රෝමයේ සෙන්ට් පීටර්ස් චතුරස්ර යේ දී බදාදා පැවැති දේව මෙහෙයේදී ෆ්රැන්සිස් පාප්තුමා ගඩු සහිත මිනිසකු කිසිම පිළිකුලක් නොමැතිව සිප වැළද තම යාඥාවට එකතු කරගත්තේය.
.jpg)
රෝගියා කලාතුරකින් ඇතිවන රෝගයක් වන නියුරෝෆිබ්රෝමැටෝසිස් රෝගයෙන් පෙළෙන්නෙකි. එය දුර්ලභ රෝගයක් වන අතර එහිදි වායු ගෙඩි, අන්ධභාවය ඇතිවන අතර සමහර අවස්ථාවන් වල පිළිකාවන්ද ඇතිවිය හැක. මෙම රෝගයට ගොදුරු වන්නන් අලි මිනිසුන් යන නමින් හැඳින්වේ.
පාප්වහන්සේ මෙම පුද්ගලයා බදාගත් අතර පාප්වහන්සේගේ දයාව හා කරුණාව බොහෝදෙනෙකුගේ ඇගයීමට ලක්විය.
පාප්වහන්සේගේ මෙම ක්රියාව 13 වන සියවසේ විසූ අසීසියේ ශෘන්ත පාප්වහන්සේගේ ක්රියාවට සමානය.එහිදි පාප්වහන්සේ විසින් ලාදුරු රෝගියෙකු සිපගත් බව කියති.
පළමු වැනි ෆ්රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ්රැන්සිස්කන් නිකායේ පුරෝගාමී අසීසයේ ශාන්ත ෆ්රැන්සිස් පාප්තුමන්ට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ්රැන්සිස් පාප් තුමන් ද දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කළ අයෙකි.