Pages

Saturday, January 03, 2015

අසිරිමත් නත්තල ගැන වැඩි දෙනෙක්‌ නොදන්න කතා

* නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක්‌ විසිනි. එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්‌සන්, කොමට්‌, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්‌සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක්‌ ගැහැනු සතුන්ය.

* ඉහත සඳහන් කරන ලද පිනිමුවන් අතරින් රුඩොල්ෆ් යනු සුවිශේෂී පිනිමුවෙකි. අනිත් අයගේ මෙන් නොව ඔහුගේ නාසය රතු පැහැතිය. නෝවීජියානු විද්‍යාඥයන්ගේ උපකල්පනයට අනුව රුඩොල්ෆ්ගේ නාසය රතු පැහැති වී ඇත්තේ කිසිදු අරුම පුදුම දෙයක්‌ නිසා නොව, ඔහු ස්‌වසන අපහසුතාවකින් පෙළෙන නිසාය.

* මුල් කාලයේ ජර්මානුවන් නත්තල් ගස්‌ හැදුවේ සයිප්‍රස්‌ හෝ ෆයින් ගස්‌වලින් නොවේ. මියගිය පාත්තයන්ගේ පිහාටු සායම් කිරීමෙනි. නියම නත්තල් ගස එය බව වර්තමානයේද ජර්මානුවන්ගේ විශ්වාසයයි. පාත්තයන් සොයාගත නොහැකි වීම නිසා පසුව කිතුනුවන් ශාකවලින් නත්තල් ගස්‌ නිර්මාණය කරන්නට පෙළඹුණු බව ඔවුහු විශ්වාස කරති.

* ලොව වැඩිම නත්තල් සුබ පැතුම් පත් සංඛ්‍යාවක්‌ හුවමාරුවන රට ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. නත්තලට දින 10 කට පමණ පෙර ආරම්භ වන සුබපැතුම්පත් හුවමාරුව අවසන් වන්නේ ජනවාරි මාසය එළැඹී සති 2 ක්‌ පමණ ඉක්‌ම ගිය පසුවය. මේ ආකාරයට හුවමාරුවන සුබ පැතුම් පත් සංඛ්‍යාව ඇමරිකාවේ පමණක්‌ බිලියන 3 ඉක්‌මවයි.

* දෙසැම්බර් 25 වැනි දිනය, ෙ-සු බිලිඳුන්ගේ උපත සිහි කරමින් සමරන්නට පටන් ගත්තේ ක්‍රිස්‌තු වර්ෂ 350 සිටය. ඒ එවකට රෝමයේ බිෂොප්වරයාව සිටි පළමුවන ජුලියස්‌ පාප්තුමා විසිනි. එතැන් පටන් සෑම වසරකම දෙසැම්බර් 25 දිනය ෙ-සුස්‌ වහන්සේගේ උපත සිහි කරනු ලබයි. 

* ගිනස්‌ වාර්තා පොතට අනුව මෙතෙක්‌ නිර්මාණය කරන ලද ලොව උසින් වැඩිම නත්තල් ගස 1950 වසරේදී වොෂිංටනයේ සියෑටල් නගරයේ නෝත්ගේට්‌ සාප්පු සංකීර්ණයේ ප්‍රදර්ශනය කෙරිණි. එහි උස අඩි 221 ක්‌ විය

* 'නත්තල' යන්නට Christmas ලෙසද X mas භාවිත වේ. ග්‍රීක බසින් X යනු Christ නොහොත් ක්‍රිස්‌තුස්‌ වහන්සේය. එම නිසා ග්‍රීසියෙන් සම්භාව්‍ය වන්නා වූ නත්තල හා සම්බන්ධ oE X masලෙසට හඳුන්වනු ලැබේ.

