Pages

Monday, December 06, 2010

ඔබ ආශ්චර්යමත් ය.....! ඔබ අසමසමය.....!

" අප ජීවත්වන සෑම තත්පරයක්ම විශ්වයේ අපූර්ව හා අසමසම නිමේෂයකි.
එය නැවත නොපැමිනෙයි.
එහෙත් දරුවන්ට අප මේ උගන්වන්නේ මොනවාද ?
දෙකයි දෙකයි හතරයි ;
ප්රංශයේ අගනුවර පැරිසියයි; යනාදී දේය.
තමන් කව්රුන්දැයි
අප ඔවුන්ට උගන්වන්නේ කවදාද ?
ඔවුන්ට කියා දිය යුත්තේ
ඔබ දන්නවද ඔබ කවුරුන්ද කියා ?
ඔබ ආශ්චර්යමත් .
ඔබ අසමසමය.
පෙර කිසි කලෙක 
ඔබ වැන්නෙකු  මිහිපිට සිට නැත.
බලන්න ඔබේ ශරීරය දෙස
එය කොතරම් විශ්මජනකද ?
ඔබේ දෙපා, දෑත්, ඇඟිලි චලනය වන හැටි
කොතරම් චමත්කාරද?
ඔබට ශේක්ෂ්පියර්  හෝ මයිකල් ආන්ජලෝ හෝ
බිතෝවන් වන්නෙකු විය හැකිය.
ඔබ පතන ඕනෑම කෙනෙකු වීමට,
ඕනෑම දෙයක් කිරීමට
ඔබට ශක්තිය ඇත.
ඔබ ඇත්තෙන්ම ආශ්චර්යමත්ය
ඉතින් මෙබදු වූ ඔබට තම වැනිම ආශ්චර්යමත් වූ
තවත් මනුෂ්යකුට
කෙසේ නම් හිංසා කල හැකිද ?
ඔබ එකිනෙකා තම තමන්
ආදරයෙන් රැක බල ගත යුතුය.
එසේ ඔබ අප එක්ව
මේ ලෝකය එහි වසන දරුවන්ට
වඩාත් සුදුසු තැනක් කරනු සඳහා
වැඩ කල යුතුය."

රංජිත් කපුගේ  

^1997 O/L  පංතියේ හිටපු යාලුවෙක්ගේ පොතේ අන්තිම පිටුවේ මේ කවිය තිබුණා'''''''' හරිම ලස්සනයි''''''' අපිට එදාට වැඩිය" අද මේ කවිය අපිට දැනෙනවා''''''''''මොකද දැන් අපේ පරම්පරාවේ උන් හැම එකෙක්ම තාත්තලා වෙලා'''''''''''ඔව් මේ හැමදෙයක්ම පුංචි පැටව් වෙනුවෙන්නේ''''''''''&