Pages

Monday, August 22, 2011

සෙනෙහසේ නවාතැන...........................

චුට්ට චුට්ට හිත රිදුනම
හිතට මහ බරක්
රණ්ඩු වෙන්න හොඳද ඔහොම
ඇයිද මේ සැකක්...
පෙරුම් පුරන් අද දවසෙත්
හිටියා මඟ බලන්
ඔබ ආවේ නපුරු සිතින්
නැතිව පෙම් වදන්...
හිත මිතුරන් සමගින් මම
කතා කලත් දැන්
ඔබට සැකයි මා ගැන අනේ
හොදට දනිමි මං...
ආදරයයි කිය කිය මට
දමන නීති දැන්
එක දෙක තුන වැඩිවෙනකොට
කොහොම ඉන්නේ මං...
හිත රිදවා නෙතු ඇඩවූ
දරණු ඔබේ වදන්
හුදකලාව මගේ සවනට
රිදුම් දෙයි තවත්...
කැඩුණු හිතක් හදා ගන්න
නොහැක ලේසියෙන්
ගෙනෙන්නෙපා අපේ ලෝවට
සැකය මේ ලෙසින්...
සසර පුරා බැඳී ඉන්න
පැතුව පෙම් පැතුම්
එපා අනේ දිය කරන්න
කඳුල සමඟ දැන්.......
-Facebook-