Pages

Monday, February 04, 2013

Independence Day Editorial - SL News Paper

Editorial - Divaina

නිදහස 
බාගෙට නිදහස සහ සම්පූර්ණ නිදහස

(පරණ කතාවම අලුත් කොටස්‌ සහිතව...)

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් බාගෙට නිදහස ලබා අදට අවුරුදු 65 කි. (අපට සම්පූර්ණ නිදහස හිමිවන්නේ 1972 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජය විසින් ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කිරීමෙන් පසුවය. ඒ දක්‌වා අපේ රටේ නිල රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ මහ රැජනය.) එසේ ලැබුණු නිදහස අර්ථ ගැන්වීම සඳහා මේ රට තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාරවලට සෙවණ දුන් සුවිසල් වනස්‌පතිය "දිවයින" ය. 1982 අවුරුද්දේ අද වැනි දවසක "දිවයින" ආරම්භ කරන ලදී. අපි අද තිස්‌එක්‌ වැනි වියට එළැඹ සිටිමු. අප තරුණත්a නැතá මහලුත් නැත. මේ, කෙනකුගේ ජීවිතයේ හොඳම කාලයයි.

අධිරාජ්‍යවාදය වූ කලී මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරමටම පැරණි මාතෘකාවකි. ඉතිහාසයේ මතක ඇති කාලයේ පටන්ම බලය ඇති එකා විසින් දුර්වලයා ඩැහැගන්නා ලදී. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු ආසියාව ඩැහැගත්හ. ස්‌පාඤ්ඤ අධිරාජ්‍යවාදියා විසින් ඇමරිකන් මහාද්වීප දෙක ඩැහැගන්නා ලදී. ඉස්‌ලාමීය අධිරාජ්‍යවාදියා විසින් ඉන්දියානු අර්ධද්වීපයෙන් විශාල කොටසක්‌ ඩැහැගන්නා ලදී. මාවෝ සේතුංගේ සංස්‌කෘතික විප්ලවය හරහා චීනය විසින් තිබ්බතය ඩැහැගන්නා ලදී. සෝවියට්‌ දේශය විසින් අහල පහල තිබූ සියලු රටවල් ඩැහැගන්නා ලදී. අන්තිමේදී ඇමරිකාව විසින් ලෝකයෙන් වැඩි හරියක්‌ ඩැහැගන්නා ලදී.

මෙය පෘථග්ජන ස්‌වභාවයකි. තමන්ගේ ඉඩමට අල්ලපු වත්තේ පර්චස්‌ 10 අත්පත් කර ගැනීමට වැඩි දෙනෙක්‌ කැමැත්තාහ. පෘථග්ජන ගති අතර ඇති කැතම ගතිවලින් එකක්‌ ලෙස ද මෙය හැඳින්විය හැකිය. පෘතුගීසිනුත්, ලන්දේසිනුත්, ඉංග්‍රීසිනුත් සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත සිට, ලෑලිවලින් තැනූ නැව් හමුදාවල නැගී පසුගිය අවුරුදු 500 තිස්‌සේම දඩයමේ ගියහ. ඔවුන්ගේ ඉලක්‌කය කුඩා රටවල් ය. නැත්නම් දුර්වල ජාතීන් සිටින මහ රටවල් ය. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා අපට නිදහස දුන්නේ සිය පරිත්‍යාගශීලීකම නිසා නොව, 1947 දී ඉන්දියාවට නිදහස දීමට සිදු වූ නිසාය. යටත් විජිතයක්‌ ලෙස පවත්වාගෙන ගිය ඉන්දියානු අර්ධද්වීපයෙන් 20 වැනි සියවස මුලදී බ්‍රිතාන්‍යය ඉපිද වූ ආදායම අවුරුද්දකට පවුම් කෝටි 30 කට වැඩිය. එහෙත් ඔවුන් ලංකාවෙන් ඉපිදවූ මුදල පවුම් දශලක්‍ෂයකටත් අඩුය. ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාව පාලනය කළේ ඉන්දියාවේ මෙහෙයුම් ගාස්‌තුවේම ඉතා සුළු කොටසක්‌ හැටියට සලකාය. ඉන්දියාවට නිදහස දුන් පසු ලංකාව වෙනුවෙන් අලුත් ගිණුමක්‌ විවෘත කර මේ රට සූරාකෑම ඔවුන්ට පාඩුවක්‌ විය. ඒ නිසා ලංකාවට ද නිදහස දෙන ලදී. එමගින් ඔවුන්ට කිසිදු පාඩුවක්‌ සිදු නොවුණේ ඔවුන්ටත් වඩා හොඳින් ඔවුන්ගේ රටට පන්දම් ඇල්ලිය හැකි සිංහලයන් සහ දෙමළ මිනිසුන් විශාල පිරිසක්‌ ඒ වන විටත් සැදී සිටි හෙයිනි. තම මවුබස වූ සිංහලය හෝ දෙමළ බැරි ඒ මිනිස්‌සු හිතුවේත් කතා කළේත් ලියුවේත් ඉංග්‍රීසියෙනි.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි දෙමළ දේශපාලනඥයන් සිතන්නේත් දෙමළ ත්‍රස්‌තවාදීන් විසින් ඒ සිතුවිල්ල ඉදිරියට ගෙන යන්නේත් මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵල ලෙසය. ත්‍රස්‌තවාදී යුද්ධය නඩත්තු කිරීම 1977 න් පසු බිහි වූ සියලුම ආණ්‌ඩුවල ප්‍රතිපත්තිය වුවද රාජපක්‍ෂ ආණ්‌ඩුව ඒ නීච ප්‍රතිපත්තියෙන් මිදී යුද්ධය ජයගෙන රට එක්‌සේසත් කර සැබෑ නිදහස ලබා දුන්නේය.

