Pages

Wednesday, January 09, 2013

පෘථිවිය හා සමාන ග්‍රහයෝ බිලියන 17ක්

වොෂින්ටනයේ දී - ඒ. එෆ්.පී

පෘථිවිය හා සමාන ග්‍රහයන් බිලියන17ක් ක්ෂීරපථයේ තිබෙන බව සඳුදා නිකුත් කළ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වෙයි. මේ අනුව පෘථිවි ග්‍රහයාට සහෝදර ග්‍රහයකු සොයා ගැනීමේ ඉඩකඩ වැඩි බව විද්‍යාඥයෝ පවසති.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ යානය උපයෝගි කරගනිමින් තාරකා විද්‍යඥයන් විසින් කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අනුව තාරකාවලින් 17%කට පමණ අපගේ පෘථිවිය තරම් විශාල ග්‍රහයකු සිටින බව සොයා ගෙන ඇත. ක්ෂීරපථයේ තරු බිලියන 100ක් පමණ තිබේ.

මේ සියලු ග්‍රහයන් මිනිස් වාසයට සුදුසු නොවනු ඇති වුවත් මිනිස් වාසයට සුදුසු ග්‍රහයන් කිහිපයක් හෝ සොයා ගැනීමේ සම්භාව්‍යතාවක් ඇතැයි විශ්වාස කෙරේ.

කෙප්ලර් අභ්‍යවකාශ යානය සිය චාරිකාවේ දි මෙවැනි ග්‍රහයන් විය හැකි යැයි විශ්වාස කරන ග්‍රහයන් 461ක් දැනටමත් සොයාගෙන තිබේ.

තාරකා විද්‍යාඥයන් විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ කැලිෆෝනියාවේ ලෝං බීච් හි ඇමෙරිකා තාරකාවිද්‍යාඥ සංගමයේ පෙරේදා පැවැති රැස්වීමක දී ය.