Pages

Friday, October 14, 2016

හිමි සරණ නැති කල නීතිය සිටියි පිහිටට

නිත්‍යනුකූල විවාහයකදී බිරියට හා දරුවන්ට තමා වෙතින් ඉටු විය යුතු යුතුකම් පැහැර හරින සැමියෝ වත්මන් සමාජයේ බොහෝ වෙති. එවන් අවස්ථාවල බිරියට හා දරුවන්ට නීතියේ පිළිසරණ පැතිය හැකි වුව ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනිති. විවාහයකදී තමා සතු වන අයිතිවාසිකම් හා ඊට අදාළ නීතිය පිළිබඳව දැන සිටීම වැදගත් ය. මේ පිළිබඳව නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකැසේ.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාන්තාවක් විවාහයකට පත්වීමත් සමඟ බිරියක ලෙස හඳුන්වන අතර එමඟින් සමාජයේ මූලික හා ස්වාභාවික වැදගත්ම ඒකකය වන පවුල නිර්මාණය වේ. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රකාශනය අනුව ද, පවුල යන්න මිනිස් සමාජයේ මූලික හා ස්වාභාවික කණ්ඩායම ලෙස පිළිගැනේ.

වලංගු විවාහයක් යන්න නීතිය ඉදිරියේ හුදු ගිවිසුමක් පමණක් නොව, එමඟින් බිරිය සහ සැමියා දෙදෙනාටම එකිනෙකා හා යුතුකම් හා වගකීම් රැසකින් බැඳෙති.

නූතන සමාජ ආර්ථික බලවේග, අධිනාගරීකරණය, ගෝලීයකරණය වැනි බොහෝ හේතු චිරාත් කාලයක් අප රටේ සාමකාමී ස්වරූපයක පැවැති පවුල් ඒකක කඩා බිඳ දැමීමකට හේතු වී තිබේ. එවැනි අවස්ථාවක වඩාත් අසරණ වන්නේ බිරිය හා ඇය විසින් ජනිත කළ දරුවන් ය.

නෛතික පිළිසරණ ලැබීමට නම් විවාහය නිත්‍යනුකූල විය යුතු යි. ඉන් අදහස් කරන්නේ විවාහ ලියාපදිංචි කිරීමේ පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීමේ පනත, උඩරට විවාහ පනත හා සම්ප්‍රදායික විවාහය තුළ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධ විවාහ පනත අනුව සිදු වන විවාහයන්ය. බිරියට නොසලකා හැරීම යන්නෙන් ඇය නඩත්තු කිරීම හා පෝෂණය කිරීම පැහැර හැරීම පමණක් නොව වද හිංසාවලට භාජනය කිරීම ද ඇතුළත් ය.

වෛවාහික යුතුකම් ඉටු කරවා ගැනීම සඳහා බිරියකට සහන පැතිය හැක්කේ 1999 අංක 37 දරණ නඩත්තු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සහන අයැදීමයි. එහි සඳහන් පරිපෝෂණය කිරීමේ නෛතික යුතුකම අනුව වත්කම් ඇති කලත්‍රයකු විසින් වත්කම් නැති කලත්‍රයකු නඩත්තු කිරීම පැහැර හළ විට නඩත්තු නියෝගයක් දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇත.

අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්ව සිටීම අනාචාරයේ යෙදීම යන කරුණු එකී හිමිකම අහෝසි වීමට හේතු වේ. එම පනතේ 10 හා 11 වගන්ති ප්‍රකාරය ලිඛිත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මඟින් එකී ඉල්ලීම කළ හැකි අතර, ඉල්ලීමේ දෝෂ සහගත භාවයන් මත කිසිදු අධිකරණයකින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතු බවට ද විධිවිධාන යොදා ඇත. එම පනතේ 12 (02) වගන්ති ප්‍රකාරව විත්තිකරු අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහු නොමැතිව විමසීම පැවැත්විය හැකි අතර එහිදී කරන නියෝගයකට එරෙහිව අභියාචනයක් කළ ද නඩත්තු ගෙවීම නතර නොවන බව නඩත්තු පනතේ 14 වන වගන්ති ප්‍රකාරව කියවේ.

නඩත්තු ගෙවීම පැහැර හරින තැනැත්තා පදිංචි අධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ හැකි අතර, එකී පනතේ 4 වන වගන්ති ප්‍රකාරව භාරකරුට ඉල්ලුම්කරුවන්ට හා දරුවන්ට ඇති අයිතිය ද ප්‍රකාශ කර ඇත. 99 අංක 37 නඩත්තු පනතේ 2 (2) වගන්ති ප්‍රකාරව වියපත් දරුවෙකු හෙවත් වයස අවුරුදු 18 – 25 අතර දරුවන්ටද නඩත්තු ලබාගැනීමේ හැකියාව තිබේ.

වගඋත්තරකරුගේ වැටුප තහනම් කිරීම නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීම, වැටුප් තහනම් කිරීමේ නියෝගයකට අවනත නොවන සේවා යෝජකයන්ට දඩ ගැසීම මඟින් දඬුවම් කිරීම ද තැපැල් කාර්යාල හා බැංකු මඟින් නියමිත නඩත්තු මුදල් අය කර ගැනීම සඳහා ද ප්‍රතිපාදන සලස්වා ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වූ තැනැත්තියකට ක්වායි මණ්ඩල අධිකරණ මඟින් නියෝගයක් ගත හැකි අතර වග උත්තරකරු එකී නියෝගයකට අවනත නොවුවහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කර එය ක්‍රියාත්මක කරගත හැකි ය.

සැමියා විසින් බිරියට කරන ශාරීරික හා මානසික වධ හිංසාවලදී ඇයට පිහිට ලැබිය හැකි ය. එවැනි විටෙක අපරාධ නීතිය මෙන් ම සිවිල් නඩු විධාන නීතිය මඟින් ගත හැකි සහන රැසකි‍.

සිවිල් හා අපරාධ නීතිය යටතේ බිරියකට සහන අයැදිය හැකි අවස්ථා ගණනාවකි.

