Pages

Wednesday, January 21, 2015

How to think positively: Change your walk

Studies suggest that you could walk your way to an improved state of mind

Most self-help advice on how to alter destructive thought patterns focuses on the thoughts themselves, encouraging people to reflect on their attitudes and replace them with more constructive alternatives. However, new research shows that there may be an additional way to gain control over your mind: by walking like a happy person.

“It is not surprising that our mood, the way we feel, affects how we walk, but we want to see whether the way we move also affects how we feel,” said Nikolaus Troje, professor at Queen’s University in Canada and co-author of the paper.

To address this question, Dr Troje and his colleagues set out to establish whether encouraging people to walk in a depressed or a happy manner would affect their memory of emotionally loaded words.

The way we retain emotionally charged information is affected by our mood, with those suffering from depression remembering negative material far more easily than positive messages, especially when the information is about them.

Using a treadmill and an optical motion capture system including 17 cameras, the researchers examined the gait of 47 subjects. Half of the participants were encouraged to mimic a depressive walking style, whilst the other half moved like a happy person. Walking speed was kept equal for both groups.

Not wanting the participants to know what the study was about, the researchers avoided using verbal descriptions of the desired walk, and instead used a visual gauge that responded to the subjects’ gait.

The examinees’ task was to play around with their walk until the dial moved to the extreme end of the scale, corresponding to either a happy or a depressed walking style. During the time on the treadmill, the experimenter read out a list of positive and negative words, asking the participants to decide whether or not each word described them well. Afterwards, subjects were asked to recite as many of the words as they could remember.

As expected, those who had been mimicking a depressed walk recalled significantly more negative words than those that had been marching along in a happy manner.

This finding indicates that our walk influences the way we process information, and the researchers believe that adapting walking style could have a place in treatments for depression. The memory bias favouring negative information makes those suffering from the disease feel even worse, creating a spiral effect that can be a challenge to escape.

“If you can break that self-perpetuating cycle, you might have a strong therapeutic tool to work with depressive patients,” said Dr Troje.

- The Independent

Monday, January 12, 2015

Welcome, Pope Francis

Pope Francis is the reigning pope of the Catholic Church, in which capacity he is both Bishop of Rome and absolute sovereign of the Vatican City State. 

Born: December 17, 1936 (age 78), Flores, Buenos Aires, Argentina
Full name: Pope Francis
Nationality: Argentine
Parents: Mario Jose Bergoglio, Regina Maria Sivori


ආධ්‍යාත්මික ආශිර්වාදය

ලෝක කතෝලික සභා නායක ශුද්ධෝත්තම පියවරු (පාප්වරු) සිය පාලන වකවානුවල තමන් අත්දුටු ලෝක සමාජාගමික ගැටලු පිළිබඳ විවිධ මත දැක්‌වීම් කර ඇත. පළමුව සිය ආගමික පරිපාලන ව්‍යqහයන් තුළම මතුවූ ගැටලු ගැනය. දෙවනුව ලෝක දේශපාලන, ආර්ථීක, සංස්‌කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, නව තාක්‌ෂණ ක්‌ෂේත්‍රවල තමන් හඳුනාගත් ගැටලු ගැනය.

පාප්වරු ඒවා ගැන විටින් විට සිය මත ලිතවද, වාචිකවද ප්‍රකාශ කර තිබේ. කෙටියෙන් මෙන්ම විස්‌තරාත්මකවද ප්‍රකාශ කර තිබේ. අද ඒ පාප් විමර්ශන හඳුන්වන්නේ "කතෝලික සමාජ ධර්ම" හෙවත් පාප්වරුන්ගේ "විශ්ව ලේඛන" යනුවෙනි.

ප්‍රැන්සිස්‌ පාප්තුමා ධුරයට පත්ව ඉතා කෙටි කලකින් සිය පළමු විශ්ව ලේඛනය නිකුත් කළේය. "සුභාරංචිය හා ආනන්දය" නමිනි.

ප්‍රථම කතෝලික සාමාජික කණ්‌ඩායමේ නායක පේදුරු නම්වූ ගිහියාගේ සිට කතෝලික සභා නායකත්වය දැරුවෝ සිය ආගමික සංවිධානයට බැඳුණු අයට ඉගැන්වීමෙහි හා අනුශාසනයෙහි යෙදුණාහ. කතෝලික ආගමික ප්‍රථම සාමාජිකයන් ගේ මුල් නායකයන් වූයේ ගිහි වැඩිමහල්ලන්ය. ඔවුන් සිය සාමාජිකයනට අනුශාසනයෙහි යෙදුණේ දෙසුමෙනි. ලිපි ලිවීමෙනි. හසුන්පත් හෙවත් සන්දේශ යෑවීමෙනි.

