Pages

Wednesday, November 18, 2015

IS සංවිධානය: මේ කවුද?

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යනු අතිශය ප්‍රචණ්ඩකාරී ඉස්ලාමීය කැරලි කණ්ඩායමකි.

ඉංග්‍රීසි භාෂාවෙන් Islamic State යන නාමය කෙටි කර IS සංවිධානය නමින් ද හඳුන්වයි.

මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් මොවුන් ගේ පාලනයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස IS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

අබු බකර් අල් බග්දාදී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා යි.

ඔවුන්ට අවශ්‍ය කුමක්ද?

සියලුම මුස්ලිම්වරුන් ඔවුනට අවනත විය යුතු බව ඔවුන්ගේ නියෝගයයි.

දේශ සීමා ප්‍රතික්‍ෂේප කරමින් තම කලාපය ප්‍රසාරණය කර ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය උත්සාහ කරයි.

සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS කැරලිකරුවෝ තමන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති උදවියට මරණය හිමි විය යුතු බව සලකති.

කෙතරම් ශක්තිමත්ද?

අතිශය කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියා මගින් සහ ප්‍රචාරක කටයුතු තුළින් IS සංවිධානය දැවැන්ත ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය කරයි.

මෙය ලෝකයේ පොහොසත් ම කැරලි කණ්ඩායම ලෙස සැලකෙයි.

සටන් කරුවෝ 30,000 ක් පමණ සිටින නමුත් ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා මගින් දිනපතා බෝම්බ ප්‍රහාරයන්ට ලක් වෙමින් සිටිති.