ශාරීරික වධ හිංසාවට හා ශාරීරික වධහිංසා කිරීමට බිය ගැන්වීම, සාධාරණ හේතුවකින් තොරව ලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කිරීම, වගඋත්තරකරු සමාජ රෝගයකින් පෙළීම හෝ පැමිණිලිකාරිය ලිංගික හැසිරීම සඳහා යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටීම

අධිකරතර හා අපේක්ෂිත සාමාන්‍යයට වඩා ලිංගික හැසිරීම් සඳහා ඉල්ලීම් කිරීම , අසාමාන්‍ය හා අස්වාභාවික ලිංගික හැසිරීම, අඛණ්ඩව අසභ්‍ය වචන පාවිච්චිය හා බැණවැදීම, අඛණ්ඩ ශාරීරික හිංසා සමඟ අසභ්‍ය වචනයෙන් බැණවැදීම, සැමියාගේ යුතුකම් ඉටු නොකර පැහැර හැරීම, ඔරොත්තු නොදෙන තරමේ ‍බලහත්කාරකම් පෑම, තම බිරිය ලෙස පිළිගැනීමට වගඋත්තරකරු ප්‍රතික්ෂේප කිරීම, අන් අය ඉදිරියේ බි‍රිය අවඥාවට ලක් කිරීම, පදනමකින් තොරව චෝදනා නැඟීම, අනාචාරයේ හැසිරෙනවා යැයි බිරිය කෙරෙහි අස්ථාන චෝදනා නැඟීම, වගඋත්තරකරු අන් පිරිමින් සමඟ අසාමාන්‍ය ලිංගික සබඳතා පැවැත්වීම, අනාචාරයේ හැසිරීම. මේවායින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේද 16 යටතේ ක්‍රියා කළ හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 483 ප්‍රකාරව සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පුළුවන. බලහත්කාරකම් සෑම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 අනුව ක්‍රියා කළ හැකි ය.

එසේ ම ව්‍යවස්ථාදායකය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අවම කර, සාමය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත හඳුන්වා දෙන ලදී.

බිරියකට නොසලකා හරින අවස්ථාවක සිවිල් නීතිය යටතේ ද පිහිට පැතිය හැකිය. ඉන් ප්‍රධානම සහනය නම්, දික්කසාදයක් සඳහා නඩු පැවරීමට ඇති හිමිකමයි. කැමැත්තෙන්ම විවාහය, සම්පූර්ණ කිරීමට වගඋත්තරකරු පැහැර හරින අවස්ථාවකදී ක්‍රියා කළ හැකි වන්නේ නීතිය අනුව දික්කසාද නඩු නිමිත්ත ලෙස සලකන ද්වේෂ සහගත ලෙස අතහැර යෑම.

මේ අනුව අපරාධ නීතිය මෙන් ම සිවිල් නීතිය යටතේ ද අගතියට පත් බිරියකට විවිධ සහන පැතිය හැකි බව පෙනී යන නමුත් ඇතැම් නීති වර්තමාන ප්‍රායෝගික තත්ත්වයන් අනුව ව්‍යවස්ථාදායකය විසින් යළි සලකා බැලිය යුතු වේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ

Courtesy - Silumina

Wednesday, October 12, 2016

‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට යයි

ඉංග්‍රීසියෙන් කතාබහ කරන අතරතුර වුවද, ලාංකිකයන් විසින් පුරුද්දට මෙන් ‘අයියෝ’ යන වචනය භාවිතා කරන අයුරු බොහෝවිට ඔබ අසා ඇති.

සාමාන්‍යයෙන් නම් එය ශුද්ධ ඉංග්‍රීසි භාවිතයට සිදුකරන හානියක් ලෙස සැලකෙන නමුත්, මේ වන විට එම හානිය මැකී ගොස් අවසන් ය.

ඒ, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පසුගියදා එකතු වූ නව වචන කිහිපය අතරට ‘අයියෝ’ යන වචනයද එක්වී තිබීම හේතුවෙනි.

‘අයියෝ’ යන වචනය සිංහල භාෂාව හසුරවන්නන් මෙන්ම දකුණු ඉන්දීය ජාතිකයන් විසින් නිරන්තරයෙන්ම භාවිතා කරන්නකි.

වසර 150ක් පැරණි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට වචන 600,000ක් පමණ ඇතුළත් වේ.

මහාචාර්යවරයෙකුගේ කාර්යභාරය කුමක්‌ද?

වෝල්ටර් නොල්
ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්ය
කානගී මෙලන් විශ්වවිද්‍යාලය

අනුවාදය
මහාචාර්ය රාඡ් සෝමදේව
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය


වෝල්ටර් නොල් ඇමෙරිකාවේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබ`ද සම්මානිත මහාචාර්යවරයෙකි. 1925 වසරේ ජර්මනියේදී උපන් ඔහු 1954 වර්ෂයේදී ඉන්දියානා විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබ`ද ආචාර්ය උපාධිය දිනා ගත්තේය. කීර්තිමත් ගණිතඥයෙකු වූ මහාචාර්ය ක්‌ලිර්ඩ් ට්‌රූස්‌ඩේල්ගේ උපදේශකත්වයෙන් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයේ ශීර්ෂය වූයේ On the Continuity of the Solid and Fluid States යන්නයි. 2012 පීසා යන විශ්වවිද්‍යාලවල ගණිතය පිළිබ`ද ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

මහාචාර්යවරුන්ට තමන්ගේ කාර්යභාරය කුමක්‌ද යන්න ගැන මනා වැටහීමක්‌ ලබා දීමට උදව් වීම පමණක්‌ නොව පුළුල් වශයෙන් ඒ කාර්යභාරය ඇගයීමට මහජනයාට උපකාරයක්‌ ලබා දීම ද මෙම ලිපියේ අරමුණයි. ගණිතය පිළිබ`ද මහාචාර්යවරයෙකුගේ දැක්‌මකින් යුතුව රචනා කළ ද කවර ක්‌ෂේත්‍රයකට අයත් මහාචාර්යවරයෙකුට වුව ද මෙම ලිපිය අදාළ වන බව නිසැක ය.