මේ කාර්යභාරයේදී, ත්‍රස්‌තවාදය මර්දනය කළ යුතුය යන ස්‌ථාවරයෙහි "දිවයින" හැමදාමත් සිටියේය. එවිට අප යුදවාදී යෑයි කියමින් බොහෝ ආණ්‌ඩු අපට පහර දෙන්නට වූහ. අවසන් ඊළාම් යුද්ධයේදී 'යුද්ධය නවත්වනු' යෑයි විදේශික බලවේග ලංකාව ඉදිරිපිට පොලු සෙල්ලම් පෙන්වද්දී, යුද්ධ කිරීමට ඉතිරි වූයේ මහින්ද රාජපක්‍ෂත්, දිවයිනත්, ජනතා විමුක්‌ති පෙරමුණත්, ජාතික හෙළ උරුමයත් චින්තන පර්ෂදය වැනි දේශප්‍රේමී සංවිධාන කිහිපයකුත් පමණි. යුද්ධයක්‌ නැති රටක ජීවත්වීමට ලැබීම කොතරම් ප්‍රියජනකද යන්න ජනතාවට අද වැටහී තිබේ. බඩ පිරෙන්නට කන්න තරම් ආදායමක්‌ මේ රටේ සියලු දෙනාට ලැබුණොත් ඒ සතුට තවත් වර්ධනය වනවා ඇත.


Editorial - Daily News

THIS DAY, THIS IMPORTANT DAY

On this 65th anniversary of our independence, it is particularly incumbent on all authentic quintessential Lankan citizens (as opposed to the nominally Sri Lankan) to ensure that the spirit of the celebration is kept alive, when there are elements both extraneous and local, that are doubled-down in attempts to rob our freedom of its true meaning.

There are those who are cheering-on attempts to traduce the real meaning of freedom by supporting a UN resolution that seeks to take the country’s leadership to task for making independence meaningful, by ridding us of the twin evils of terrorism and secession.

The well meaning can be excused, even if they are too shrill in their criticism, and too impractical and perfectionist about the direction they want the country to take. But it is those that unmistakably carp and then sabotage the people with transparently ulterior motives that cannot be easily shrugged off.

Newspaper headlines scream that there will be a UN sponsored resolution against Sri Lanka consisting of various separate elements, such as the implementation of the LLRC report, the so called overstay by the troops in Jaffna and the Northern province, and the recent impeachment.