ඉන් ඉතාමත් පැරැණි ලිපි හා සන්දේශ සටහන් වන්නේ බයිබලයේමය. ප්‍රථම ක්‍රිස්‌තු අග්‍රශ්‍රාවක පේදුරු හා පාවුළු ජාකොබ් ජුවාම් යන අනෙකුත් ශ්‍රාවකයන් සිය සාමාජිකයන් දැනුවත් කරමින් ලියූ ලේඛන ඒ අතර වේ.

පේදුරුතුමා මුලින්ම යෑවූ සන්දේශ දෙකක්‌ බයිබලයේ සඳහන්ය. යවා අත්තේ සුළු ආසියාවේ උතුරු ප්‍රදේශ පුරා විසිර සිටි ක්‍රිස්‌තු අනුගාමිකයන්ටය. පළමු හසුන ක්‍රිස්‌තු තරුණයා හෙළිකළ සුභාරංචි යළි ඔවුන්ට සිහිපත් කරන්නටය. දෙවැනි හසුන මිථ්‍යා ගුරුවරු හා ජනතාව අතර පැවති දුරාචාර ගැනය. ඒවාට එරෙහිවය. 

පාවුළු තුමා රෝමවරුන්ට යෑවූ මුල් හසුනෙන් ක්‍රිස්‌තියානි දර්ශනය යනු කුමක්‌ද යන්නත්, මිනිස්‌ ජීවිත කෙරෙහි ක්‍රිස්‌තු දර්ශනය බලපෑ යුතු ආකාරයත් පැහැදිලි කර දෙයි. 

කොරින්ති නුවර ක්‍රිස්‌තු අනුගාමිකයන් අතර හටගත් ගැටලු දෙකක්‌ ගැන (මතභේද හා අනාචාර) සිය මත දක්‌වා පාවුළු තුමා සිය දෙවැනි හසුන යවා ඇත. කොරින්තිවරු, පාවුළු තුමාට විරුද්ධව එල්ල කළ චෝදනාවකට පිළිතුරු සපයන හසුනක්‌ද පාවුළු තුමා ඔවුනට යවා තිබේ.

පාවුළු තුමා රෝම හා කොරින්ති නුවර ක්‍රිස්‌තු අනුගාමිකයන්ට පමණක්‌ නොව එපීස, කොලොස්‌සි, පිලිප්පි හා තෙසලෝනික නුවර වාසීන්ට යෑවූ සන්දේශද බයිබලයේ සඳහන්ව ඇත. ඒවා නම්කර ඇත්තේ හසුන් යෑවූ ජනතාව විසූ නගර නමිනි. (රෝමයට යෑවූ සන්දේශ... රෝමවරුන්ට සේ...) 

ඒ අතර ප්‍රථම සභා නායකයන් සිය ප්‍රදේශවල උප සභා නායකයන්ට යෑවූ සන්දේශ ද බයිබලයේ සඳහන්ව ඇත. තිමෝතියස්‌, තීතස්‌, පිලෙමොන් වෙත යෑවූ හසුන්ය. මුළු ජනතාවටම ජාකොබ් තුමා යෑවූ සන්දේශයක්‌ද බයිබලයේ සඳහන් වේ.

ජුවාම් තුමා යෑවූ සන්දේශ තුනෙහි පළමුවැන්න වංචනික ඉගැන්වීම්වලින් පරිස්‌සම් වන ලෙස දන්වා ලියූවකි. දෙවැන්න ප්‍රාදේශීය උප කතෝලික සභාවල සාමාජිකයන් අමතා ලියූවකි. ඉන් දන්වන්නේ ඔවුන් එකිනෙකාට බලවත් සහෝදරයන් වන ලෙසය. තුන්වැන්න ගායස්‌ නම් සභා මූලිකයෙකු අමතා ලියූවකි. සහෝදර කිතුණු සාමාජිකයන්ට ඔහු කරන සේවා අගයා ලියූවකි. 

මුල් සභා නායකයන් ගිහි වැඩිමහල්ලන් මිස පූජක රදගුරු හෝ පාප්වරු නොවූහ. ඔවුන් හැඳින්වූයේ වැඩිමහල්ලන් ලෙසය. ඔවුන් වැඩිදෙනා විවාහකයන් විය. ඔවුන් සියල්ලෝම පුරුෂ ලිංගිකයන් වූහ. ඔවුන් වැඩිදෙනා වෘත්තියෙන්, කම්කරුවන් විය. වියපත් අය වූහ. එතරම් උගතුන් නොවූහ. 

