Pages

Thursday, January 23, 2014

පුංචි වෙනසක් වත් එපා .......

හමුවනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහා වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා......
ඔබව හිමිවේනම්... ඔයා අදහන්නම් ....
අදරෙයි මන් රත්තරනේ දැන්
නෙතුව ඉන්නට බැහැ ඔයා.....

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවි තුරා
අද ඉඳන් වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා .......
ඔබව හිමිවේනම්... ඔයා අදහන්නම් ....
අදරෙයි මන් රත්තරනේ දැන්
නෙතුව ඉන්නට බැහැ ඔයා.....