* ලොව විශාලතම නත්තල් ත්‍යාගය හුවමාරු වූයේ රටවල් 2 ක්‌ අතරය. 1886 වසරේ නත්තලට සමගාමීව මෙම ත්‍යාගය ප්‍රංශය විසින් ඇමරිකා එක්‌සත් ජනපදයට පරිත්‍යාග කරන ලදී. මීටර් 46.5 ක්‌ උසැති මෙම ත්‍යාගයේ බර ටොන් 225 කි. එම ත්‍යාගය වන්නේ ලිබර්ටි ප්‍රතිමාවයි.

* Green Christmas නමින් හඳුන්වන්නේ නත්තල් ගසයි. සාමාන්‍යයෙන් නත්තල් ගසක උස අඩි 6,7 ක්‌ පමණ විය යුතුය. නත්තල් ගසක්‌ වෙනුවෙන් යොදා ගන්නා පයින් හෝ සයිප්‍රස්‌ ගසක වයස අවුරුදු 4 ට වැඩි විය යුතු අතර අවුරුදු 7 ට අඩුවිය යුතු බවට සම්මතයක්‌ පවතී.

* ලොව ජනප්‍රියතම නත්තල් ගීතය නිකුත් වූයේ 1942 වසරේදී. බින් ක්‍රෝස්‌බි විසින් ගායනා කරන thzwhite christmas" නමින් හඳුන්වයි. ලොව පුරා වැඩිම අලෙවියක්‌ සහිත නත්තල් ගීතය ලෙසද එය වාර්තාගත වී තිබේ.

* සාමාන්‍යයෙන් නත්තල් ගසක්‌ නිර්මාණයේ භාවිත කරන සම්මත වර්ණ 3 ක්‌ තිබේ. කොළ පැහැයෙන් සැපවත් දීර්ඝ ජීවිත කාලයක්‌ සහ නැවත ඉපදීමක්‌ද රතු පැහැයෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ සහ රුධිරයද රත්රන් පැහැයෙන් ධනය සහ ගෞරවයද නිරූපණය වේ.

* ෙෆ්ස්‌බුක්‌ වෙබ් අඩවියට අනුව පෙම්වතුන්ගෙන් වැඩි පිරිසක්‌ නත්තලට සති 2 ක්‌ තබා එකිනෙකා තරහා වේ. කතාබහ නොකර සිටී. නමුත් සති 2 කට පසුව උදාවන නත්තලේදී, වටිනා තෑගිද රැගෙන එකිනෙකා මුණ ගැසීමට යයි. ඉන්පසු පෙරදාට වඩා වැඩි ආදරයක්‌ දෙදෙනා තුළම ඇතිවන බව කියෑවෙයි.

* නත්තල සතියේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉතා අඩු අගයක්‌ ගනී. එමෙන්ම පුද්ගල ඝාතනද නොමැති තරම්ය. නිව්යෝක්‌ වැනි කාර්යබහුල නගරවල පුද්ගල ඝාතන සහ අපරාධ සියයට 97 කින් අඩුවන අතර සියදිවිනසා ගැනීම් 100 කින්ම අඩුවේ.

* ලොව විශාලතම නත්තල් මේස්‌ කකුලේ දිග අඩි 107 කි. පළල අඩි 49 කි. ඒ තුළ පිනිමුවන් පස්‌ දෙනකුට ප්‍රමාණවත් ඉඩ තිබේ. ඊට අමතරව තෑගි භාණ්‌ඩ දහසක්‌ පමණ දැමිය හැකිය. මෙය 2007 වසරේ දෙසැම්බර් 14 වන දින ලන්ඩන් ළමා සමාජය විසින් නිර්මාණය කරන ලද්දකි. 

* සෑම වසරකම ඇමරිකාව පුරා සැරිසරන කුලියට ගන්නා ලද නත්තල් සීයලා ගණන 20000 ඉක්‌මවයි. (Rent )a )Santa) ඔවුන් සියල්ලෝම ඇමෙරිකාවේ දුගී නගර සොයාගොස්‌ දුගී දරුවන්ට තෑගි බෙදා දේ. බොහෝ විට නත්තල් තෑගි අතර ඇති නත්aතල් ආහාර වේල සුදුලූනු, හා බෝංචිවලින් සමන්විතය.