තුන්වැනි සියවස මුල සභානායක වැඩිමහල්ලන්. සභානායකත්ව වලින් ඉවත්ව ඒ තැනට පාප්වරු හෙවත් ශුද්ධෝත්තම පියවරු පත්වූ පසු මුල් සභානායක හසුන් හා සන්දේශ පත්‍ර "පාප් අනුශාසනා" හා "ඉගැන්වීම්" ලෙස හැඳින්වීම ඇරැඹුණි.

මුල් කිතු සමයේ දී (ක්‍රි.ව. 1-325) ක්‍රිස්‌තියානිය ගොඩනැඟී ඇත්තේ ජුදා ආගමික චාරිත්‍රවල වැරැදි හා අඩුපාඩු හරහාය. ජුදා නායකයන් දැඩි ක්‍රිස්‌තු විරෝධීන් වූහ.

සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වූ ක්‍රිස්‌තු තරුණයා අල්ලා වධ දී මරා දමන්නට ඔවුන් ක්‍රියා කළේ ඒ හෙයිනි. එහෙත් අදත් සිදු වන පරිදි දාර්ශනිකයා මරා දැමුවද ඔහුගේ දර්ශනය ලොව පුරා පැතිරයැම වළක්‌වන්නට ජුදයනට නොහැකි විය.

කතෝලික සභාව අබ ඇටයක්‌ සේ පැළව අද ලොවම වසා ගත් අති විශාල ආගමික නුගරුකක්‌ව ඇත්තේ එපරිදිය. 

කතෝලික සභානායක මතිමතාන්තරවල ඇත්තේ ලෝක ගැටලු පිළිබඳ දේවධාර්මික විසඳුම් යෝජනාය.

පාප් යන වචනයෙන් කතෝලික සභා නායකයා හැඳින්වීම ඇරැඹුණේ ක්‍රි. ව. 325 දී රෝමයේ අධිරාජයා වූ කොන්ස්‌තන්තීනු අගරජ කතෝලික දහම වැළඳ ගැනීමත් සමගය. ඒ සමග ගිහි වැඩිමහල්ලන් සභා නායකත්වයෙන් වීසිව ගියේය. ජුදා පූජක ධුරය කතෝලික සභාවට ඇතුළු වූයේය. රෝම රාජකීය ඇඳුම් පැළඳුම්, පූජක ඇඳුම් පැළඳුම් බවට පත්විය. යෂ්ටි මකුට මුරකාවල් මාළිගා සහ පිරිවර සමග ගාම්භීර නායක පූජක (පාප්) තනතුර බිහිවිය.

ක්‍රි.ව. 314-335 අතර සිටි සිල්වෙස්‌ටර්Êනම් ගිහි වැඩිමහල්ලා ප්‍රථම පාප් විය. පත්කළේ කොන්ස්‌තන්තීනු අධිරාජයාය. ඒ වන විට අධිරාජයා රෝම කතෝලික සභාවට ප්‍රාග්ධනය (මුදල්, දේපළ, භූමිභාග, ගොඩනැඟිලි, යානවාහන) සපයන්නා විය. 

ඊට පෙර කොන්ස්‌තන්තීනු අධිරාජයා රෝමයෙන් කිතුදහම පලවා හැරීමට කටයුතු කළ නායකයා විය. අග්‍ර ශ්‍රාවක පේදුරුතුමා සේම අනෙකුත් ගිහි සභා නායකයන් සතුන්ට ගොදුරු කර ඊතලවලින් විද, ගස්‌ බැඳ, පහරදී මරා දැමුණේ ඒ රෝම අධිරාජයේය. පේදුරු අග්‍ර ශ්‍රාවක තැන මරා දැමුණේ දෙකකුල් ඉහළටත්, හිස පහතටත් සිටින සේ කුරුසියක ඇණ ගසාය. සාමාන්‍ය කිතුනුවන් වහලුන් කර ගැනුණි.

එහෙත් රෝමයෙන් කිතුදහම තුරන් කිරීමට ඔවුනට නොහැකි විය. ඒ බව තේරුම්ගත් කොන්ස්‌තන්තීනු අග රජු තමන් කළ අපරාධ පිළිගෙන ක්‍ෂමාව ලැබ තමාද කිතුදහම වැළඳ ගත්තේය. 