The nexus between these three issues makes it abundantly clear what is behind these moves to virtually intimidate a leadership that is resolved to have the interests of the people of this country paramount. There is a not so subtly discernible thread that binds these seemingly unconnected matters that are to be agitated at the UNHRC deliberations.

The LLRC report relates to so called reconciliation and resettlement concerns which the authorities have handled with admirable alacrity after the end of the conflict in 2009. Yet, interested parties are not prepared to see this issue in perspective and instead, are preparing to bear down on the Sri Lankan government, and demand for the extraction of their pound of flesh, as far as its implementation is concerned.

The cry about the North is with the motive of getting the troops out of the Jaffna peninsula, and the rest of the North and the East. Again, the modus operandi is clear. Get the troops out, and the North, it is presumed, will be under the sway of all and sundry -- that is all and sundry, except the Sri Lankan government forces.

Strangely, the third issue, the impeachment, is part of the same nexus too as it appears that through the agency of the courts, there was an attempt to insidiously get control of Northern and Eastern territories, and subvert their direct rule by the Sri Lankan government and its forces, which was essential, nay mandatory, after a decades of war and deathly destruction.

That the current agitation is on these three issues makes it clear except to those in some kind of pathological state of denial, that there are certain forces in the diaspora and the Tamil Tiger rump that have still not given up the idea of a master plan to undermine the sovereignty of the Sri Lankan state, that was almost miraculous left intact after years of debilitating conflict.

In simpler terms, the bid is to sabotage our independence, by fair means or foul and complete the task of subversion led by Prabhakaran by other means. It is why, this independence, the need for solidarity and commitment is more important than ever before.

Across all party lines, across the delineations of race, creed, class and social standing, all Sri Lankans will necessarily have to come together, to make the outright alien, and their handmaidens the unmoored locally spawned saboteurs, aware of the fact that we do not treat our hard-got freedoms and the true meaning of all that it entails, lightly.

The foes of these freedoms -- the barbarians if you will -- are lined up at the gates. They have the gall to use the same language (“barbarians are at the gates”, whimpered a rootless lawyer during the recent drama of the impeachment…) against the people of this country, when there are attempts to save the nation from all of the insidious enemies that are arraigned against it.

Those who have hitherto been pro-people, at least some of them, have been misled by the devious cunning of these people, and some have deserted the citizenry at large on vital issues such as the impeachment. But true Sri Lankans should take that as a challenge, and this 65th Independence Day, resolve to let out the most resounding cheer, to drown out the whimpering noises of the cynical, the jaundiced, the anti-Sri Lankan, and all the assorted varieties of naysayers – among them, the perennial, the opportunist, and the recently converted…


Editorial - Dinamina

නිදහසට වටිනාකමක් දෙන්න!

කිසියම් කෙනකු ත්‍රිකුණාමලයේ අහසෙහි පියාසර කරත් ද; ඔහුට නැඟෙනහිර පළාතේ සුන්දරත්වය දකින්නට පුළුවන. ගෝකණ්ණ වැටිය. ත්‍රිකුණාමල ස්වාභාවික වරාය හා කුඩා කඳු වැටි තුන එම සුන්දරත්වයට නිදසුන් ය. කිසියම් කෙනකු ගොඩ බිමෙන් ත්‍රිකුණාමලයේ සංචාරය කරත් ද; ඔහුට හෝ ඇයට හෝ නැඟෙනහිර පළාතේ වේගවත් සංවර්ධනය දකින්නට පුළුවන. එහි මහාමාර්ග, ධීවර කටයුතු ඇතුළු පොදු පහසුකම් ඊට නිදසුන් ය. කිසියම් කෙනකු බුද්ධියේ ඇසින් ත්‍රිකුණාමල දෙස බලත් ද; ඔහුට හෝ ඇයට හෝ රටේ සිදුවන මහා පෙරැළියක් පිළිබඳ හේතු – සාධක දකින්නට පුළුවන. ශ්‍රී ලංකාවේ හැටපස් වන නිදහස් සමරුව පැවැත්වීමට සුදුසුම ස්ථානය ත්‍රිකුණාමලය යැයි අපට සිතේ.