ජීවත්වීම උදෙසා මා විසින් කුමක්‌ කළ යුතුද යන පැනය මම මගෙන්ම අසා සිටින විට, මා මහාචාර්යවරයෙකු ය යන පිළිතුර මට ලැබේ. ඒ අනුව ඊළ`ගට නැගෙන අනිවාර්ය ප්‍රශ්නය වන්නේ මහාචාර්යවරයෙකු ලෙස මා කරන්නේ කුමක්‌ද යන්නයි. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මහාචාර්යවරයෙකු යනු සම්භාවනාවට පත් ගුරුවරයෙකු බවයි. විශ්වවිද්‍යාල පරිපාලනය මගෙන් බලාපොරොත්තු වන්නේ ද පර්යේෂණ කිරීම සහ ඉගැන්වීම ය. අධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයෙකු ලෙස මගෙන් ඉටු විය යුතු= වැදගත්ම කටයුතු ලෙස ඔවුන් විසින් සලකන්නේ ද ඒවායි. සමහර අවස්‌ථාවල මම කාලය ගත කරන අන්දම ගැන මම මගෙන්ම ප්‍රශ්නාවලියක්‌ විචාරමි. මම මගේ කාලයෙන් කුමන ප්‍රතිශතයක්‌ ඉගැන්වීමට යොදවන්නේද? කුමන ප්‍රතිශතයක්‌ පර්යේෂණ කටයුතු ස`දහා යොදවන්නේද? යනු එවැනි ප්‍රශ්න කිහිපයකි. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මම මහත් අපහසුතාවට පත් වෙමි. මෑතකදී මා විසින් අවබෝධ කර ගන්නා ලද්දේ අඩුම තරමින් මා ඉගැන්වීමේ කටයුතුවල හෝ පර්යේෂණ කටයුතුවල හෝ නොයෙදෙන බවයි. ඒ වෙනුවට මා විසින් කරනු ලබන්නේ මගේ ශික්‌ෂණය එනම් ගණිතයට අයත් දැනුම සමායෝජනය කිරීමයි. ගුරුවරයෙකුත්, පර්යේෂකයකුත්, නියමානුකූල මහාචාර්යවරයෙකුත් අතර පැහැදිලි වෙනස්‌කම් තිබේ. ඒවා මොනවාදැයි පැහැදිලි කිරීමට මම දැන් අවකාශය ලබා ගනිමි.

ගුරුවරයෙකුගේ මූලික අවධානය වන්නේ ඔහුගේ හෝ ඇයගේ ශිෂ්‍යයන් ය. එහිදී ගුරුවරයාගේ කාර්යය වන්නේ සිය ශිෂ්‍යයන්ට නිශ්චිත දැනුමක්‌ ලබාදීමත් එසේ දැනුම ලබා දීමට වඩාත්ම සුදුසු ක්‍රමය ගැන සැලකිලිමත්වීමත්ය. සාමාන්‍යයෙන් සිය විෂය නිර්දේශ සහ පෙළපොත් ඔහු අනුගමනය කරයි. ගුරුවරයාට බොහෝ සෙයින් වැදගත් වන්නේ සිය ශිෂ්‍යයින්ට ගෙදර වැඩ ලබා දීමත් ශිෂ්‍යයන් කොපමණ සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන ගොස්‌ තිබේද යන කාරණය මැන ගැනීමට වාර පරීක්‌ෂණ සංවිධානය කිරීමත්ය. ශිෂ්‍යයින් තමා ගැනත් තමාගේ ඉගැන්වීම් ගැනත්, කුමක්‌ සිතන්නේද යන කාරණය ගැනත්, ඔහු විසින් සිය අවධානය යොමු කරයි. ඔහු සිය ශිෂ්‍යයින් ගැන අනුකම්පා සහගත වන අතර ඔවුන් ලබා ගන්නා ලකුණු ගැන නිරන්තරයෙන්ම සංවේදී ය.

මහාචාර්යවරයකුගේ නිරන්තර අවධානය වන්නේ ඔහුගේ ශික්‌ෂණයයි. ඔහු ජීවත් වන්නේ ඒ තුළයි. සයනයේ වැතිර සිටින අවස්‌ථාවක දී හෝ ඉන් නැඟීසිටින අවස්‌ථාවකදී හෝ විශ්වවිද්‍යාලයේ නිවාඩු සමයකදී හෝ වේවා ඉන් ඈත්වීම ඔහුට පහසුවෙන් කළ නොහැක්‌කකි. තම විෂයට අදාළව දේශන පවත්වන සෑම අවස්‌ථාවකදීම ඔහු සිය විෂය සිය මනස තුළ ප්‍රතිනිර්මාණය කිරීමට වෑයම් කරයි පාඨමාලා ආරම්භ වන අවස්‌ථාවලදී බොහෝ විට ඒවා ආරම්භ කළ යුත්තේ කොතැනකින්ද? තමා විසින් අදාළ ඉගැන්වීම්වලදී කරුණු ඉදිරිපත් කළ යුත්තේ නියත වශයෙන්ම කෙලෙසකද? සහ කුමන අනුපිළිවෙළකටද? යන්න ගැන අවබෝධයක්‌ ලබා ගැනීමට හැකියාවක්‌ ඔහුට නැත. පාඨමාලාව මැදදී පවා ඊට ඉදිරිපත් කළ යුතු කරුණු අලුතින් එකතු කිරීමටත්, තිබෙන කරුණු ඉවත් කිරීමටත් ඔහු ඔහුගේ සිත වෙනස්‌ කරයි. ඔහු නිරන්තරයෙන් වෑයම් කරන්නේ තමාගේ පාඨමාලාවට නව ප්‍රවේශයක්‌ ලබා දීමටත්, වඩාත්ම සුදුසු දැක්‌මක්‌ ඒ වෙත ආරෝපණය කිරීමටත් ය. ඔහු කිසිදිනෙක එකම පාඨමාලාවක්‌ එකම ආකාරයකට දෙවරක්‌ ඉදිරිපත් නොකරයි. එය ඔහුට දැනෙන්නේ විෂය නිර්දේශ සහ පාඨග්‍රන්ථ පරිශීලනයට යොමුවීමේ සාපයක්‌ ලෙසයි. ඔහුගේ උත්සාහයන් අගය කරන ඇතැම් සිසුන් කෙරෙහි ඔහු පැහැදීමක්‌ ඇති කර ගනී. එසේ වුව ද ගෙදරවැඩ, විභාග සහ ලකුණු සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන්නේ ඒවා වැඩකට නැති දේවල්ය යන හැ`ගීමයි. බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයකු වූ ජී.එච්. හාර්ඩි විසින් zගණිතඥයකුගේ පසුතැවීමZ නම් වූ සිය කෘතියේ ස`දහන් කරන පරිදි 

.............. "ඇත්තෙන්ම ඉගැන්වීම යනු මට මහත් වධයකි. මා එය කරන්නේ ඉතාමත් සුළු වශයෙනි. මම දේශන පැවැත්වීමට කැමැති නමුත් මා වැඩි වශයෙන් එය කරන්නේ කුසලතාපූර්ණ ළමුන් සිටින පන්තිවලට ය..............