ක්‍රි.ව. 395 මහා තියඩොර් රෝම අග රජු තියෝසියානු ව්‍යවස්‌ථාව යටතේ කිතුදහම රෝමයේ රාජ්‍යාගම බවට පත් කෙරුණි. ඒ සමග කිතුනු වහලුන්ට නිදහස හිමි විය. මිනිස්‌ ගරුත්වයට මුල්තැන ලැබුණි. සියල්ලන් එක්‌ පියෙකුගේ දරුවන්ය යන දේවධාර්මික විශ්වාසය රෝමය පුරා පැතිරුණි.

සියල්ලන්ගේ අවසානය එකය. දේව ධර්මය රටක රාජ්‍ය නීතියට වඩා ඉහළය යන මත රෝමානුවන් පිළිගත්තේය. පුද්ගලික සුව පහසුව, අභිවෘද්ධිය, නම්බුව පරයා එකිනෙකාට ප්‍රේම කිරීමේ හා බෙදා හදාගැනීමේ ක්‍රිස්‌තියානිය, රෝමය කේන්ද්‍රීයව ලොව පුරා පැතිර යැම ඇරැඹුණි. සියල්ලන් දේව දරුවන්ය යන මතය පැතිර යැම ඇරැඹුණි.

ප්‍රථම පාප්වරුන්ගේ සමාජ ඉගැන්වීම්වලට පදනම්ව ඇත්තේ ඒ රෝම සිදුවීම් හා තීන්දුය. තනි වචන දෙකකට සීමා කළහොත් ලෝක සාමය හා මානව අයිතිවාසිකම්ය. 

ප්‍රථම සභානායක වැඩිමහල්ලන් සිය අනුගාමිකයන්ට යෑවූ ලිපි හසුන් හා සන්දේශ පසුව ඉගැන්වීම් විය. පාප්වරු පත් වීමෙන් පසු ඒවා "විශ්ව ලේඛන" විය. පළමුව සිය ආගමික ගැටලු අළලා යෑවුණු කතෝලික සභානායක සංදේශ පසුව ලෝක ප්‍රශ්න විමංසනය කර යෑවුණු කතෝලික සමාජ ධර්ම අඩංගු විශ්ව ලේඛන විය.

පළමුව කතෝලික ජනතාව අමතා යෑවූ විශ්ව ලේඛන ලොව පුරා වෙසෙන ජනතාව අමතන සැබෑ විශ්ව ලේඛන බවට පත් කළේ 1878 ධුරයට පත් 13 ලියෝ පාප්තුමාය. (258 පාප්තුමා) එතුමා 1891.05.15 දා නිකුත් කළ "වෙහෙසෙන මිනිස්‌සු" (රේරුම් නොවාරුම්) විශ්ව ලේඛනය මගිනි.

13 ලියෝ පාප්තුමා ධුරයට පත් සමය ලෝකය ධනවාදයෙන් පීඩිතව සමාජවාදය හඳුනා ගනිමින් සිටි වකවානුව විය. මැක්‌සිම් ගෝර්කි, රුසියන් ධනවතුන්, කර්මාන්ත ශාලා හිමියන්, රුසියන් කම්කරුවන් පෙළන අන්දම සිය සාහිත්‍ය කෘති මගින් හෙළිකළ වකවානුව විය. (ගෝර්කිගේ අම්මා)

ලියෝ පාප්තුමා ධනවාදය, කම්කරුවන් තළා පෙලන අන්දම මනාව තේරුම් ගෙන ඊට දැඩිව විරෝධය පෑවේය. විවේචනය කළේය. එහෙත් එතුමා සමාජවාදයටද එතරම් ඇල්මක්‌ නොදැක්‌වීය. ධනවාදයේ පැවති ඉපැයීම් සන්තක කර ගැනීමේ ඉඩ සමාජවාදයේ නොතිබීම එතුමාගේ දැඩි විරෝධයට හේතු විය. එහෙත් ලියෝ පාප්තුමා ජනසතුවට එරෙහි නොවීය. ධනවාදයේ වැරැදි පෙන්වාදෙන අතරම සමාජවාදයේ අයෝග්‍යතාත්, පෙන්වාදීමට 13 ලියෝ පාප්තුමා 1891 දී සිය "වෙහෙසෙන මිනිස්‌සු" විශ්ව ලේඛනය නිකුත් කළේය. ලෝකය, ධනවාදී දේශපාලකයන් හා ධනවාදී ආර්ථික ක්‍රම මගින් කම්කරුවන් සුරාකනු ලබන අන්දම එතුමා ඉන් මනාව හෙළිදරව් කළේය. 

