Pages

Wednesday, December 14, 2011

කාන්තා සෞඛ්‍ය සායනය - ප්‍රසූත නිවාඩුවේ වැදගත්කම

ප්‍රසූත නිවාඩු යනු සේවකයකු ආයතනයකින් ලබන දීමනාවක්‌ වන අතර මෙය පඩි සහිත හෝ පඩි රහිත විය හැකිය. මෙම නිවාඩු ල2බා දෙන්නේ මූලිකව ම ළදරුවා සඳහා කාලය යෙදවීම සඳහා වන අතර මව්කිරි දීම දිරිමත් කිරීම සඳහා මෙම නිවාඩු ක්‍රමය බොහෝ සේ ප්‍රයෝජනවත් වේ. මෙම නිවාඩු අප රටේ ලැබෙන්නේ මවට පමණක්‌ වන නමුත් සමහර රටවල පියාට ද දරු ප්‍රසූතියෙන් පසු නිවාඩු ලබා ගැනිමේ අයිතිය ඇත. මෙම නිවාඩු සඳහා විවිධ රටවල විවිධ නීති අනුගමනය කෙරේ. මව මෙන් ම පියා දරුවා වෙනුවෙන් කාලය ගත කරන බැවින් සහ පියාට දරුවා සම්බන්ධව වගකීමක්‌ ලබා දීමේ ක්‍රමයක්‌ ලෙස බොහෝ බටහිර රටවල මෙම නිවාඩු නීතිගත කර තිබුණද සමහර සේව්‍යයන් ඒවා ගැන තැකීමක්‌ කරන්නේ නැත. 

ප්‍රසූත නිවාඩු වල වැඩි ම වාසිය ලැබෙන්නේ මව්කිරි දීමේ කාලය වැඩි කිරීම සඳහා ය. ලංකාවේ නීතියට අනුව පළමු දරුවන් දෙදෙනා සඳහා මවකට දින 84 ක පඩි සහිත ප්‍රසූQත නිවාඩු සඳහා අයිතිය ඇත. මේ සඳහා ජීවි දරු උපතක්‌ සිදු විය යුතු යි. තුන්වන දරු උපත සඳහා එනම් දරුවන් දෙදෙනෙකු සිටින මවකට හිමි වන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩු කාලයයි. නමුත් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළ නමුත් එක්‌ දරුවකු පමණක්‌ ජීවත් වන්නේ නම් එවැනි මවකටද දින 84 ක ප්‍රසූත නිවාඩු කාලයකට අයිතිය ඇත. මේ සඳහා අදාළ තොරතුරු සේව්‍යයා වෙත දැනුම් දීම සේවකයාගේ යුතුකමකි. මෙලෙස ම නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබූ මවකට තුන්වෙනි දරු ප්‍රසූතියේ දී ලැබෙන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවකි. එනම්, වැදගත් වන්නේ දරුවන් කී දෙනෙකු ජිවත්ව ඇත්ද යන්නයි. 

මාතෘ සුබසාධන ආඥාපනත (1941) මගින් මෙම කරුණු නීතිගත කර ඇත. කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා සේව්‍යයා හෝ හාම්පුතුන් මගින් ඉටුවිය යුත සියළු යුතුකම් මෙහි සඳහන් වී ඇත. කිසි ම කාන්තාවක්‌ දරු ප්‍රසූතියෙන් සති 4 ක්‌ ඇතුලත සේවයේ යෙදවීම මෙම පනතට අනුව සිදුකළ නොහැක. උපරිම පඩි සහිත ප්‍රසූත නිවාඩු ප්‍රමාණය සති 12 ක්‌ වන්නේ එක ම දරුවකු පමණක්‌ සිටින මවකට ය. මෙම සති 12 න් සති 2 ක්‌ ප්‍රසූතියට පෙර ලබා ගැනීමට ඇයට අයිතිය ඇත. දරුවන් දෙදෙනෙකුට වැඩියෙන් සිටින මවකට සහ ප්‍රසූතියෙන් ජීවි දරුවන් නොලබන මවකට හිමි වන්නේ ප්‍රසූත නිවාඩු සති 6 ක්‌ පමණි. මෙයද සති 2 ක්‌ දරු ප්‍රසූතියට පෙර භාවිතා කිරීමට ඇයට අයිතිය ඇත. නමුත් මාතෘ මරණයක්‌ සිදු වුවහොත් එම මව වෙනුවෙන් මෙම වරප්‍රසාදය ලැබෙන්නේ මරණය සිදු වූ දින දක්‌වා පමණි. 

