Pages

Sunday, January 06, 2013

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින

සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ...
මට ද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ...

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිsමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මට ද ඔබ හිමි නෑ

පද රචනය - ආරාධනා ඒකනායක
තනුව - නවරත්න ගමගේ
ගායනය - චාමර වීරසිංහ

යෞවනය... ආදරයට අත වනන කාලය සහකරුවෙක්‌ ගැන සහකාරියක්‌ ගැන හැඟීම් ඇතිවන සමය ආදරය කරන කාලය වගේම ආදරයෙන් විඳවන කාලය... තනිව සිනාසෙන කාලය... වගේම තනිව හඬන කාලය...

සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ...

ආදරය නිසා විඳවන හිතක්‌... ඔහු ඇයට ආදරය කරනවා... ඒත්... මේ ආදරය හිතේ ඇතිවුණු ආදරයක්‌ විතරයි. ඇයට සැබෑවට පෙම් කරන්න ඔහුට වරම් නෑ.. ඔහු ඇයට ආදරය කරන බව... ඇය දන්නෙත් නෑ... ඔහු ඇය දෙස නිතර බලා ඉන්නවා. ඒ ළඟ ඉඳන් නොවේ. දුරට වෙලා... ළං වෙන්න බෑ... ඔවුන්ට ඒ ආදර ලෝකය හිමි නෑ.. ඇයට ඔහුත් ඔහුට ඇයත් කවදාවත් අයිති නැහැ..

ආරාධනා ඒකනායක ගීයේ පද රචනය කළේ ඇය.... කුරුටු ගෑ ගී පොතේ මීට සති කීපයකට කලින් අතුල අදිකාරි ගයන "හිත අස්‌සට හීන ගොඩක්‌..." ගීය ගැන ලියෑවුණා... ඒ ගීයේ පද රචකයා.... තනු නිර්මාණ ශිල්පියා... කවුද කියා අප තියා අතුලවත් දැන සිටියේ නෑ.. පද රචකයෙක්‌ නැති ගීය කුරුටු ගෑ ගී පොතේ පළවූ පසුව අපට දුරකථන ඇමතුමක්‌ ලැබුණා. ඇය ආරාධනා ඒකනායක... අතුල ගයන හිත අස්‌සට ගීයේ පද රචනා කළේ ඇය බව ආරාධනා පැවසුවා. ඒ විතරක්‌ නොවේ ඇය ලියූ ගීත කීපයක්‌a ගැනම සඳහන් කළා. එකක්‌ තමයි මේ "සිතින් විතරක්‌..." ගීය.

"සිතින් විතරක්‌..." මම ලියූ පළමු ගීය... මේක ලියලා මම රන්සිළු ඕඩියෝ ආයතනයට දුන්නා. ඔවුන් ඉන්පසුව නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතඥයා ලවා තනුවක්‌ නිර්මාණය කරගෙන චාමරට ගීය දී තිබෙනවා. මේක පොදු අත්දැකීමක්‌.

නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ...

මේ පෙම්වතාව ඇය නිතර හමුවෙනවා. ඒත් කතා කරන්න අවස්‌ථාවක්‌ නෑ.... ඇය ඇසිපිය නොගසා ඔහු දෙස බලා ඉන්නවා..... නාදළුවන් දෙතොල් අතරින් සිහින් සිනාවකුත් උපදිනවා. ඒත් ඔහුට ඈ දෙස බලලා වැඩක්‌ නෑ. ඈ හා සිනාසෙන්න ඕනෑ නෑ නිශ්ඵල වැඩක්‌.... ඇය කවදාවත් හිමි නොවන බව ඔහු දන්නවා...

ආරාධනා... ශ්‍රී එµa එම් නාලිකාවේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරේ කටයුතු කරමින් තමයි ගීය ලියන්නේ.

"මේ ගීය නිසා චාමර හුඟාක්‌ ජනප්‍රිය වුණා. ඔයාගේ සිංදුව හින්දා තමයි අද මට මේ ජනප්‍රියත්වය කියලා දවසක්‌ චාමර මට කිව්වා. මටත් සතුටුයි මේක තමයි මගේ පටන් ගැනීම...

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ...
මට ද ඔබ හිමි නෑ..

ඈ ඉදිරියේ ඔහුගේ හිත චංචලයි... ඒත් ඒ හිත හැම වෙලාවෙම නිශ්චලව තියාගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු තනිකඩයෙක්‌... ඈ... සමහර විට විවාහක තරුණියක්‌ වෙන්නත් ඇති... ඔහුගේ හිත ඉකිබිඳිනවා... මං තනිවෙලා කාත් කවුරුවත් මට නෑ... ඔයාත් අහිමිව ගියාදෙන්... ආදරේ මම ඔයාට ආදරේ වගේම ඔයාත් මට ආදරේ කරනවා නම් අපි කවදාවත් ළං වෙන්නේ නැත්නම්.... මට මීටත් වඩා දුක හිතේවි... කමක්‌ නෑ.... අපිට අපි අයිති නෑ...

අපි ආදරය කරන කෙනා බොහෝ විට අපිට ලබාගන්න වාසනාවක්‌ නෑ.. තරාතිරම... රැකියාව, රූපය, ධනය, බලය ආදරයට හරස්‌ වෙන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන්න වෙන්නේ සිතින් විතරයි... මේ ගීයෙන් කියන්නේ එහෙම ආදරයක්‌ ගැනයි. ආරාධනා වගේම චාමරත් අලුත්... ඒත් තනු නිර්මාණය කළ නවරත්න ගමගේ ප්‍රවීණයෙක්‌. නවරත්න ගමගේගේ තනුව... ගීයට විශාල ආලෝකයක්‌ වී තිබෙනවා. එය තරුණ ශිල්පීන් දෙදෙනකුට ඉදිරියට ඒමට පිටිවහලක්‌ වුණා.

අජිත් අලහකෝන් Divaina