යහපත් සමාජීය පිළිවෙලක්‌ සකසා ගැනීම සඳහා සලකා බැලිය යුතු "වටිනාකම්" සමූහයක්‌ එතුමා ඉන් හෙළි කරයි. විශේෂයෙන්ම මිනිස්‌ ශ්‍රමයේ වටිනාකම්" ගැනය.

අධික ධනලාභ පතා කම්කරු ශ්‍රමය සූරාකන කර්මාන්ත ශාලා හිමියන් ගැන ලෝකයේ ඇස්‌ ඇරුණේ 13 ලියෝ පාප්තුමාගේ එකී "වෙහෙසෙන මිනිස්‌සු" විශ්ව ලේඛනය නිසාය. 1891 වෙද්දී (වෙහෙසෙන මිනිස්‌සු - ලේඛනය පිටවෙද්දී) එංගලන්තයේ කාර්මික විප්ලවය සිදුවී සිය වසක්‌ පමණ ගෙවී තිබුණි. බෙල්ජියම බඳු රටවල කාර්මික විප්ලව සිදුවී හැට වසක්‌ පමණ ගෙවී තිබුණි. නැගෙනහිර යුරෝපා රටවල නගර අධිකව ජනගහනය වෙමින් තිබුණි.

ලෝහ, වීදුරු, රෙදිපිළි, දුම්කොළ, පතල් කම්හල්වල හා ගමනාගමන ක්‌ෂේත්‍රවල කම්කරුවන්ගෙන් වහලුන් ගෙන් මෙන් වැඩ ගනිමින් තිබුණි. පැය අටේ වැඩකරන දිනයක්‌ ඉල්ලා කම්කරුවන් කළ ඉල්ලීම්, කම්හල් හිමියන් විසින් කඩාකප්පල් කරනු ලැබ තිබුණි. (1886) ඇමරිකාවේ මැයි දින කම්කරු පෙළපාලිය ඇරැඹුණේ 1890 දීය.

19 සියවස අග ඉස්‌මතු කළ 13 ලියෝ පාප්තුමා ගේ කම්කරු පීඩා ධනවාදයේ විපත, සමාජවාදයේ ගැටලු පිළිබඳ මත මෙරටට පැමිණි ප්‍රථම පාප්වරයා වූ (1970.12.04) 6 පාවුළු පාප්තුමා දක්‌වා ලොව පුරා ගලා ගියේය. එහෙත් ඒ මත මෙරටට ගලා ආවේ සෘජු කතෝලික සභා බලධාරීන් හරහා නොවේ. යුරෝපීය ක්‍රිස්‌තියානි රටවලදී උසස්‌ අධ්‍යාපනයක්‌ ලත් වාමාංශික අදහස්‌ දරන්නන් හරහා ය. ඒ නිසාම ඒ අදහස්‌ මෙරටදී අදේවදෘෂ්ටික මතවාද ලෙස හඟවා සිය සාමාජිකයන්ගෙන් සඟවා තබන්නට ශ්‍රී ලංකා කතෝලික සභාවට හැකිවිය. 

13 ලියෝ පාප්තුමාගෙන් පසු බිහිවූ කතෝලික සමාජ ධර්ම, මෙරට කිතුනුවා තවමත් හරි හැටි දන්නේ නැත. හඳුනාගෙනද නැත. ධර්මෝපදේශ පාඩම්වලදීවත් හරිහැටි හඳුන්වා දෙන්නේ නැත.

කෙනෙකු රටක සාධාරණව ජීවත් විය යුතු අන්දම වටහාගෙන කතෝලික සමාජ ධර්ම මෙරට කිතුනුවාගෙන් තවදුරටත් සඟවා තැබිය යුතුද? හමුවන්නට ඉඩ ලදහොත් මම ඒ ප්‍රශ්නය ෂ ප්‍රැන්සිස්‌ පාප්තුමාගේ කණේ තබමි. චෝදනාවක්‌ ලෙස නොවේ. පැමිණිල්ලක්‌ ලෙසය. නඩුවක්‌ අසන්නට නොවේ. දැන ගැනීම සඳහාය. 

නිවැරැදි කතෝලික සමාජ ධර්ම හඳුනාගත් විට මෙරට කිතුනුවන් මාක්‌ස්‌වාදීන් විය හැකි බව සමහර පූජක රදගුරුවරුන්ගේ මතයය. 

නිවැරැදි කතෝලික සමාජ ධර්මයේ දීර්ඝකාලීන ඉලක්‌කය, සමාජය, ආර්ථික, අධ්‍යාපනික හා සෞඛ්‍ය දුගී භාවයෙන් මුදා ගැනීමය. ගලවා ගැනීමය.

