Pages

Sunday, February 09, 2014

සිතිවිලි උපදින සැටි සොයා ගැනේ

මිනිස් මොළයේ පසුතැවිලි සිතුවිලි ජනිත කරවීමේ සමත් ප‍්‍රදේශය සොයාගැනීමට බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ දක්වා මිනිස් මොළය ගැන පර්යේෂණය කළ විද්‍යාඥයින්ට සොයාගත හැකිවුයේ මිනිසාගේ තීන්දු හෝ තීරණයන්හි සම්බන්ධයෙන් හොඳ නරකට මොළය බලපාන බවයි.

මුලින් අයහපත් යැයි සිතා අත්හැර දැමුණු අවස්ථාවක් හෝ තීරණයක් පසුව යහපත් බව දැක ඒ නිසා මිනිස් සිතේ උපදින පසුතැවිල්ල ජනනය වන්නේ කෙසේදැයි විද්‍යාඥයින්ට ප‍්‍රහේලිකාවක් වී තිබුණි.නව පර්යේෂණයෙන් එවන් සිතුවිලි ජනනය වන මොළයේ ප‍්‍රදේශයත් දැන් අනාවරණයව තිබේ.

පර්යේෂණය සදහා පුද්ගලයින් 25 දෙනෙක් තෝරාගනු ලැබුහ.පර්යේෂක පිරිස ඔවුන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය ඔවුන් කි‍්‍රයාකාරීව සිටින විටදී හා විවේකීව සිටින විටදී ලෙස අවස්ථා දෙකකදී පරිලෝකන යන්ත‍්‍ර ආධාරයෙන් නිරීක්ෂණය කර ඇති අතර ඒවායින් ලැබුණු දත්තයන්ගෙන් මොළයේ කි‍්‍රයාකාරී ප‍්‍රදේශ 12 ක් හදුනාගැනීමට සමත්ව තිබේ.

පසුව මෙලෙසම වඳුරන්ගේ මොළ කි‍්‍රයාකාරීත්වයත් නිරීක්ෂණය කර ඇති පර්යේෂක පිරිසට හදුනාගත හැකිවී ඇත්තේ කි‍්‍රයාකාරී ප‍්‍රදේශ 11 කි.

මිනිස් මොළයේ පිහිටන අමතර ප‍්‍රදේශය එය මොළයේ අනෙක් කොටස් කරා සම්බන්ධ වී ඇති ආකාරය දෙස බැලීමෙන් පසුතැවිල්ලේ සිතුවිලි ජනිත කරවන බව සිතිය හැකි බව පර්යේෂකයො පවසති.

මෙම නව සොයාගැනීම මානසික රෝගාබාධ වලට සිදුකෙරෙන ප‍්‍රතිකාර වලදී වැදගත් වනු ඇතැයි පර්යේෂකයෝ කියති.මොළයේ කොටස් එකිනෙක හා සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි දැන් සම්පූර්ණයෙන්ම පාහේ අනාවරණයව ඇති බැවින් එහි කි‍්‍රයාකාරීත්වයේ මෙතෙක් හෙළි කර ගැනීමට නොහැකි වූ තවත් රහස් ඉදිරියේදී අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.