![]() |

තාරකා කොටුව

දිය අගලකින් වටවෙලා, ගණ බිත්ති සහිතව හදා තිබෙන මෙහි හැඩය තාරකාවක් වගේ. අවශ්‍ය වේලාවට දොර (දෙකක්) උස් පහත්කර කොටුව වසාදමා දිය අගලෙන් වෙන් කිරීමටත් මෙය තනා තියෙනවා. 1763 දී මෙය රෙඩියුටේ වෑන්එක් නම් ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු නිසා එය හඳුන්වන්නේ ඒ නමින්ම තමයි. කොටුව ඉදිරියේ ලන්දේසි ලකුණත්, නමත් සටහන් කර තිබෙනවා. කොහොම වුණත් මේ ගොඩනැඟිල්ල ඉදිකරල තියෙන්නෙ ප්‍රාදේශීය පාලකයෙක් වන ඔරුකෙම මුහන්දිරම්. අපේ රටේ ඇති බලකොටු අතර නිර්මාණාත්මක හා කුඩාම ලන්දේසි බලකොටුව මෙයයි.
ප්‍රවේශය, පිටත බෑවුම, දියඅගල, ඇතුළත ප්‍රාකාරය, ආයුධ කවුළු, ආරක්‍ෂක පවුර, හකුලන පාලම, වෙඩි බෙහෙත් ගබඩාව, සොල්දාදු කාමර, ගබඩා කාමර, කාර්යාලය, ළිඳ, වේදිකා, විවෘත මිදුල යන අංග මෙහි තිබුණත් මෙහි ප්‍රමාණය පර්චස් 15 ක් තරම් ඇති.
කොහොමහරි විවිධ කාලවලදී විවිධ දේවලට භාවිතා කළ තාරකා කොටුව දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාතර දිස්‌ත්‍රික් කෞතුකාගාරය ලෙස භාවිතා කරනවා.
ඕලන්ද වෙළෙඳ මධ්‍යස්‌ථානය