ඉදිරි 13 වැනිදා මෙරටට පැමිණෙන 1 ප්‍රැන්සිස්‌ පාප්තුමා සිය ආන්දෝලනාත්මක ක්‍රියා හා මත දැක්‌වීම් මගින් උත්සාහ දරන්නේ, ලෝක කතෝලික සභාවටම ඒ සැබෑ ක්‍රිස්‌තු චින්තනය යළි තහවුරුව කා වද්දන්නටය.

සිරිල් එඬේරමුල්ල

Friday, January 09, 2015

Sri Lankan PRESIDENTIAL ELECTION 08-01-2015


















CANDIDATE'S NAME VOTES RECEIVED PERCENTAGE

Maithripala Sirisena                                               6,217,162     51.28%
Mahinda Rajapaksa                                                5,768,090     47.58%
Arachchige Rathnayaka Sirisena                           18,174           0.15%
Namal Rajapaksa                                                   15,726           0.13%
Ibrahim Miflar                                                       14,379           0.12%
Panagoda Don Prince Soloman Anura Liyanage  14,351           0.12%
Ruwanthilaka Peduru Arachchi                             12,436          0.10%
Aithurus Mohamed Illias                                       10,618          0.09%
Duminda Nagamuwa                                             9,941           0.08%
Sirithunga Jayasuriya                                             8,840           0.07%
Sarath Manamendra                                               6,875           0.06%
Pani Wijesiriwardane                                             4,277           0.04%
Anuruddha Polgampala                                          4,260           0.04%
Sundaram Mahendran                                            4,047           0.03%
M. B. Theminimulla                                               3,846           0.03%
Baththaramulle Seelarathana Thero                       3,750           0.03%
Prasanna Priyankara                                               2,793           0.02%
Jayantha Kulathunga                                              2,061           0.02%
Wimal Geeganage                                                  1,826           0.02%

Valid Votes           12,123,452            98.85%
Rejected Votes      140,925                 1.15%
Total Polled           12,264,377            81.52%
Regis.Electors       15,044,490 

Saturday, January 03, 2015

අසිරිමත් නත්තල ගැන වැඩි දෙනෙක්‌ නොදන්න කතා

* නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක්‌ විසිනි. එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්‌සන්, කොමට්‌, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්‌සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක්‌ ගැහැනු සතුන්ය.

* ඉහත සඳහන් කරන ලද පිනිමුවන් අතරින් රුඩොල්ෆ් යනු සුවිශේෂී පිනිමුවෙකි. අනිත් අයගේ මෙන් නොව ඔහුගේ නාසය රතු පැහැතිය. නෝවීජියානු විද්‍යාඥයන්ගේ උපකල්පනයට අනුව රුඩොල්ෆ්ගේ නාසය රතු පැහැති වී ඇත්තේ කිසිදු අරුම පුදුම දෙයක්‌ නිසා නොව, ඔහු ස්‌වසන අපහසුතාවකින් පෙළෙන නිසාය.

* මුල් කාලයේ ජර්මානුවන් නත්තල් ගස්‌ හැදුවේ සයිප්‍රස්‌ හෝ ෆයින් ගස්‌වලින් නොවේ. මියගිය පාත්තයන්ගේ පිහාටු සායම් කිරීමෙනි. නියම නත්තල් ගස එය බව වර්තමානයේද ජර්මානුවන්ගේ විශ්වාසයයි. පාත්තයන් සොයාගත නොහැකි වීම නිසා පසුව කිතුනුවන් ශාකවලින් නත්තල් ගස්‌ නිර්මාණය කරන්නට පෙළඹුණු බව ඔවුහු විශ්වාස කරති.

* ලොව වැඩිම නත්තල් සුබ පැතුම් පත් සංඛ්‍යාවක්‌ හුවමාරුවන රට ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. නත්තලට දින 10 කට පමණ පෙර ආරම්භ වන සුබපැතුම්පත් හුවමාරුව අවසන් වන්නේ ජනවාරි මාසය එළැඹී සති 2 ක්‌ පමණ ඉක්‌ම ගිය පසුවය. මේ ආකාරයට හුවමාරුවන සුබ පැතුම් පත් සංඛ්‍යාව ඇමරිකාවේ පමණක්‌ බිලියන 3 ඉක්‌මවයි.

* දෙසැම්බර් 25 වැනි දිනය, ෙ-සු බිලිඳුන්ගේ උපත සිහි කරමින් සමරන්නට පටන් ගත්තේ ක්‍රිස්‌තු වර්ෂ 350 සිටය. ඒ එවකට රෝමයේ බිෂොප්වරයාව සිටි පළමුවන ජුලියස්‌ පාප්තුමා විසිනි. එතැන් පටන් සෑම වසරකම දෙසැම්බර් 25 දිනය ෙ-සුස්‌ වහන්සේගේ උපත සිහි කරනු ලබයි. 

