Pages

Sunday, November 24, 2013

මුළු රෑම ගෙවිලා ගියා.

රන් තාරකාවන් දිලෙන රැයේ 
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...

මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා...
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක් 
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි සිතා...
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..
මුළු රෑම ගෙවිලා ගියා..