සරම්මුදලි වලව්ව රැ රාහුල විදුහල

වේරගම්පිට රජ මහා විහාරය

වෙහෙරහේන

දෙවුන්දර ප්‍රදීපාගාරය

දෙවිනුවර රජ මහා විහාරය

දෙවිනුවර විශ්ණු දේවාලය

දෙවිනුවර කාරණා කිහිපයකටම ප්‍රසිද්ධ ස්‌ථානයක්. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දෙවිනුවර මහා විෂ්ණු දේවාලය. උපුල්වන් විෂ්ණු දෙවියන් වැඩ වාසය කරන පුද බිම නොහොත් ප්‍රධාන දෙවොල් බිම තමයි මේ දෙවිනුවර.
රාවණ-රාම යුද්ධයෙන් පස්‌සේ, ක්‍රිස්‌තු පූර්ව පස්‌වැනි සියවසේ මේ දේවාලය බිහිවුණු බවයි කියන්නේ. දකුණේ යුව රජකුව හිටි දාපුලුසෙන් (ක්‍රි.ව. 664) රජුට හීනෙන් ඇවිත් කීව කෙනෙක් මුහුදේ පාවී එන කිහිළි කොටයක ප්‍රතිමාවක් හදා පූජා කරන්නට නියමයක් කර ඇති බව ජනප්‍රවාදයේ එනවා. ඒ අනුව කිරල වැල්ලට මුහුදේ පාවී ආ සඳුන් කොටයක් මඟුල්වැල්ලට ගෙනවිත් දේව රූපය හදන්න කෙනකු හොයන විට විශ්වකර්ම දේව පුත්‍රයා මහලු වේෂයක් මවාගෙන ඇවිත් රූපය නෙළන්න රජුගෙන් අවසර ඉල්ලුවලු. ඒ සඳහා රහස් තැනක් දෙන ලෙසත් ඉල්ලුවලු. කොහොමහරි පහුවෙනිදා බලද්දී අර පුද්ගලයා හිටියේ නැතිලු. දේව රූපය නිමාකරල තිබිල තියෙනවා. ඒ පිළිමය තැන්පත් කරල තමයි මෙතන දේවාලය පටන් ගත්ත කියල කියන්නේ. ඒ දෙවිනුවර දෙවොල් බිම "ජය භූමියක්" බවට පත්වෙලා තිබුණ නිසාලු. මෙහෙම ගොඩනැඟුණු දෙවිනුවර විශ්ණු දේවාලය ක්‍රි.ව. 1257-58 වර්ෂ වලදී පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේදී යළිත් ප්‍රතිසංස්‌කරණය කර පෙරහැර පටන් ගෙන තිබෙනවා. ඒ රජුගේ ඇතිවුණු නිමා නොවුණු හිසේ රුදාවක් සුවකර ගන්න අගමැතිවරයා වූ දේව පතිරාජ ඇමැතියා දේවාලයට භාරයක් වුණාලු. ඒ භාරය අනුව හිසේ රුදාව නිමාවූ බවත් ඉන්පසු පෙරහැර පටන් ගෙන ප්‍රතිසංස්‌කරණය කළ බවත් කියනවා. නමුත් ඊට පෙර 1586-87 දී පෘතුගීසින් දේවාලය විනාශ කර වෙරළබඩ විහාරවල තිබූ ඇත් දළ, මුතු මැණික් නැව් හතක පුරවාගෙන යද්දී නැව් හතම මුහුදු බත්වූ බව කියනවා. ඒ විතරක් නෙමේ අර සඳුන් දේව ප්‍රතිමාවත් හිස කපා විනාශ කරාලු.
පෘතුගීසීන්ට මේ දේව ප්‍රතිමාව විනාශ කරන්න තවත් ප්‍රධාන අවශ්‍යතාවක් තිබුණාලු. මේ දේවාලය මුහුද දෙසට මුහුණලා පිහිටීමත්, ප්‍රධාන නැව්මාර්ග තුනක් යාවන දකුණු මුහුදට මුහුණලා පිහිටීමත් හේතුවෙන් පෘතුගීසීන්ගේ නැව් විශාල ප්‍රමාණයක් මේ අවටදී මුහුදු බත් වුණාලු. ඉතින් ප්‍රතිමාවේ දෘෂ්ඨිවිතානය වෙනස් කරන්නත් එක්‌ක ප්‍රතිමාව කපා පහත් කර ඇති බව තමයි ප්‍රධාන කපු මහතා අප සමග කීවේ.
පෘතුගීසී හමුදාවන්ගේ ග්‍රහණයට ලක්‌වුණු වෙරළබඩ කලාපය කොළඹ සිට දෙවුන්දර දේවාලය දක්‌වා වෙහෙර, විහාර, දේවාල විනාශයට ලක්‌වුණු බව තමයි කියන්නේ. කොහොම වුනත්, ආයිමත් ලන්දේසි යුගයේදී එනම් 1728 දී නැවත දේවාලය ගොඩනගල පුද පූජා පවත්වලා තියෙනවා. පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ හදපු දේවාලය නැවත 1955 දී ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. දැන් අපි දකින්නේ ඒ විශ්ණු දේවාලය තමයි.
රාවණ - රාම හටන
ලාංකීය රාවණයන් සහ දකුණු ඉන්දියාවේ රාමයන්ගේ සුප්‍රකට "රාවණ - රාම යුද්ධය" අපි බොහෝ දෙනෙක් අසා තිබෙනවා. ඒ යුද්ධය සිදුවූ යුද බිම ලෙස සැලකෙන්නේත් මේ දෙවිනුවරම තමයි. අවසන් සටනේදී රාම විසින් දුනුදිය ඇද මුදා හැරී හී පහරෙන් රාවණයන් මැරී වැටුණේ මෙතැනදීලු. එහිදී "ජයබිමක්" වූ තැන මෙසේ දේවාලය ඉදිකළාලු. ඒ "උප්පලවණ්‌න" දෙවිඳුන් උදෙසාය. නැතහොත් විෂ්ණු දෙවිඳු උදෙසාය.
ගල්ගේ

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
වාසල සේනාරත්න
Divaina