* ගිනස්‌ වාර්තා පොතට අනුව මෙතෙක්‌ නිර්මාණය කරන ලද ලොව උසින් වැඩිම නත්තල් ගස 1950 වසරේදී වොෂිංටනයේ සියෑටල් නගරයේ නෝත්ගේට්‌ සාප්පු සංකීර්ණයේ ප්‍රදර්ශනය කෙරිණි. එහි උස අඩි 221 ක්‌ විය

* 'නත්තල' යන්නට Christmas ලෙසද X mas භාවිත වේ. ග්‍රීක බසින් X යනු Christ නොහොත් ක්‍රිස්‌තුස්‌ වහන්සේය. එම නිසා ග්‍රීසියෙන් සම්භාව්‍ය වන්නා වූ නත්තල හා සම්බන්ධ oE X masලෙසට හඳුන්වනු ලැබේ.

* ලොව විශාලතම නත්තල් ත්‍යාගය හුවමාරු වූයේ රටවල් 2 ක්‌ අතරය. 1886 වසරේ නත්තලට සමගාමීව මෙම ත්‍යාගය ප්‍රංශය විසින් ඇමරිකා එක්‌සත් ජනපදයට පරිත්‍යාග කරන ලදී. මීටර් 46.5 ක්‌ උසැති මෙම ත්‍යාගයේ බර ටොන් 225 කි. එම ත්‍යාගය වන්නේ ලිබර්ටි ප්‍රතිමාවයි.

* Green Christmas නමින් හඳුන්වන්නේ නත්තල් ගසයි. සාමාන්‍යයෙන් නත්තල් ගසක උස අඩි 6,7 ක්‌ පමණ විය යුතුය. නත්තල් ගසක්‌ වෙනුවෙන් යොදා ගන්නා පයින් හෝ සයිප්‍රස්‌ ගසක වයස අවුරුදු 4 ට වැඩි විය යුතු අතර අවුරුදු 7 ට අඩුවිය යුතු බවට සම්මතයක්‌ පවතී.

* ලොව ජනප්‍රියතම නත්තල් ගීතය නිකුත් වූයේ 1942 වසරේදී. බින් ක්‍රෝස්‌බි විසින් ගායනා කරන thzwhite christmas" නමින් හඳුන්වයි. ලොව පුරා වැඩිම අලෙවියක්‌ සහිත නත්තල් ගීතය ලෙසද එය වාර්තාගත වී තිබේ.

* සාමාන්‍යයෙන් නත්තල් ගසක්‌ නිර්මාණයේ භාවිත කරන සම්මත වර්ණ 3 ක්‌ තිබේ. කොළ පැහැයෙන් සැපවත් දීර්ඝ ජීවිත කාලයක්‌ සහ නැවත ඉපදීමක්‌ද රතු පැහැයෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ සහ රුධිරයද රත්රන් පැහැයෙන් ධනය සහ ගෞරවයද නිරූපණය වේ.

* ෙෆ්ස්‌බුක්‌ වෙබ් අඩවියට අනුව පෙම්වතුන්ගෙන් වැඩි පිරිසක්‌ නත්තලට සති 2 ක්‌ තබා එකිනෙකා තරහා වේ. කතාබහ නොකර සිටී. නමුත් සති 2 කට පසුව උදාවන නත්තලේදී, වටිනා තෑගිද රැගෙන එකිනෙකා මුණ ගැසීමට යයි. ඉන්පසු පෙරදාට වඩා වැඩි ආදරයක්‌ දෙදෙනා තුළම ඇතිවන බව කියෑවෙයි.

* නත්තල සතියේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉතා අඩු අගයක්‌ ගනී. එමෙන්ම පුද්ගල ඝාතනද නොමැති තරම්ය. නිව්යෝක්‌ වැනි කාර්යබහුල නගරවල පුද්ගල ඝාතන සහ අපරාධ සියයට 97 කින් අඩුවන අතර සියදිවිනසා ගැනීම් 100 කින්ම අඩුවේ.

* ලොව විශාලතම නත්තල් මේස්‌ කකුලේ දිග අඩි 107 කි. පළල අඩි 49 කි. ඒ තුළ පිනිමුවන් පස්‌ දෙනකුට ප්‍රමාණවත් ඉඩ තිබේ. ඊට අමතරව තෑගි භාණ්‌ඩ දහසක්‌ පමණ දැමිය හැකිය. මෙය 2007 වසරේ දෙසැම්බර් 14 වන දින ලන්ඩන් ළමා සමාජය විසින් නිර්මාණය කරන ලද්දකි. 