මෙම පනත මගින් සියලුම අංශ වල සේවයේ යෙදෙන කාන්තාවන්ගේ සුබසාධනය ගැන සළකා ඇත. වතු කම්කරුවන් සම්බන්ධව ද මෙම නීතිය බලපානු ලැබේ. මව්කිරි දීම සඳහා නිවාඩු ලබාදීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වුවද මව්වරුන් ඒ සඳහා යොමු කිරීම තවත් වැදගත් දෙයකි. මේ අතර මව්කිරි දීම සඳහා සේවා කාලයේන්a පැයක්‌ හෝ 2 ක්‌ විශේෂයෙන් ලබා දීමට මෙය දිරිමත් කිරීමේ තවත් පියවරක්‌. මව්කිරි දීම සම්බන්ධව මව්වරුන් දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ක්‍රියාත්මක වේ. මේ අතුරින්aaa ගර්භණී මව්වරුන් සඳහා පැවැත්වෙන සායන විශේෂ තැනක්‌ ගනී. මෙම සායන වලදී පවුල් සෞඛ්‍ය නිලධාරිනින් හෝ හෙදි සොයුරියක්‌ මගින් මව්කිරි දිම සම්බන්ධව ගැබිණි මවවරුන් දැනුවත් කිරීම කරනු ලැබේ. මව්කිරි වල ගුණය දරුවාට ඉන් ලැබෙන විශේෂ වාසි සහ මව්කිරි දීමේ දී තන පුඩුවේ සීරීම් ඇති වීමෙන් ඇති වන වේදනාව පිළිබඳ මව්වරුන් දැනුවත් කළ යුතුයි. 

නැතහොත් එවැනි අවස්‌ථා වල කිරි එකතු වීමෙන් පියයුරු තුළ ඉතා වේදනාකාරි තත්ත්වයක්‌ ඇතිවේ. මෙවැනි තත්ත්වයන් වළක්‌වා නිවැරදි අයුරින් මව්කිරි දීම සඳහා මව්වරුන් දැනුවත් කිරීම වැදගත් ය. තනපුඩු තුවාලවීම වැළැක්‌වීමට සහ දරුවාට නිවැරදි ලෙස මව්කිරි ලබාදීමට තනපුඩුව නිසි ලෙස දරුවාගේ කටට ඇතුළත් කළ යුතු ආකාරය මව්වරුන් ට ගැබිණි අවධියේදී ම අවබෝධ කරදීම ඉතා වැදගත් ය. නොඑසේ නම් ඉතා ළදරු දරුවෙකු සමඟ ගෙදර ගිය පසු එම මවට ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත. 

සමහර මව්වරුන්ට ප්‍රසූතියෙන් මුල් දින කිහිපය තුළ දරුවා කිරි උරා බොන අවස්‌ථා වල යටි බඩෙහි වේදනා ඇතිවන අවස්‌ථා ඇත. මීට හේතුව ගර්භාෂය සංකෝචනය වීම යි. මේ පිළිබඳව මව දැනුවත් කර තැබීමෙන් ඇයට එම වේදනාව ඉවසා ගැනීම පහසු වේ. මව්කිරි දීමෙන් මවකට ඇතිවන වාසිය ඇයට පහදා දිය යුතුය. දරු ප්‍රසූතියෙන් පළමු මාස 6 තුළ දරුවාට මව්කිරි පමණක්‌ ම ලබා දෙන මවකට ඇගේ ඔසප් වීම තව ම ඇති වි නැත්නම් එම කාලය තුළ ඇයට උපත් පාලනය ගැන සිතීම අවශ්‍ය නොවේ. එනම් එවැනි මව තුළ පියයුරු පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය අඩු බව සනාථ වී ඇත. මේ අනුව මව්කිරි දීමෙන් මවට ද පියයුරු පිළිකා වලින් ආරක්‌ෂා වීමක්‌ සිදු වේ. 

වෛද්‍ය චම්පා නෙල්සන් - Navaliya