පර්යේෂකයකුගේ අවධානය රැ`දී තිබෙන්නේ අලුත් ප්‍රතිඵල සොයා ගැනීම වෙත ය. ඔහු නවදැනුම නිර්මාණය කරන්නෙකි. ඔහුට නපුරු සිහිනයක්‌ වන්නේ තමන්ගේ පර්යේෂණ අතරම`ග නතර කිSරීමට සිදු වීමත්, තමන් සොයා ගන්නට ප්‍රථම වෙනත් කෙනෙකු විසින් තමන් සොයන දේ අනාවරණය කිරීමත්ය. ප්‍රමුඛතාව ඔහුට අතිශයින් වැදගත් වන අතර ඒ නිසාම ඔහු ඇතැම් විට තමන්ගේ සොයා ගැනීම් තමන්ගේ අදහස්‌ පරිණත වන තුරු නොසිට ප්‍රකාශනයට පත්කිරීමට පවා යුහුසුළු වෙයි. 

අනෙක්‌ අතට මහාචාර්යවරයෙකුගේ අවධානය යොමු වන්නේ තමන්ගේ විෂයයට අදාළව කරුණු වටහා ගැනීම, යම් යම් දැක්‌ම ඊට ආදේශ කිරීම, ඒවායේ වැදගත්කම විනිශ්චය කිරීම සහ දැනුම සංවිධානය තිරීමයි. හො`දින් අවබෝධ කර නොගත්, එමෙන්ම දිරවා ගත නොහැකි, දිනෙන් දින ගොඩගැසෙන නව පර්යේෂණ ප්‍රතිඵල ඔහුට හිසරදයකි. වඩා පුළුල් සන්දර්භයකට ඒවා ගලපා ගන්නා තුරු ඔහු ඉන් සතුටට පත් නොවේ. ඔහු වඩාත් සෑහීමකට පත් වන්නේ පර්යේෂකයින් විසින් අනාවරණය කරන ප්‍රතිඵල සරල කොට අනතුරුව ඒවා එක්‌සත් කොට නව සංකල්පීය රාමුවකට ආබද්ධ කිරීමෙනි. ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහු තමන්ගේ අදහස්‌වලට පරිණත වන්නට අවකාශ ලබා දෙයි. ප්‍රමුඛතාව යනු ඔහුට අදාළ වන දෙයක්‌ නොවේ.

ඉහතින් විස්‌තර කළ ආකාරයට මා ඇතුළු මගේ සමසහචරයින්, ගුරුවරු, පර්යේෂකයින් සහ මහාචාර්යවරුන් ලෙස සැලකිය හැකි අයයි. ඒ අතරින් බොහෝ දෙනා උසස්‌ මහාචාර්යවරුන් ය. නමුත් ඇතැම්දෙනා ප්‍රමාණවත් තරමේ ගුරුවරුන්ය. එසේ නොවේ නම් සෑහීමකට පත්විය හැකි අන්දමේ පර්යේෂකයින් ය. මා දන්නා තරමින් මේ තුන් ඉරියව්වෙන්ම සමත්කම් දක්‌වන්නේ කලාතුරකින් එකම එක්‌ අයෙකු පමණි.

මගේ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කර තිබෙන පීඨ අත්පොතේ අධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ zතනතුරුවලට බ`දවා ගැනීම ස`දහා වන කොන්දේසිZ යන කොටසේ මා ඉහතින් ස`දහන් කළ ආකාරයට තමන්ට අදාළ විෂය සම්බන්ධයෙන් දැනුම ගොඩනැඟීමට අදාළ වන සුදුසුකම් කිසිවක්‌ ඇතුළත්ව නැත. සාමාන්‍යයෙන් එවැනි සුදුසුකම්වලට විශ්වවිද්‍යාලවල දැන් පිළිගැනීමක්‌ ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍රාලීය සම්ප්‍රදාය තුළ ගෞරවයට ලක්‌ වන්නේ පර්යේෂකයින් සහ හො`ද ගුරුවරුන් පමණි. මා විශ්වාස කරන්නේ මේ තත්ත්වය මගින් අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි බවයි.

පර්යේෂණ මත ගොනු වී තිබෙන අවධානය කෙළවර වන්නේ අප කවුරුත් හො`දින් දන්නා තත්ත්වයක්‌ වන ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම යන ස්‌ථාවරයෙනි. පර්යේෂණ මගින් එහි යෙදෙන්නා අතිධාවනකාරී විශේෂඥතාවකට පත් කරයි. තරුණ ආචාර්යවරුන් සිය උසස්‌වීම් ලබා ගැනීමට ඉදිරිපත් කරන නිර්දේශ ලිපිවල ඔවුන් ගැන ස`දහන් කර තිබෙන්නේ මොහු අදාළ විෂයයට සිටින හො`දම කිහිපදෙනාගෙන් කෙනෙකු බවයි. නමුත් සමහර විට ඔහුගේ විෂයය ලෝකයේ කිහිපදෙනෙකු විසින් ප්‍රගුණ කර ඇති සීමිත පටු ශික්‌ෂණයක්‌ විය හැකියි. අනෙක්‌ අතට සමහර තරුණ ආචාර්යවරුන් විසින් සොයා ගන්නා නව ප්‍රතිඵල තේරුම් ගැනීමට සමත් වන්නේ ඔවුන්ගේ විෂයපථයට පරිබාහිර සමාජයේ කිහිපදෙනෙකු පමණි. ගණිතය විෂයය සම්බන්ධයෙන් නව ප්‍රතිඵල අඩංගු කොට රචනා වන යම් ලියෑවිල්ලක්‌ කෙතරම් අපැහැදිලි වුවත් කෙතරම් නොවැදගත් වුවත් එය ප්‍රකාශයට පත් කර ගැනීම පහසුය. බොහෝ අවස්‌ථාවල නවදැක්‌මක්‌ සහිත රචනයක්‌ ප්‍රතික්‌ෂේප වෙයි. ඊට හේතුව එහි නවප්‍රතිඵල අන්තර්ගත නොවීමයි.

විශ්වවිද්‍යාල පීඨවල පාඨමාලා ඇගයීම් පොදු වැදගත්කමකට ලක්‌ වීමත් සමඟ තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝදෙනෙකු පොලඹවා තිබෙන්නේ සිය මූලික අවධානය ඉගැන්වීම් කටයුතු වෙත යොමු කිරීමටය. මෙමගින් ඉඩ සැලසෙන්නේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිරිහීමටත්, ශ්‍රේණි ලබා ගැනීම සම්බන්ධයෙන් ශිෂ්‍යයින් අතර උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇති වීමටත් ය. බොහෝමයක්‌ ශිෂ්‍යයින් ගුරුවරයෙකු සහ මහාචාර්යවරයෙකු අතර පවතින වෙනස වටහාගෙන නැත. ඔවුන් සිතන්නේ විශ්වද්‍යාලය සිය පාසැල් ජීවිතයට සමාන එකක්‌ වනු ඇත කියායි. විශ්වවිද්‍යාලය තුළ තමන්ගේ ගුරුවරයා තමන්ම බව ඔවුන් දන්නේ නැත.