* සෑම වසරකම ඇමරිකාව පුරා සැරිසරන කුලියට ගන්නා ලද නත්තල් සීයලා ගණන 20000 ඉක්‌මවයි. (Rent )a )Santa) ඔවුන් සියල්ලෝම ඇමෙරිකාවේ දුගී නගර සොයාගොස්‌ දුගී දරුවන්ට තෑගි බෙදා දේ. බොහෝ විට නත්තල් තෑගි අතර ඇති නත්aතල් ආහාර වේල සුදුලූනු, හා බෝංචිවලින් සමන්විතය.

* පෝලන්තයේ දරුවන් නත්තල් ගස සැරසීමට යොදා ගන්නා සැරසිලි අතර මකුළුවන්ද සිටී. එයට හේතුව ෙ-සු බිලිඳා උපන් පසු ඔහු නිදා සිටි ස්‌ථානයේ සහ ඔතා සිටි බ්ලැන්කට්‌ටුව මත මකුළුවන් එහා මෙහා දුවමින් සිටීමයි. ඒ නිසා මකුළුවන් යහපත් සංකේතයක්‌ ලෙස හඳුන්වයි.

* ලොව පළමුවරට නිල වශයෙන් නත්තල් උත්සවයක්‌ පවත්වන ලද්දේ ඇමරිකාවේ ඇලබාමා නගරයේය. ඒ 1836 වසරේදීය. නත්තල් දිනය රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පත් වූයේ 1870 වසරේදීය. ඒද ඇමෙරිකාවේදීය. 1907 වසරේ ඇමෙරිකාවේ ඔක්‌ලාමා නගරය නත්තල් දිනය නීතිමය වශයෙන් නිවාඩුවක්‌ බවට පත් කරන ලදී.

* බොහෝ යුරෝපා රටවල විශ්වාසයට අනුව නත්තල් දින දොළස ඇතුළත කාලයේ යහපත හා අයහපත ගෙන දෙන්නා වූ ආත්මයන් ක්‍රියාත්මක වේ.

* වර්තමානයේ නත්තල් සීයා ලෙස හඳුන්වන්නේ ඔඩින් (Odin) දෙවියන් බව ඇතැමුන්ගේ විශ්වාසයයි. ඔහු තම පාද අටක්‌ ඇති අසු පදවාගෙන කුඩා දරුවන් හමුවන්නට පැමිණේ. එසේ පැමිණෙන්නේ තෑගි සහ දඬුවම්ද රැගෙනය. යහපත් දරුවන්ට තෑගි ලැබේ. නරක දරුවන්ට ලැබෙන්නේ දඬුවම්ය. එසේ පැමිණෙන විට දරුවන් තම නත්තල් මේස්‌ (stockings) නත්තල් කෑම බීමවලින් පුරවා තැබිය යුතුය.

* ඇමෙරිකාවේ පමණක්‌ වසරකට නත්තල් ගස්‌ සඳහා වගා කරන ශාක සංඛ්‍යාව 21000 ඉක්‌මවයි. ලොව වටා එය මිලියන 45 ක්‌ පමණ වේ. වසරක්‌ තුළ යුරෝපයේ විකිණෙන හා මිලට ගන්නා නත්තල් ගස්‌ සංඛ්‍යාව මිලියන 35 ක්‌ පමණ වේ. විශේෂත්වය වන්නේ එම ශාක මිලියන 35 ම සජීවී (living) ශාකවීමයි.

ජිංගල් බෙල්ස්‌ (Jingle Bells) නමින් ප්‍රසිද්ධව ඇති ගීතය නත්තල් ගීතයක්‌ ලෙස ගායනා කළද එය නිර්මාණය වූයේ ස්‌තුතිය ප්‍රකාශ කිරීමේ ගීතයක්‌ ලෙසය. සංගීතඥ ෙ-ම්ස්‌ ලෝඩ් විසින් මෙය නිර්මාණය කරන ලද්දේ බොස්‌ටන් ඉරිදා දහම් පාසලේ සිසුන් වෙනුවෙනි. පසු කාලයේ ඔහු නිර්මාණය කළ ගීතයේ වචන වෙනස්‌ කොට නත්තල් ගීතයක්‌ බවට පත්කරන ලදී. එය පළමුවරට ගැයුණේ 1850 වසරේය.

අන්තර් ජාලයෙන්