Pages

Sunday, February 02, 2014

ජවිපෙ නායක අනුර කුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහ සමුළුවේ දෙවැනි සැසියේ දී තෝරා පත් කර ගැනිණි.
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළේය.
පක්ෂ සාමාජිකයෝ එය ඒකමතිකව අනුමත කළහ.1965 ජවිපෙ ආරම්භයේ සිට රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහ මහත්වරු පක්ෂයට නායකත්වය දුන්හ. 
විජේවීරගේ ඝාතනයෙන් පසුව සමන් පියසිරි සුළු කාලයක් නායකයා වී සිටියේය.1968 නොවැම්බර 24 වැනි දා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග හා ඉඩම් ඇමැති ද විය.