පර්යේෂණ සහ ඉගැන්වීම වෙත තල්ලු වී යාම වනාහි සමහර විට එක්‌ අතකින් හා අඩුම තරමින් ආර්ථික අපේක්‌ෂා මුල් වූවක්‌ විය හැකියි. පර්යේෂණ අරමුදල් ලබා ගැනීමේ අරමුණු මත පොරබදන්නට ආචාර්යවරුන් උසිගන්වා තිබේ. පර්යේෂණ අරමුදල් ලබා දෙන ආයතන විසින් ඉල්ලා සිටින්නේ සුවිශේෂී නවප්‍රතිඵල අන්තර්ගත පර්යේෂණ යෝජනාවලීන්ය. ඇතැම් දෙමවුපියන්ගේ අපේක්‌ෂා සම්බන්ධයෙන් එතරම් සාධාරණ නොවූවත් විශ්වවිද්‍යාල සිය ප්‍රධාන ඉලක්‌කය ලෙස ඉගැන්වීම වෙත තල්ලුවීමේ ප්‍රවණතාව ගැන කැමීලා පැග්ලියා විසින් 1992 මැයි මාසයේදී ටයිම්ස්‌ ලිටරරි සප්ලිමන්ට්‌ වෙත කළ ප්‍රකාශයේ යම් සත්‍යතාවක්‌ ගැබ්ව තිබේ.

........... වියදම් ඉහළ යන විට විශ්වවිද්‍යාල දෙමව්පියන් සමඟ තදින් වාණිජ සබ`දතාවල පටලැවේ. එහිදී බුද්ධිමය අරමුණු විශ්වවිද්‍යාල තුළ මුලුගැන්වෙමින් ශිෂ්‍යයින්ට සිය දෙමවුපියන් සමග ආනන්දකර සමයක්‌ උදා කරයි.......

අපට අවශ්‍ය වන්නේ ගුරුවරුන් සහ පර්යේෂකයින් පමණක්‌ යෑයි කෙනෙකු විසින් පැවසීමට ඉඩ තිබේ. මම ඊට එක`ග නොවෙමි. මක්‌නිසාද යත් මහාචාර්යවරයෙකු යනු ගුරුවරයාත් පර්යේෂකයාත් අතර සිටින අතරමැදියෙකු වන නිසාය.

මහාචාර්යවරයෙකුගේ බලපෑම නොවන්නට ගුරුවරයාගේ විෂය නිර්දේශය කල් ඉකුත් වූ අජීව දෙයක්‌ බවට පත් වීම නොවැළැක්‌විය හැක්‌කකි. වර්තමානයේ පවා විශ්වද්‍යාලවල ගණිත විෂයයට අදාළ මූලික පාඨමාලා එල්ල කර ලියෑවෙන බොහෝමයක්‌ පාඨ ග්‍රන්ථ ඒ විෂයයන් ගැන නිවැරදි අවබෝධයක්‌ නොමැති අය විසින් කර ඇති නොගැඹුරු රචනාය. ඉගැන්වීම ස`දහා එවැනි පොත් භාවිත කරන ආචාර්යවරුන්ට එපමණවත් ඒ ගැන අවබෝධයක්‌ නැත. නමුත් එවැනි පොත් වාණිජ වශයෙන් සාර්ථකත්වයක්‌ ලබා ගන්නේ පිළිගත් අධ්‍යාපනඥයින් විසින් ප්‍රසිද්ධිය පතා ඒවාට නිකුත් කර තිබෙන රැවටිලිකාර පණිවිඩ නිසා ය. එවැනි පාඨග්‍රන්ථ ලියා ගෞරවයට ලක්‌ වීමේ අරමුණක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තිබිය නොහැකිය.

මහාචාර්යවරයෙකුට සවන් නොදෙන තාක්‌ කල් පර්යේෂකයෙකු තමන්ගේ ශික්‌ෂණයෙන් පරිබාහිර වෙනත් විද්‍යාවන් සමග කිසිදු සබඳතවක්‌ ගොඩනඟා ගත නොහැකි පටු විශේෂඥයෙකු බවට පත්වීම අනිවාර්ය වේ. පර්යේෂකයෙකු විසින් සොයා ගන්නා ප්‍රතිඵල මහාචාර්යවරයෙකු විසින් විවේචනාත්මක ලෙස පරීක්‌ෂා කොට අනතුරුව පිළිවෙළගත කොට ඒකාබද්ධ රාමුවකට ගලපන තෙක්‌ ඒවාට තිබෙන වටිනාකම අල්පය.

මහාචාර්යවරයෙකු තුළ සිය විෂයය පිළිබ`ද තිබෙන ඇලමට සමාන වන අන්දමේ ඇල්මක්‌ තමන් උගන්වන විෂයය වෙත ඇති කර ගැනීමෙන් තොරව කෙනෙකුට හො`ද ගුරුවරයෙක්‌ විය නොහැකි බව මගේ විශ්වාසයයි. ද්විතීයික අධ්‍යාපනය ලබා දෙන අපේ පාසල්වල ගණිතය උගන්වන ගුරුවරුන් අතර එවැනි පෙළඹවීමක්‌ ඇති අය සිටින්නේ සුළුතරයකි. එමෙන්ම මගේ තවත් විශ්වාසයක්‌ වන්නේ පර්යේෂකයා ද තරමක්‌ හෝ දුරට මහාචාර්යවරයෙකු කල්පනා කරන ආකාරයට සමගාමී වීම වැදගත් වන බවයි. මක්‌නිසාද යත් තමන් සොයා ගන්නා නව ප්‍රතිඵල වඩා පුළුල් සන්දර්භයකට සම්බන්ධ කිරීමේ නිපුණතාව ඔහුට ලැබෙන්නේ එවිට ය.

Saturday, October 01, 2016

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි

පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා මෙහෙකාර සේවයෙන්” මුදවා ගැනීමයි. ඒ දිනය පිළිබඳ පුංචි ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ලෝක ළමා දිනය සැමරූ පළමුවෙනිදා වගේම පළමු ලෝක යුද්ධයද අපට අමතක කරන්න බැහැ. 1914 දී ඇරඹුණු ලෝක යුද්ධය 1918 දී අවසන් වුණේ ලෝකයටම මහත් විනාශයක් සිදුකරමින්ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුණා. මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අබාධිත වුණා. මෙයින් විශාලම හානිය වූයේ කුඩා දරුවන්ටයි.

