Pages

Wednesday, October 12, 2016

‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට යයි

ඉංග්‍රීසියෙන් කතාබහ කරන අතරතුර වුවද, ලාංකිකයන් විසින් පුරුද්දට මෙන් ‘අයියෝ’ යන වචනය භාවිතා කරන අයුරු බොහෝවිට ඔබ අසා ඇති.

සාමාන්‍යයෙන් නම් එය ශුද්ධ ඉංග්‍රීසි භාවිතයට සිදුකරන හානියක් ලෙස සැලකෙන නමුත්, මේ වන විට එම හානිය මැකී ගොස් අවසන් ය.

ඒ, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පසුගියදා එකතු වූ නව වචන කිහිපය අතරට ‘අයියෝ’ යන වචනයද එක්වී තිබීම හේතුවෙනි.

‘අයියෝ’ යන වචනය සිංහල භාෂාව හසුරවන්නන් මෙන්ම දකුණු ඉන්දීය ජාතිකයන් විසින් නිරන්තරයෙන්ම භාවිතා කරන්නකි.

වසර 150ක් පැරණි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට වචන 600,000ක් පමණ ඇතුළත් වේ.