අප දන්නා තොරතුරුවලට අනුව වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය ඊළාම් රාජ්‍යයේ නිල අගනුවර ලෙස තෝරාගෙන තිබුණේ ත්‍රිකුණාමලය නගරය යි. අප දන්නා තොරතුරුවලට අනුව විජාතික ආක්‍රමණිකයා ශ්‍රීී ලංකාවේ වැදගත්ම ස්ථානය ලෙස සැලකුවේ ද ත්‍රිකුණාමලය වරායයි. ඊට හේතු සාධක ගණනාවක් තිබිණි. ලෝකයේ යුදමය අතින් හා ආරක්ෂාව අතින් දෙවන ස්ථානයේ පවතින ස්වාභාවික වරාය ත්‍රිකුණාමලයේ පිහිටා තිබේ. ඒ හැරුණු කොට අන්තර්ජාතික සබඳතා පැවැත්විය හැකි කදිම ස්ථානයක් ලෙස ද සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද ත්‍රිකුණාමලය සැලැකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් සමරුව අද ත්‍රිකුණාමලයේදී පැවැත්වේ. එය ඓතිහාසික සිද්ධියක් ලෙස සැලැකිය හැකි ය. මෙතෙක් නිදහස් උත්සවවලට කේන්ද්‍රය වූයේ කොළඹ ය. කොළඹ ශ්‍රී ලංකාවේ අගනුවර වූ නිසා එය එසේ වන්නට ඇත. යුරෝපීය ජාතීන් සිය වෙළෙඳ කටයුතු සඳහා කොළඹ යොදා ගත්තේය. යුරෝපීය ජාතීන් අනුකරණය කළ ස්වදේශික ධනපති පන්තිය ද කොළඹ කේන්ද්‍ර කොටගෙන තමන්ගේ පාලන කටයුතුද ගෙන ගියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන යටපත් කරමින් කොළඹ නැඟී සිටින්නට පටන් ගත්තේ ය. අද අපි ඓතිහාසික උරුමය සොයා යන වැදගත් අවස්ථාවක ජීවත් වන්නෙමු. ඒ අනුව ත්‍රිකුණාමලය වැනි ඓතිහාසික ස්ථානයක වටිනාකම අපට හොඳින් දැනේ.

නිදහස යනු ජාතික ගීය නො වේ. නිදහස යනු ජාතික කොඩිය ද නො වේ. එම වටිනා සංකේතවලට අපහාස කිරීමේ වැරැදි අදහසක් අප ළඟ නැත. අපි ඊට ගෞරව කරමු. එහෙත් සැබෑ නිදහස ඇත්තේ ජාතියක චින්තනය හා ක්‍රියාකාරකම් තුළ ය. යටත් විජිතයක් ලෙස දීර්ඝ කාලයක් පැවැති ශ්‍රී ලංකාව පුළුල් හා අර්ථවත් නිදහසක් ලබාගෙන ඇත්තේ සියවස් ගණනාවකට පසු ය. එහෙත් නිදහස සැබෑ ලෙසින් අර්ථ ගැන්වීමට තව ම අපෙන් කොටසක් දන්නේ නැත. අපට සැබෑ නිදහස උදාවන්නේ සියලු දෙනා ම බරපතළ හැඟීමකින් යුතු ව නිදහස සමරන දිනයට ය.

නිදහසේ සැබෑ අරුත තව ම අපට නිසි ලෙස වැටහී නැත. අප යනුවෙන් අදහස් කරනුයේ සමස්ත ජාතිය යි. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද, බර්ගර් ද කියා වෙනසක් ඊට නැත. සියල්ලෝම තමන්ගේ මවුබිම වෙනුවෙන් මෙහෙවරක් කළ යුත්තෝ ය. එහෙත් එවැන්නක් දැන් සිදු නො වේ. සමහරු රටේ පාලනය බිඳ දැමීමට අධිරාජ්‍යවාදීහූ සමඟ එක් වෙති. තවත් සමහරු රට කැබැලි කිරීම සඳහා කුමන්ත්‍රණ අටවති. රටක් නැති කළ ස්වාධීන ජාතියක් බිහිවන්නේ නැත. ස්වාධීන ජාතිය යනු එක් රටක ජීවත්වන යටත් නැති ජන සමුහයෙකි. කල්ලිවාදයෙන්, වර්ගවාදයෙන් එම ජන සමූහය බිහිවන්නේ නැත.