දරුවන්ට වූ හානිය සලකා 1923 දී “එග්ලන්ටයින් ජෙබි” මහත්මිය සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයෙන් වගන්ති 5 න් යුතු ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහි වුණා. 1924 වසරේදී මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කි‍්‍රයාත්මක ප‍්‍රකාශයක් ආකාරයට පිළිගත්තා. මෙහි මූලිකම අරමුණ වූයේ ළමයින්ට රැකවරණය හා විශේෂ සැලකිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවයයි.නමුත් ලෝක යුද්ධය අවසාන වූයේ නැත. 1939 නැවත ලෝක යුද්ධය ආරම්භ වී එයින් දරුවන්ට විශාල හානියක් සිදු වුණා. ඉන්පසු නැවතත් 1945 වන විට නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අළුතින් බිහිවුණා. 1959 දී මෙම සංවිධානය විසින් වගන්ති 10 න් සෑදී තිබූ ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවන ප‍්‍රකාශය පිළිගනු ලැබුවා. 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කරන්න අවශ්‍ය කටයුතු යෙදුනා. එක්සත් ජාතින්ගේ මංඩලය එය පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර නීතියක් ලෙස බලගැන්වූයේ 1990 දෙසැම්බර් 20 දාය. මේ සඳහා 1991 ජූලි 12 වනදා ලංකාවත් අත්සන් තැබුවා. ඒ තමයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වූ ආකාරය.වර්ෂයක් පාසා මෙම දිනය අපේ රටේද සැමරුවත් ළමා මෙහෙකාර සේවය අපරටේ ද දක්නට ලැබෙනවා. පුංචි ළමයින්ගේ ප‍්‍රධාන අයිතිවාසිකම් වන අධ්‍යාපනය මේ හේතුව නිසා ඔවුන්ට අහිමි වි තිබෙනවා. දියුණ‍්‍ර රටවල දරුවන්ගෙන් සියයට 98 - සියයට 99 ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරනවා.

නමුත් අපේ රටේ මේ අයිතිවාසිකම් හිමිව ඇත්තේ සියයට 12 වැනි සංඛ්‍යාවකටයි. මෙයට හේතුව වී ඇත්තේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීමයි. එයට හේතුව නම් දෙමව්පියන්ගේ රැකවරණය දරුවන්ට නොලැබී යාමත් පවතින ආර්ථික අපහසුතාවයත්ය. මෙම තත්ත්වය මඟහරවා ගන්න පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් රැසක් ඉටු කරන්න පුළුවන්. ඔබේ නිවසේත් එවැනි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇත්නම් ඒ බව ඔබේ දෙමාපියන්ට පහදා දෙන්න. එමෙන්ම ඔබට හැකි පමණින් දිළිඳු හිත මිතුරන් සඳහා උදව් උපකාර කරන්න. එසේ වෙනවිට ළමයින්ගේ ලෝකය සුන්දර වේවි. සෑම කෙනෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවේවි. ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොවී හැමදාමත් සුන්දර වේවි.

දීපානි ප‍්‍රියංගිකා අත්තනායක

ළමා ලෝකයෙන් පිටමං කළ ළමා දිනය කොයිබටද?

අද සමාජමය වශයෙන් ගත්කල දරුවන්ගෙන් තොර ලෝකය, උදාසීන ලෝකයක්‌ වන අතර එය නීරස ලෝකයක්‌ බවට ද පත් වේ. නිතරම දරුවන්, ලෝකය ලස්‌සන කරති. බබලවති. අප සියලු දෙනාම යම්කිසි කාලයක්‌ දරුවන් සේ ගත කර ඇති අතර අද වන විට වැඩිහිටියන් බවට පත් වී තිබේ. මේ නිසා ඔබ අප සියලු දෙනාම ළමා ලෝකයේ සුන්දරත්වය අත්විඳ ඇති බවට නො අනුමානය. 

නමුත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන වාර්තා පරීක්‍ෂා කිරීමේදී පැහැදිලිව ම පෙනෙන දෙයක්‌ වන්නේ, නාගරික ප්‍රදේශවලින්, පාසල් යන වයසේ පසවන දුගීභාවයෙන් පෙළෙන දරුවන් සීග්‍රයෙන් පාසලෙන් ඇද හැලීමකට ලක්‌වන බවයි. මෙම තත්ත්වය අනාගත ලෝකය සම්බන්ධයෙන් ඉතාමත් ම ශෝකජනක තත්ත්වයක්‌ උදා කරයි. වර්තමාන දරුවා අධ්‍යාපනයෙන් ගිලිහෙනවා යනු, ඔහු සමස්‌ත ප්‍රජාවටම අනාගතයේ දී මහත් ගැටලුවක්‌ වන බැවිනි. එයිනුත් විශේෂයෙන් ම අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවලින් මෙම තත්ත්වය තවත් හොඳින් පෙනෙනු ඇත. මේ සඳහා කුමන හේතු සාධක බලපාන්නේ ද? මෙම තත්ත්වයට වගකිව යුත්තෝ කවරහුද? මෙම දරුවන්ගේ අනාගත ලෝකයේ වගකීම් භාර ගන්නෝ කවුරුද? යනාදී වශයෙන් පිළිතුරු සෙවීමට පවා අපහසු ගැටලු උද්ගත වේ.

ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්‌තෝම්බර් 01 වන දින මුළු මහත් විශ්වය පුරාම ජීවත් වන දරුවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් කැප කර තිබේ. එසේ ම මෙම දිනය ලොව පුරා ජීවත් වන බොහෝ දරුවනට විරුද්ධව පැනනගින ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය, පාසල් ප්‍රචණ්‌ඩත්වය, මෙන්ම සමාජමය වශයෙන් පැනනගින සමාජ ප්‍රචණ්‌ඩත්වය වැනි සංසිද්ධීන් අවම කර ගැනීමේ අදිටනින් සමරනු ලැබේ. උදාහරණ වශයෙන් එක්‌සත් ජාතීන්ගේ 2014 වාර්තාවලට අනුව ලොව පුරා ජීවත් වන මිලියනකට වඩා අධික ළමයින්ට ප්‍රකාශයට පත් නොවූ විවිධ වර්ගයේ, විවිධ මට්‌ටමේ ප්‍රචණ්‌ඩත්වය ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම ලොව පුරා අධික දරිද්‍රතාවයෙන් පෙළෙන තුන්වන ලෝකයේ රටවල නිර්ධනය පංතික බොහෝ දරුවන් ධනපති පංතියේ නිවාසවල ගෘහ මෙහෙකාරකම්වලට යොදාගෙන තිබේ. මෙම තත්ත්වය ඉන්දියාව, පාකිස්‌ථානය මෙන්ම බංගලාදේශය වැනි රටවල ද කැපී පෙනෙන තත්ත්වයක්‌ බවට පත් වී තිබේ. එසේම මේ ආකාරයෙන් ම ධනේෂ්වර පංතියේ ගෘහස්‌ථයන් වල මෙහෙකාරකම් වල නිරතවන අහිංසක නිර්ධන පංතික දරුවන් ඇතැම් අවස්‌ථාවල ලිංගික අපයෝජනයන්ට පවා ලක්‌ වන බව ද නොරහසකි. නමුත් ඔවුන්ගේ අසරණකම් මත මෙම තත්වයන් යටපත් වී ඇති අතර, වැඩිහිටි සමාජය මගින් මෙම තත්ත්වයන් නොසලකා සිටීමේ ප්‍රවනතාවයක්‌ ද පවතී. මෙම තත්වය අතිශයෙන්ම ෙ€දවාචකයකි.

මෙහිලා විශේෂයෙන් ම කිවයුතු කාරණයක්‌ වන්නේ, නාගරික දරිද්‍රතාවය මෙම ගැටලුව හා තදින් බැඳී පවතින බවයි. එදා ආහාර වේල සපයා ගැනීමට නොහැකි දෙමාපියන් තම දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කුමන වැඩපිළිවෙළකට යන්නේ ද? මේ සම්බන්ධයෙන් පිළිතුරු සොයා යාමේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක දෙමාපියන් තම දරුවන් ලවා යම් මුදලක්‌ සපයා ගැනීමේ අරමුණින් නීති විරෝධී රැකියාවල පවා දරුවෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදවති. මුදලට ගිජු අහිංසක හය හතර නොතේරෙන දරුවන් ඔවුන් අධ්‍යාපනය ලැබිය යුතු කාලය තුළ රැකියාවල නිරත වීමට යැම නිසා පාසල් කාලය මුළුමනින්ම ගිලිහෙන බව නොරහසකි. මේ නිසා බුද්ධිය නොවැඩී ශරීරිකව පමණක්‌ වර්ධනය වන දරුවන් පසු කාලයේ දී නීති විරෝධී 

රැකියාවල නිරතවනවාට අමතරව සමාජය අපේක්‍ෂා නොකරන සමාජ අපගාමීන් බවට පත්වේ. 

විශේෂයෙන්ම අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් පාසලට පැමිණෙන දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පාසල් පද්ධතිය තුළදීම කොපමණ ප්‍රමාණයකින් වැඩිහිටි ගුරුවරුන්ගේ අතින් උල්ලංඝනයවේද? අධ්‍යාපනයේ පරමාර්ථ අතර මුඛය පරමාර්ථය වන්නේ දරුවාගේ ළමා පෞරුෂත්වය සමාජයට හිතකර අයුරින් මැනවින් හැඩගස්‌සවාලීමයි. ප්‍රකට අධ්‍යාපනඥයකු වූ බෙන්ජබින් බ්ලුම් විසින් පැහැදිලි කර දෙනු ලැබූ ආකාරයට දරුවාගේ පෞරුෂත්වය ප්‍රජාණන, ආවේදනික සහ මනෝවාලක ක්‍රියාවලින්ගෙන් පරිපූර්ණ ආකාරයට වර්ධනය කිරීම පාසල් පද්ධතිය මගින් බලාපොරොත්තුවේ. එය අද ඉටුවේද? ඉටුවේ නම් කොපමණ ප්‍රමාණයකින් ද? මඳක්‌ සිතා බලන්න. විෂය නිර්දේශවල පෘථුලත්වය නිසාම එය ආවරණය කිරීම පිළිබඳව විවිධ ගැටලුවලට මුහුණපාන ගුරුභවතුන් අද ළමයාගේ විෂය දැනුම වර්ධනය කරනවා මිස ළමා පෞරුෂත්වය වඩාත් ඔපමට්‌ටම් කිරීම කෙරෙහි අවධානය යොමු වන්නේ ඉතා අඩු මට්‌ටමින්ය. අප ඉගෙනගත් පාසලට වඩා අද දරුවන් ඉගෙනගන්නා පාසල අතිශයෙන්ම වෙනස්‌ය. සංකීර්ණය. දරුවන් පවා යාන්ත්‍රිකත්වයට භාජනය වී තිබේ. දරුවන්ගේ සිත්පිත් තුළින් ආදරය, කරුණාව දයාව ගිලිහී ගොස්‌ ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ හදවත් තුළට කිඳාබැස ඇත්තේ දැඩි ආත්මාර්ථකාමී අදහස්‌ය. 

අද දරුවන් නෑදැයන් හඳුනන්නේ නැත. නැදෑ ගෙවල්වලට යන්නේ ද නැත. නැදෑයෙකු ගෙදර පැමිණිය ද තම පාඩම්වලට යෙදෙනවා මිස තම කාමරයෙන් පිටතට පැමිණෙන්නේ ද නැත. පන්සලකට යන්නේ ද නැත. මේ නිසා දරුවන් මුළු මහත් සමාජයෙන්ම පරාරෝපණය (හුදකලා) වී ඇත. මෙම තත්ත්වය අතිශයෙන්ම හානිකර තත්වයකි. මේ නිසා අද දිනය දරුවන්ටම වෙන් වී ඇති බැවින් එවැනි තත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැඩිහිටි අප සැමගේම පරම යුතුකමක්‌ වන්නේය. විශේෂයෙන්ම ගුරුවරුන් අතින් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන විට ශිෂ්‍යාවන්ගේ සිත්වලින් පාසලට ඇති ආදරය අඩුවන අතර ගුරුවරයාගෙන් දුරස්‌වීමට පවා මෙම තත්වය හේතුවනු ඇත.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය තුළ දරුවාට තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. විශේෂයෙන් ම දෙමාපියන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් විසින් ළමයින් පිළිබඳව විවිධ ගැටලුකාරී තත්ත්වයන් තුළ දී ළමයින් පිළිබඳව තීරණ ගැනීමේ දී ඒ පිළිබඳව ළමයින්ට ද තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. ඒ පිළිබඳව වැඩිහිටියන් වන අප විසින් විශේෂ අවධානය යොමු කළ යුතු ය. එසේ ම ළමයාගේ කායික වර්ධනය මෙන් ම මානසික වර්ධනය පිළිබඳව ද දෙමවුපියන් දෙදෙනාම වගකීම් දැරිය යුතුයි. සෑමවිටම දරුවා වැරදි පාරේ යනවා නම් ඔහුට හෝ ඇයට නිසි මගට ගැනීමට දෙමාපියන් නිරන්තරයෙන් බැඳී සිටී.