* පෝලන්තයේ දරුවන් නත්තල් ගස සැරසීමට යොදා ගන්නා සැරසිලි අතර මකුළුවන්ද සිටී. එයට හේතුව ෙ-සු බිලිඳා උපන් පසු ඔහු නිදා සිටි ස්‌ථානයේ සහ ඔතා සිටි බ්ලැන්කට්‌ටුව මත මකුළුවන් එහා මෙහා දුවමින් සිටීමයි. ඒ නිසා මකුළුවන් යහපත් සංකේතයක්‌ ලෙස හඳුන්වයි.

* ලොව පළමුවරට නිල වශයෙන් නත්තල් උත්සවයක්‌ පවත්වන ලද්දේ ඇමරිකාවේ ඇලබාමා නගරයේය. ඒ 1836 වසරේදීය. නත්තල් දිනය රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පත් වූයේ 1870 වසරේදීය. ඒද ඇමෙරිකාවේදීය. 1907 වසරේ ඇමෙරිකාවේ ඔක්‌ලාමා නගරය නත්තල් දිනය නීතිමය වශයෙන් නිවාඩුවක්‌ බවට පත් කරන ලදී.

* බොහෝ යුරෝපා රටවල විශ්වාසයට අනුව නත්තල් දින දොළස ඇතුළත කාලයේ යහපත හා අයහපත ගෙන දෙන්නා වූ ආත්මයන් ක්‍රියාත්මක වේ.

* වර්තමානයේ නත්තල් සීයා ලෙස හඳුන්වන්නේ ඔඩින් (Odin) දෙවියන් බව ඇතැමුන්ගේ විශ්වාසයයි. ඔහු තම පාද අටක්‌ ඇති අසු පදවාගෙන කුඩා දරුවන් හමුවන්නට පැමිණේ. එසේ පැමිණෙන්නේ තෑගි සහ දඬුවම්ද රැගෙනය. යහපත් දරුවන්ට තෑගි ලැබේ. නරක දරුවන්ට ලැබෙන්නේ දඬුවම්ය. එසේ පැමිණෙන විට දරුවන් තම නත්තල් මේස්‌ (stockings) නත්තල් කෑම බීමවලින් පුරවා තැබිය යුතුය.

* ඇමෙරිකාවේ පමණක්‌ වසරකට නත්තල් ගස්‌ සඳහා වගා කරන ශාක සංඛ්‍යාව 21000 ඉක්‌මවයි. ලොව වටා එය මිලියන 45 ක්‌ පමණ වේ. වසරක්‌ තුළ යුරෝපයේ විකිණෙන හා මිලට ගන්නා නත්තල් ගස්‌ සංඛ්‍යාව මිලියන 35 ක්‌ පමණ වේ. විශේෂත්වය වන්නේ එම ශාක මිලියන 35 ම සජීවී (living) ශාකවීමයි.

ජිංගල් බෙල්ස්‌ (Jingle Bells) නමින් ප්‍රසිද්ධව ඇති ගීතය නත්තල් ගීතයක්‌ ලෙස ගායනා කළද එය නිර්මාණය වූයේ ස්‌තුතිය ප්‍රකාශ කිරීමේ ගීතයක්‌ ලෙසය. සංගීතඥ ෙ-ම්ස්‌ ලෝඩ් විසින් මෙය නිර්මාණය කරන ලද්දේ බොස්‌ටන් ඉරිදා දහම් පාසලේ සිසුන් වෙනුවෙනි. පසු කාලයේ ඔහු නිර්මාණය කළ ගීතයේ වචන වෙනස්‌ කොට නත්තල් ගීතයක්‌ බවට පත්කරන ලදී. එය පළමුවරට ගැයුණේ 1850 වසරේය.

අන්තර් ජාලයෙන්