Pages

Thursday, February 14, 2013

පොළොවේ හැපුනොත් කම්මුතුයි

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.

නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.






Courtesy - Lankadeepa