යුරෝපීය සංස්කෘතියේ අතිමහත් බලපෑම නිසා සියලු ආසියාතික ජන සමාජයන්හි උරුමයන් වෙනස් වෙමින් පවතී. යම් සමාජයක සංස්කෘතික බැඳීම විනාශ වී යත් නම්; එම සමාජය කල්ලි, සංසද හා අරමුණක් නො මැති කණ්ඩායම්වලට අවස්ථාවාදී අවශ්‍යතා මත බෙදී යනු ඇත. යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා මීට දසක කිහිපයකට පෙර ලියා තැබුවේ ය. ඉතා පුළුල් නිදහසක් ලැබී ඇති’මුත් අපේ සමාජය කල්ලි හා සංසදවලින් පිරී පවතී. ඒවායෙහි අරමුණු එකිනෙකට පටහැනි වේ. ඇතැම් සංසද අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවනු ලැබේ.

අප ජීවත්වන්නේ අමෙරිකන් පිටිවලින් නම්; එතැන නිදහසක් නැත. අපගේ පාලනය හසුරවනු ලබන්නේ ඉන්දියාව නම්; එතැනත් නිදහසක් නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන – කියන ලෙස වෙනස්වීමට ශ්‍රී ලංකාව සුදානම් වන්නේ නම්; එතැන ද නිදහසක් නැත. එහෙත් අප කියන මේ සැබෑ නිදහස ඉබේ පහළ වන්නේ නැත. එය හැමවිට ම අභියෝගයකි. හැමවිට ම අරගලයකි. අමෙරිකාව තමාගේ නිදහස හා බලය සඳහා වෙනත් රටවල් ආක්‍රමණය කරන්නේ නම්; අපට අපේම නිදහස පතා අරගල කරන්නට හා ස්වාධීන තීරණ ගන්නට අයිතියක් තිබිය යුතු ය. මේ අයිතියේ වැඩි පංගුකාරයා ජනතාව ය.

2009 මැයි 19 දා වනතුරු ම මේ රටේ ජනතාව ජීවත් වුයේ භයෙන් හා සැකයෙන් ය. එය ගෙවී ගිය වසර තිහක් පුරාවට ම පැවැතිණි. මේ පීඩනය කොතෙක් ද යත්; අමෙරිකාවේ කළු ජනතාවට 1960 ගණන්වල මෙබඳු මරණ බයක් නො තිබිණි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවැති සමයේ මිනිස් බෝම්බ පිපිරී ගියේ ද, කොටින්ගේ ගුවන් ප්‍රහාර එල්ල වූයේ ද කිසියම් ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන නො ව; මනුෂ්‍යත්වය විනාශ කරමින්ය. එය ම්ලේච්ඡ හැසිරීමකි. මේ හැසිරීම සඳහා අවශ්‍ය සාධක සපයා දුන්නෝ බටහිර ජාතීහූ ය. අධිරාජ්‍යවාදය වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රස්තවාදය යොදා ගැනිණි.

1948 දී බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් යම් පමණක නිදහසක් අප වෙත ප්‍රදානය කරන ලදී. එදා ප්‍රීති ඝෝෂා පැවැත්වුණ’ මුත් එම නිදහසේ නියම ප්‍රතිඵලය අප භුක්ති වින්දේ නැත. ඊට ප්‍රධාන හේතුව රටේ පැවැති දේශපාලන කල්ලිවාදය යැයි අපට සිතේ. 1956 දී නැවතත් අපි ස්වදේශික නිදහසක් ලබා ගතිමු. ඊට මුල් වූයේ බණ්ඩාරනායක මහතාගේ චින්තන විප්ලවය යි. ඊටද දුර ගමනක් නො තිබිණි. දේශීය ධනපති පන්තිය විසින් එම ගමන නවතන ලදී. යළිත් 1972 දී අපි දේශපාලන වශයෙන් සැබෑ නිදහසක් ලබා ගතිමු. එහි ප්‍රතිඵලය ද තාවකාලික විය. 2009 දී අපි තවත් පුළුල් නිදහසක් ලබා ගතිමු. එහි සැබෑ ප්‍රතිඵලය ආස්වාදය කිරීමේ අයිතිය අප වෙතින් ගිලිහී යයි ද? 65වන නිදහස් සමරුවේ දී අප – අපගෙන් ම විමැසිය යුතු වැදගත් ප්‍රශ්නය එය යි.