දරුවන්ට දඬුවම් දීමේ දී එය හුදෙක්‌ ම කායික දඬුවම් මෙන් ම මානසික දඬුවම් ද විය හැකි ය. නමුත් මෙහිලා විශේෂයෙන් ම අවධාරණය කළ යුත්තේ කායික දඬුවමට වඩා හුදෙක්‌ මානසික දඬුවම වඩා දරුණු විය හැකි බවය. කායික දඬුවම් පැමිණවීම නිසා කායික වේදනාව හා තුවාල ඇතිවිය හැකි අතර දරුවා ලැඡ්ජාවට හා අවමානයට පත්වීම ද සිදුවේ. මීට අමතර ව අතුරුඵලයක්‌ ලෙස සාංකාව, ද්වේශය සහ වෛරය දරුවා තුළ ඇති කරයි. එසේ ම කුඩා කළ මෙවැනි උපද්‍රවවලට නතුවන දරුවන් බහුතරය වැඩිහිටියන් වූ පසුව සාමජ අපගාමී චර්යාවන්ට උරුමකම් කියන පුද්ගලයන් බවට පත්වේ. එසේ ම ඔවුන් වැඩිහිටියන් වූ පසුව තම දරුවන්ට ද ශාරීරිකව හා මානසිකව නොයකුත් වධහිංසා පමුණුවන්නන් බවට පත්වේ. මේ අතර ඇතැම් පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්වන අතර, ඇතැම් පුද්ගලයන් සමාජ අපගාමී ක්‍රියාවලට පත්වීම, සමාජ ප්‍රචණ්‌ඩත්වයට පත්වීම නිසා ඔවුන්ගේ අවසානය බොහෝ විට සිරගෙදරින් හමාර වේ. 

කිසියම් අවස්‌ථාවක දරුවකු වරදක්‌ කළ විට ඔහුව හෝ ඇයව සමච්චලයට ලක්‌ කිරීමෙන් වැළකිය යුතුය. මනෝ විද්‍යාවට අනුව බලන විට සමච්චලටය ලක්‌ කිරීමෙන් සිදුවන්නේ හුදෙක්‌ ම දැඩි මානසික කම්පනයකට පත්වීමෙන් එය පසුකාලීනව දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි ණාත්මක බලපෑම් ඇති කරන බව ය. මේ පිළිබඳව මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් පවා ඔහුගේ ග්‍රන්ථවල පැහැදිලි කර ඇත. සෑම ළමයකුටම තමාගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට අයිතියක්‌ ඇත. මේ නිසා ළමයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් අප හැසිරිය යුතු ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය දෙස අවධානය යොමු කිරීමේ තවත් zවැදගත් ම සාධකයක්‌ වන්නේ, ළමයාගේ ලෙඩ දුක්‌ පිළිබඳව නොසලකා හැරීම යි. අද ශ්‍රී ලංකාවේ ජීවන වියදම දිනෙන් දින වැඩි වන නිසා ශ්‍රී ලංකාවේ වැඩිහිටි සමාජයේ වැඩි පිරිසකට තම සේවා මුරයට අමතරව, අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් සවස 4න් පසුව පවා තම කාර්යාලයේ වැඩ කිරීමට සිදු වී ඇත. මෙහි දී යම්කිසි මුදලක්‌ තම වැටුපට එකතු වුවද තම දරුවන්ගේ ඕනෑ එපාකම් ලෙඩ දුක්‌ යනාදිය පිළිබඳව සොයා බැලීමට වේලාවක්‌ ඉතිරි වන්නේ නැත. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ තම දූ දරුවන්ගේ අසනීප තත්ත්වය නොසලකා හැරීම නිසා එම රෝග කාරකත්වයන් දිනෙන් දිනම උත්සන්න වීමයි. මෙම තත්ත්වය නිසා දරුවන් පීඩාවට පත් වන අතර ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වීම ද සිදුවේ. මෙම තත්ත්වයන් නාගරික සමාජවල නිර්ධන පන්තික පවුල්වල වැඩි වශයෙන් දක්‌නට ලැබෙන අතර, මධ්‍යම පාන්තික සමාජ පරිසරවල පවතින පවුල්වල ද දක්‌නට ලැබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මීළඟට වැදගත්ම සාධකය වන්නේ යම් යම් කරුණුවලදී ළමයාගේ ආත්ම විශ්වාසය පළුදු වන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකීම යි. අද සමාජය සංකීර්ණ බවින් පිරිපුන් නිසා ළමයින්ගේ චර්යාවන් පිළිබඳව සොයා බැලීමට දෙමාපියන්ට වේලාවක්‌ නැත. මින් ප්‍රයෝජන ගන්නා අහිංසක දරුවන් සමාජ සම්මතයට පටහැනි සමාජ ක්‍රියාවල නිරත වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන් අන් අය ඉදිරියේ සමච්චලයට වැඩිහිටි සමාජයෙන්ම ලක්‌ කෙරෙන මෙම තත්ත්වය භයානක ය. මන්දයත් මානසික පීඩනය දරුණු වීම නිසා මානසික සමබරතාව බිඳවැටී මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බැවිනි. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා කළ යුත්තේ දරුවන් මේ වැරදි කළේ කුමන හේතු නිසා දැයි සොයා බලා එම හේතු කාරකයන් නැති කර දැමීම ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් වන අප ළමයින්ට ඇහුම්කන් නොදීම ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකම් කඩවීමකට පත් වී ඇත. මේ නිසා සිදුවිය යුත්තේ දිනයේ පැය 24 න් අවම තරමේ පැය 10 ක්‌ වත් තම දරුවන්ගේ ඇසුරේ ගත කරමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් තේරුම් ගෙන ඔවුන්ට ඉතා ඕනෑකමින් සවන් දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු වන පරිදි ක්‍රියා කිරීම ය. එවිට ඔවුන්ගේ ලෝකය ලස්‌සන වන අතර, ළමා කාලය සුන්දර ළමා කාලයක්‌ බවට පත් වේ.

රසික බාලසූරිය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය