේ නැහැ. ඉන් පස්‌සෙ තමයි ඔහු තමන් කළ දේ උන්වහන්සේට පවසන්නේ.

ඔබවහන්සේගේ දහම... කොතරම් පිවිතුරුද... ඒත්.... එහි තිබෙන ගුණය... වටිනාකම මම මායිම් කළේ නෑ... මට හිතෙන හිතෙන දේ මම කළා... ඒ නිසා තමයි අද මට ඔබවහන්සේ ඉදිරියේ දණ නමා හඬා වැටෙන්නට සිද්ධ වුණේ... මම වැරදි පාරක ගමන් කළා... හරියට සැඩ සුළඟකට හසුවුණා වගේ... හැම කෙනෙක්‌ම දැන් මා අතහැර ගිහින්... ඒත් මම දන්නවා සමිඳුනි... ඔබ මා අත්නොහරින බව... ඔබ මට ආදරේ බව මට විශ්වාසයි... කළ පාප ක්‍රියා නිසා මගේ හිත මට වධ දෙනවා... සමිඳුනි.... මට සැනසුමක්‌ ලබා දෙන්න.

ඡේසුනි මම ආදරෙයි 
ඔබෙ පෙම ඊටත් වැඩී
සැමදා මම ණය ගැතියි ඔබට
ඔබදුන් හැම දේට මත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන් සමිඳේ...

මම ඔබ වහන්සේට ආදරෙයි... මම දන්නවා... ඊටත් වඩා වැඩියෙන් ඔබ වහන්සේ මට ආදරේ කරන බව... මම ඔබ වහන්සේට සදා ණයගැතියි... බොහෝ දේ ඔබ මට දානය කළා... ඒවාටත්.... මට ලබා නොදුන් දේටත් මම ඔබ වහන්සේට ආදරෙන් තුති පුදනවා ස්‌වාමිනි... පව්කාර වැඩවලට මට සමාව දෙන්න ස්‌වාමිනි....

ආදර මගෙ ඡේසුනි
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළඟ වැඳ වැටී හඬමී...

සමිඳාණන් වෙත කරන දුක්‌ ගැනවිල්ල ඔහු අවසන් කරන්නයි සූදානම... ආදර ඡේසුනි... අපි ආයෙත් දවසක හමුවෙමු ඔබ වහන්සේ සදාකාලයටම මේ ලොව තුළ වැජඹේවා.... මම මට හිතෙන හිතෙන දේ කළත් ඔබ වහන්සේ මට අනුකම්පා කළා... මම ඒ බව හොඳින්ම දන්නවා.... මම ඔබ වහන්සේ පාමුල වැඳ වැටී කඳුළු හෙළන්නේ ඒ නිසයි....

අපි කව්රුත් අසරණ වෙනවා... වැරදි කරනවා. කරන වැරදි විශාලද... කුඩාද කියා ප්‍රශ්නයක්‌ නෑ.... ඒවා හිsත් තුළ හිරකරගෙන සිටිනවාට වඩා... තව කෙනෙකුට කියන එක කොතරම් සහනයක්‌ද... ඒත් අපේ රහස්‌ හෙළිකරන්න තරම් විශ්වාසවන්තයකු ඉන්නවාද... නෑ... ඒ නිසා තමයි අසරණ වෙන කවුරුත්... ආගමික ශාස්‌තෘවරුන් ඉදිරියට ගිහින් දුක කියන්නේ.

මේ ගීයත් එවැනි පාපොච්චාරණයක්‌... ඡේසු ස්‌වාමි දරුවන් හමුවේ ඔහු තමන් කළ වැරදි.... හෙළිකරනවා... ඒ වැරදිවලට සමාව අයදිනවා....

අජිත් අලහකෝන් - Sunday Divaina