Pages

Thursday, March 22, 2012

ප්‍රේමය හා කාමය මුසුවූ ලෝකයේ ලොකුම වෙබ් ආර්ථිකය

UK is the most internet-based major economy

අන්තර් ජාල ආර්ථික ක්‍රියාකාරකම් වලින් සිය ආර්ථිකයට ලෝකයේ වැඩිම දායකත්වයක් කරන රට එංගලන්තය බවත් එංගලන්ත තරුණ තරුණියෝ දැන් පෙම්සුව හා කම්සුව සොයා ගන්නේ අන්තර් ජාලය හරහා බවත් නවතම අධ්‍යනයක් විසින් හෙළිකර ඇත.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ එංගලන්ත ආර්ථිකයට අන්තර් ජාල ආර්ථික කටයුතු වලින් කරන දායකත්වය සියයට 8.3 ක් පමණ වන බවත් එය සියලු G20 රටවලට වඩා වැඩි බවයි.

Boston Consulting Group (BCG) හි සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර තිබෙන මෙම සමීක්ෂණයට අනුව 2010 වනවිට එංගලන්තයේ අන්තර් ජාල ආර්ථිකය පවුම් බිලියන 121 ක් පමණ වටිනා අතර ඒක පුද්ගල අන්තර් ජාල ආර්ථිකයේ වටිනාකම පවුම් 2000 කට වැඩිය.

මෙම අංශයේ දායකත්වය එරට සෞඛ්‍ය, ඉදිකිරීම් හා අධ්‍යාපන යන අංශ වලට වඩා වැඩිබව සඳහන්ය.

මෙම සමීක්ෂණයට අනුව 2010 වනවිට එංගලන්තයේ සිදුකර තිබෙන භාණ්ඩ මිලදී ගැනීම් වලින් සියයට 13.5 ක් පමණම අන්තර් ජාලය හරහා සිදුකර තිබෙන අතර එය 2016 වනවිට සියයට 23 ක් දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂිතය.

එංගලන්තයේ අන්තර් ජාල ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන බවත් එය ඉදිරි වසර හතර තුළදී සියයට 11 කින් පමණ වර්ධනය වනු ඇති බවත් වාර්තා වේ.

2016 වනවිට මේ අංශයෙන් එරට ලබනු ඇති ආදායම පවුම් බිලියන 221 කට ආසන්න වන බවත් ඇමරිකාවේ මෙම අංශයේ වර්ධනය සියයට 5.4 ක් බවත් එය චීනයේ සියයට 6.9 ක් බවත් වැඩිදුරටත් සඳහන්ය.
Vimasuma -