රටකට හා ජාතියකට නිදහසේ නියම ආස්වාදය ලැබිය හැක්කේ දේශපාලන වශයෙන් ද, ආර්ථික වශයෙන් ද එම රට හා ජාතිය කිසිවකුට යටත් නො වු දිනයට ය. සැබෑ නිදහස ලබා ගැනීමේ සටන දීර්ඝ චාරිකාවක් බඳු ය. එය කඩින් – කඩ ලබන ජයග්‍රහණවලින් සමන්විත ය. ජනතාව ඒ සඳහා උපරිම කැපවීමක් කිරීමට ද සූදානම් විය යුතු ය.

Editorial - The Island

Whither self-rule?

Elaborate preparations have been made for today’s grand show in Trincomalee to mark 65th anniversary of Independence. But, the question is whether what we are celebrating on so grand a scale really exists. Time was when Sri Lanka was considered the white man’s burden, but today it has become a burden of men of other colours as well, if its dependence on some regional powers is anything to go by. The focus of today’s comment however is not on national independence or lack of it, but on some other issue which bears testimony to the fact that self-rule has not helped improve the ordinary Sri Lankans’ lot at all.

While the country was getting into the so-called Independence mood over the weekend, a protest in Negombo received wide TV coverage. A group of family members of drug addicts staged a demonstration calling for government action against narco barons who destroy the lives of the youth of the area. Many of them were in tears. It was a pathetic sight. They complained that powerful drug dealers were above the law and the people were helpless. We reported a few months ago, quoting a Catholic priest, that a group of little schoolchildren had drugged their female class teacher over a period of time by adding narcotics to her bottle of water surreptitiously at the behest of a meat stall owner, who has gone scot free. In any other country, this kind of revelation would have galvanised the rulers into ordering a high level probe and nabbing the culprit.

The government keeps boasting ad nauseam that it defeated terrorism and makes it a point to gain political mileage by displaying the weapons used for that purpose whenever it gets the opportunity. Yes, the elimination of terrorism was no mean achievement which would not have been possible without the political will. Members of the armed forces, the police and the Civil Defence Force made selfless sacrifices to make the war victory possible. People are living without fear of Tiger terrorism which used to plague their lives for nearly three decades. But, unfortunately, there are still some pockets of terrorism where the writ of the state has ceased to run, as the people of Negombo tell us. The government does not seem so keen as to make a serious effort to liberate them by declaring war on the netherworld of crime.

The Special Task Force (STF) once launched a crackdown on drug czars in Negombo, but it happened to tread on a political minefield in the process when it conducted a raid on the house of a suspect with political connections. That was the end of their drug busting operations. Had the STF been given a free hand to carry out its operations, the kith and kin of the youth hooked on drugs wouldn’t have had to take to the streets in Negombo. However, their example, we believe, is worthy of emulation. Family members of drug addicts in all parts of the country should stage public protests demanding action against the politically connected drug dealers. There seems to be no other way they could have themselves heard.

The people of Negombo are not alone in their predicament. The situation in other areas is no better. They are also awash with drugs and, in most, cases illegal weapons. The much-maligned police tasked with ridding the country of dangerous drugs have their work cut out as kudu mudalalis enjoy political patronage and legal immunity. For a government which preens itself on the elimination of terrorism, decimating the drug Mafia should be child’s play. That it does not care to do so is a damning self-indictment.

The least the present-day rulers could do to make Independence they never fail to celebrate with ego-boosting mega shows meaningful is to restore the rule of law and battle crime the way it should, so as to make this country a better place for the ordinary people to live in. Let that be the government’s Independence Day resolution.